ලම්ප්රයිස් -
- නෙරන්ජලා ප්‍රනාන්දු විසිණි.
ලම්ප්රයිස් බත..
අවශ්‍ය ද්‍රව්‍ය -
කීරි සම්බා කෝප්ප 2
එළගිතෙල් හෝ මාගරින් මේස හැදි 2, 1/2
ළූනු ගෙඩි 1, 1/2 ( චොප්කර )
හාල් පිසීමට මස් ස්ටොක්
සේර කෑල්ලක්
එනසාල් කරල් 4
කරාබුනැටි 4
ලුණු රස අනුව
සාදන ක්‍රමය -
1. හාල් සෝදා වතුර පෙරාගන්න.
2. භාජනයකට තෙල් රත්කර එයට ළූනු එක්කර බැදෙන්නට හරින්න.
3. ළූනු රන්වන් පැහැයට එනවිට එයට එනසාල්, කරාබුනැටි, සේර එක්කර ටිකක් බැදෙන්නට හැර, හාල් එක්කර ගන්න.
4. හාල් ටික මිශ්‍ර කරමින් විනාඩි 3-4ක් තෙම්පරාදු කර, එයට ස්ටොක් එක්කර, ලුණු රස බලා, බත පිසගන්න.
##බත පිළිගන්වන විට එනසාල්, කරාබුනැටි ඉවත්කර ගන්න.
## ලම්ප්රයිස් කරියෙ මස් තම්බාගත් වතුර ඇත්නම් එය බත පිසීමට යොදාගන්න.
##බත බෙරි නොකර පිසගන්න
![]() By Manel Fernando Views - 40 |
![]() By Uresha Uresha Views - 27 |
![]() By Priyanthi Tissera Views - 27 |
![]() By Hasintha Madushan Views - 25 |
![]() By Janisha Bamunuarachchi Views - 51 |
![]() By Ruwanthika Madushani Views - 18760 |
![]() By Indunee Welivita Views - 16055 |
![]() By Shiki Ranasinghe Views - 16020 |
![]() By Indunee Welivita Views - 15277 |
![]() By Chathurani Priyangika Views - 11526 |