katatarasata.com

 

 

ස්ටොක් වර්ග - Stocks

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



ස්ටොක් වර්ග / Stock ..

ස්ටොක් වර්ග හදන්න ඉගෙන ගන්න කලින් කියවමු මේකත් 😊

සරලව ස්ටොක් එකක් කියලා අපි හදුන්වන්නෙ වතුරෙ දිය වීමට හැකි පෝෂ්‍ය පදාර්ථ හා රසයන්ගෙන් යුක්ත වූ දියරයක්. මෙයට තවත් හැදින්වීම් තිබෙන්නට පුළුවන්. ස්ටොක් එකක් සෑදීමේදී ප්‍රධාන ලෙස මස්කටු දීර්ඝ කාලයක් පිසීමත්, මාළු හා එළවළු සාමාන්‍ය වේලාවක් පිසීමත් මගින් රසවත් ස්ටොක් සාරයක් ලබාගනී.

ස්ටොක් එකක් යනු සෝස් වර්ග හා බොහෝ ආහාර වල මූලික අඩිතාලමයි. මේ ආහාර වල රසය ප්‍රධානව රදා පවතින්නේ මේ ස්ටොක් එකේ රසය මතයි. එමනිසා ස්ටොක් එකක් සෑදීමේදී සෑම විටම ඉතා උනන්දුවෙන්, උවමනාවෙන් එය පිස ගැනීම අත්‍යාවශ්‍යම දෙයක්.

ස්ටොක් වර්ග වල වර්ණය අනුවත් එය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.

(i). සුදුපාට ස්ටොක් වර්ග / White stock .

(ii). දුඹුරු පාට ස්ටොක් වර්ග / Brown stock .

මේ වර්ග දෙකත් සාදන අමුද්‍රව්‍ය අනුව මෙසේ කොටස් කර හැදින්විය හැක.

(i). සුදුපාට ස්ටොක් / White stock .

* සුදුපාට චිකන් ( කුකුල්මස් ) ස්ටොක් / White chicken stock.

* සුදුපාට බීෆ් ( හරක්මස් )ස්ටොක් / White beef stock.

* සුදුපාට මට්න් ( එළුමස් ) ස්ටොක් / White mutton stock.

* සුදුපාට වෙජිටබල් ( එළවළු ) ස්ටොක් / White vegetable stock.

* සුදුපාට ෆිෂ් ( මාළු ) ස්ටොක් / White fish stock.

(ii). දුඹුරු පාට ස්ටොක් / Brown stock .

* දුඹුරු පාට චිකන් ( කුකුල්මස් ) ස්ටොක් / Brown chicken stock.

* දුඹුරු පාට බීෆ් ( හරක්මස් ) ස්ටොක් / Brown beef stock.

* දුඹුරු පාට මට්න් ( එළුමස් ) ස්ටොක් / Brown mutton stock.

* දුඹුරු පාට වෙජිටබල් ( එළවළු ) ස්ටොක් / Brown vegetable stock.

* දුඹුරු පාට ෆිෂ් ( මාළු ) ස්ටොක් / Brown fish stock.

** මෙයිට අමතරව මස් වර්ග , මුහුදු ආහාර වර්ග යොදා ගනිමින් ස්ටොක් වර්ග සාදාගත හැක.

##මෙහිදී සුදුපාට ස්ටොක් හා දුඹුරු පාට ස්ටොක් සාදන ක්‍රමය අනුව සුළු වෙනසක් ඇත. එය ප්‍රධානව බලපාන්නෙ දුඹුරු පාට ස්ටොක් සදහායි. ඒ මෙසේයි.

* සුදුපාට ස්ටොක් සාදන විට, මස්, මාළු හා එළවළු එහි ස්වභාවයෙන්ම භාවිතා කල හැක. අවශ්‍යනම් එළවළු, මාළු බටර් / තෙල් ස්වල්පයක වර්ණ වෙනස් නොවන ලෙස තෙම්පරාදු කර ගත හැක. කිසිම අමුද්‍රව්‍යයක් දුඹුරු පැහැ වන්නට තෙම්පරාදු නොකල යුතුයි. එවිට රසවත් සුදුපාට ස්ටොක් සාරයක් ලබාගත හැක. මෙය සෑම සුදුපාට ස්ටොක් / White stock එකකටම පොදු ක්‍රමයයි.

* දුඹුරු පාට ස්ටොක් සාදන විට, සෑම විටම යොදාගන්න සියලුම මස්, මාළු හා එළවළු වර්ග දුඹුරු පැහැයක් වන්නට මුලින්ම රෝස්ට් කරගත යුතුයි. පසුව එම ද්‍රව්‍ය හා රෝස්ට් කල භාජනයේ රැදෙන ද්‍රව්‍ය ( වතුර ස්වල්පයක දියකර ගෙන) එක්කර ස්ටොක් එක සාදාගනී. මෙයින් ස්ටොක් එකට දුඹුරු පැහැයක් ලැබේ. එමනිසා තමා මෙය දුඹුරු පැහැ ස්ටොක් / Brown stock ලෙස හදුන්වන්නෙ. මෙය සෑම දුඹුරු පාට ස්ටොක් එකක් සෑදීමේදීම භාවිතා වන පොදු ක්‍රමයයි.

#ස්ටොක් එකක් සෑදීමේදී සැලකිලිමත් වියයුතු පොදු කරුණු,

* සෑම විටම ස්ටොක් සදහා මස් වර්ග යොදාගන්න විට මස් කටු යොදාගන්න. ස්ටොක් සදහා භාවිතා කරන්නේ කටු කොටස්ය. වැඩි වේලාවක් පිසෙන මස් කටු මගින් ස්ටොක් එකට උපරිම රසයක් ලබාදෙයි. ( මස් යොදාගන්නේ බ්‍රොත් / Broth සෑදීමේදීය. )

* නිතරම ස්ටොක් සදහා අලුත් එළවළු භාවිතා කරන්න. එයින් හොද රසයක් ස්ටොක් එකට ලබාගත හැක.

* කපාගන්න එළවළු ඉතාමත් කුඩාවට නැතුව සෑම විටම තරමක කෑලි කපාගන්න.

* ස්ටොක් වලට ලුණු එක් කිරීමේදී ලුණු රසය ගැන සැලකිලිමත් වෙන්න. සමහර ස්ටොක් සෑදීමේදී ලුණු එක්කර නොගන්න අවස්ථාද ඇත.

* මස් කටු යොදා සුදුපාට ස්ටොක් / white stock සෑදීමේදී කුකුල්මස් කටු හා ඒ ආශ්‍රිත සතුන්ගේ කටු ( කුකුල් විශේෂ ) හැර අනෙක් සියලුම වර්ග වල මස් කටු එක් වරක් තැම්බීමට හැර, එය උතුරන විට ලිපෙන් ඉවත්කර, අලුත් වතුරෙන් හොදින් සෝදා, නැවත අලුත් වතුරෙන් තැම්බීමට තබා එයින් ස්ටොක් එක සාදාගන්න. මෙය කුකුල් කටු සදහා කිරීම අවශ්‍ය නැත.

( මේ ගැන විස්තර ස්ටොක් රෙසිපි වල සදහන් කරන්නම් )

* සෑම විටම ස්ටොක් එකක් පිසෙන විට අඩු ගින්දරේ පිසගන්න.

* ස්ටොක් එක උතුරන්න නොදී බුබුළු දමමින් අඩු ගින්දරේ ( Simmer ) පිසගන්න. මෙසේ පිසීමෙන් අමුද්‍රව්‍ය වල රසය හොදින් දියරයට එක්වීම සිදුවේ.

* ස්ටොක් එක පිසෙන විට හැදිගෑමෙන්, මිශ්‍රකිරීමෙන් වළකින්න. හැදිගෑම , මිශ්‍ර කිරීම අවශ්‍යම නැත.

* ස්ටොක් එක උතුරන විට ස්ටොක් එකේ උඩට මතුවන පෙණ හා තෙල් / Scum හැන්දක් මගින් හොදින් ඉවත්කර ගන්න. මෙයින් පැහැදිලි ස්ටොක් දියරයක් ලබාගත හැක.

* අවසානයේ ස්ටොක් එක පෙරා ගන්නා විට එළවළු ආදිය පොඩි නොකර, ස්ටොක් දියරය පැහැදිලි ලෙස පෙරාගන්න.

* ස්ටොක් එකක් රස ගැන්වීමට බොකේ ගානි / Bouquet- garni භාවිතා කරන්න. එයින් හොද රසයක් ස්ටොක් එකට ලබාගත හැක.

( බොකේගානි / Bouquet - garni හදාගන්න ආකාරය සදහන් ලින්ක් එක පහත දමා ඇත )

##ස්ටොක් සදහා යොදාගත හැකි එළවළු හා හර්බ්ස් වර්ග ..

* බී ළූනු

* කැරට්

* සැල්දිරි කද

( මිරපුවා - ළූනු කොටස් 2 : කැරට් කොටස් 1 : සැල්දිරි කොටස් 1. ( මිරපුවා ගැන සදහන් පෝස්ට් ලින්ක් එක පහත දමා ඇත ) )

* පාස්ලි

* ගෝවා වර්ග

* ලීක්ස් සුදුපාට කද

* ෆෙනෙල් අල ( මහදුරු අල )

* බේ ලීව්ස්

* තයිම්

* බිම්මල්

**බොකේගානි ..

#රස කාරක හා කුළුබඩු ,

* ගම්මිරිස්

* ලුණු

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 40
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 27
පාන්
By Priyanthi Tissera
Views - 27
පාන්
By Hasintha Madushan
Views - 25
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 52
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18760
පෑන් කේක්
By Indunee Welivita
Views - 16055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16020
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15277
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11526
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'