katatarasata.com

 

 

මුරුංගා එළුමස් කරිය - Drumstick Mutton Curry

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



මුරුංගා සහ එළු මස් කරිය **

අවශ්‍ය ද්‍රව්‍ය -

මුරුංගා මධ්‍යම ප්‍රමාණයෙන් කරල් 2

එළු මස් 500g

සූදුරු තේ හැදි 1/4

තක්කාලි කෝප්ප 1

ඉගුරු සුදුළූණු පේස්ට් තේ හැදි 1

ගරම් මසාලා තේ හැදි 1

මිරිස් කුඩු - රස අනුව

කොත්තමල්ලි කුඩු තේ හැදි 3/4 - 1

වියළි පොල් කබලේ කලු වෙන්න බැද කුඩු කර මේස හැදි 1

කහ තේ හැදි 1/4

තෙල් මේස හැදි 2

ලුණු රස අනුව

කොත්තමල්ලි කොළ ටිකක්

සාදන ක්‍රමය -

1. මස් අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ලුණු , ගම්මිරිස් ටිකක් ( අවශ්‍යනම් ) දමා වතුර එකතුකර මස් 70% ක් පමණ ප්‍රමාණයට වතුර ටිකකුත් තිබෙන ලෙස තම්බා ගන්න.

2. තෙල් ටිකක් රත්කර එයට සූදුරු දමා පුපුරන විට එයට ළූනු දමා රන්වන් පාටට බැදෙන්නට හරින්න.

3. එයට කහ, ඉගුරු සුදුළූණු පේස්ට් දමා හොදින් මිශ්‍රකර ඉගුරු සුදුළූණු වල අමු සුවද නැති වනතුරු පිසගන්න.

4. බැදෙන සුවද එනවිට එයට මුරුංගා කැබලි, මිරිස් කුඩු, තක්කාලි හා කොත්තමල්ලි කුඩු එක්කර හොදින් මිශ්‍රකර භාජනය වසා සාමාන්‍ය ගින්දරේ විනාඩි 3-4ක් පිසගන්න.

5. දැන් මෙයට කුඩු කල පොල් එක්කර ගන්න.

පොල් ටික දමා තක්කාලි හොදින් පොඩිවන ලෙස මිශ්‍රකර ගන්න.

6. එයට මස් හා එහි තැම්බුන වතුර ටික හොදින් මිශ්‍රකර විනාඩි 10ක් පමණ වසා පිසගන්න.

තක්කාලි කෑලි ගතිය නැතිවී උකු හොද්දක්, ග්‍රේවි එකක් තිබෙන ලෙස කරිය පිසගන්න.

7. අවසානයේ ගරම් මසාලා කුඩු හා කොත්තමල්ලි කොළ එක්කර මිශ්‍රකර ගන්න.

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 40
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 27
පාන්
By Priyanthi Tissera
Views - 27
පාන්
By Hasintha Madushan
Views - 25
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 51
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18760
පෑන් කේක්
By Indunee Welivita
Views - 16055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16020
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15277
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11526
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'