සියඹලා බත් - Tamarind rice
- නෙරන්ජලා ප්‍රනාන්දු විසිණි.
සියඹලා බත් / Tamarind rice / Puliyodharai..
අවශ්‍ය ද්‍රව්‍ය -
හාල් කප් 1, 1/4 - 1, 1/2
සියඹලා 70g
තල තෙල්
ලුණු
**කුළුබඩු මිශ්‍රණය සදහා -
උළුහාල් තේ හැදි 1
සුදු තල තේ හැදි 1
කොත්තමල්ලි තේ හැදි 2
වියළි මිරිස් කරල් 5
** සියඹලා මිශ්‍රණයට,
අබ තේ හැදි 1
උළුදු ඇට තේ හැදි 4
කහ පරිප්පු / කඩල පරිප්පු තේ හැදි 4
වියළි මිරිස් කරල් 4
පෙරුම්කායම් කුඩු තේ හැදි 1/2
කහ තේ හැදි 1
රෝස්ට් කල රටකජු 100g
කරපිංචා
**බතට,
කහ තේ හැදි 1/2
තල තෙල් තේ හැදි 2ක් හෝ රස අනුව
සාදන ක්‍රමය -
1. උළුහාල්, කොත්තමල්ලි, මිරිස් බැද කුඩුකර ගන්න.
2. තල වෙනමම බැද එයද උළුහාල් මිශ්‍රණයට එක්කර කුඩුකර ගන්න.
මේ මිශ්‍රණය හරිම සුවදයි.
* බැදගන්න ද්‍රව්‍ය කළු කරගන්න එපා.
කළු වුනොත් තිත්ත ගතියක් වගේ එන්න පුළුවන් ..
3. බත් බෙරි නොවෙන්න පිසගන්න.
4. සියඹලා උණුවතුර කප් 2ක පෙගෙන්න දමා යුෂ වෙන්කර ගන්න.
5. තෙල් ටිකක් ලිප තබා රත්වූ විට සියඹලා මිශ්‍රණය සදහා ඇති ද්‍රව්‍ය වලින් මිරිස් හැර අනෙක් ද්‍රව්‍ය එක්කර බැදගන්න.
6. මෙය රන්වන් පැහැයට එනවිට සියඹලා යුෂ, මිරිස් කරල් ටික, රටකජු එක්කර ගන්න. මෙය මද ගින්දරේ උතුරවා ගන්න. උකුවට ආ විට ලිපෙන් ඉවත්කර ගන්න.
7. බත් පිසගත් පසු උණුවෙන්ම කැට හැර එයට තල තෙල් හා කහ මිශ්‍රකර ගන්න.
8. බත් එක සාමාන්‍යයෙන් නිවුන පසු රස අනුව සියඹලා මිශ්‍රණය හා කුළුබඩු මිශ්‍රණය මිශ්‍රකර ගන්න.
##සියඹලා මිශ්‍රණය වැඩිපුර එක්කර ගන්නත් එපා. එතකොට කන්න අමාරුයි ගොඩක් අයට. දමිළ අයනම් ගොඩක් ඇඹුලට හදනවා මේ බත් එක.
** සියඹලා මිශ්‍රණය දින 7 - 10 ක් පමණ ශීතකරණයේ තබාගත හැක.
##තල තෙල් අකමැති අය වෙන තෙල් වර්ගයක් ගන්න. තල තෙල් දාන අය ගොඩක් දාන්න එපා. එතකොට තල තෙල් රසය අනවශ්‍ය විදියට දැනෙනවා. මටත් රස තල තෙල් නැතුව වෙන එකකින් හැදුවමයි මේ බත..
![]() By Manel Fernando Views - 40 |
![]() By Uresha Uresha Views - 27 |
![]() By Priyanthi Tissera Views - 27 |
![]() By Hasintha Madushan Views - 25 |
![]() By Janisha Bamunuarachchi Views - 51 |
![]() By Ruwanthika Madushani Views - 18760 |
![]() By Indunee Welivita Views - 16055 |
![]() By Shiki Ranasinghe Views - 16020 |
![]() By Indunee Welivita Views - 15277 |
![]() By Chathurani Priyangika Views - 11526 |