පෝක් කරිය - Pork Curry
- නෙරන්ජලා ප්‍රනාන්දු විසිණි.
පෝක් කරිය ( මගේ ක්‍රමයට ඌරුමස් ව්‍යාංජනය )..
අවශ්‍ය ද්‍රව්‍ය -
ඌරුමස් - කුඩාවට කෑලි කපා
මිරිස් තුනපහ මිශ්‍රණය ( රෙසිපි ලින්ක් එක පහතින් දාන්නම් )
අමු තුනපහ
කහ කුඩු
ගම්මිරිස් කුඩු
රතුළූනු වැඩිපුර
සුදුළූණු - අඹරා හෝ චොප්කර
ඉගුරු ස්වල්පයක් - චොප්කර
අමුමිරිස්
රම්පා
කරපිංචා
තක්කාලි
ගොරකා කෑල්ලක් විතර
ලුණු
කුරුදු කෑල්ලක්
සාදන ක්‍රමය -
1. මුලින්ම ඌරුමස් කෑලි ඇතිලියකට දමා එයට රතුළූනු , සුදුළූණු , ඉගුරු , අමුමිරිස් , රම්පා , කරපිංචා , තක්කාලි ටිකක් , අවශ්‍ය පමණට ගොරකා, කුරුදු , කහ ස්වල්පයක්, ගම්මිරිස් කුඩු ටිකක්, ලුණු දමාගන්න.
2. දැන් මිරිස් , තුනපහ කලුපාටට හොදින් බැදගන්න. කර නොවෙන්න බැදගන්න.
3. දැන් මිරිස් තුනපහ මිශ්‍රණය මස් එකට මිශ්‍රකර ගන්න.
4. තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වැඩිපුර වතුර එක්කර මද ගින්දරේ පැය දෙකක් පමණ පිසගන්න. මෙසේ පිසෙන විට ගෙටම සුවද එනවා.
පහුවෙනිදා ආහාරයට ගන්නවානම් හොද්ද තියෙන්න ඕනා ටිකක් පැය දෙකකට පසුවත් . පහුවෙනිදා නැවත ලිපේ තබා උකු ගතියට පිසගන්න.
එදාම ආහාරයට ගන්නවා නම් හොද්ද උකුවට එනතුරුම පිසගන්න.
* ඌරුමස් ව්‍යාංජනයක් රසවත් වෙන්න අනිවාර්යයෙන්ම මස්වල තෙලෙන්ම මස් ටික පිසෙන්නට අවශ්‍යයි.
* අනිවාර්යයෙන්ම මේ ව්‍යාංජනය පැය දෙකකට වඩා මද ගින්නේ පිසීමේන් ගොඩාක් රසවත්ව සකසාගන්න පුළුවන්..
* මමනම් රෑ හදලා ෆ්‍රිජ් එකට දානවා. කැමති නම් එළියෙ වුනත් තියන්න පුළුවන්.
![]() By Manel Fernando Views - 40 |
![]() By Uresha Uresha Views - 27 |
![]() By Priyanthi Tissera Views - 27 |
![]() By Hasintha Madushan Views - 25 |
![]() By Janisha Bamunuarachchi Views - 52 |
![]() By Ruwanthika Madushani Views - 18760 |
![]() By Indunee Welivita Views - 16055 |
![]() By Shiki Ranasinghe Views - 16020 |
![]() By Indunee Welivita Views - 15277 |
![]() By Chathurani Priyangika Views - 11526 |