katatarasata.com

 

 

කටට රසට හර්බ්ස් ගාඩ්න් -

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



කටට රසට හර්බ්ස් ගාඩ්න් .. 🌱🌿🍀🍃

# 1 වන හර්බ්ස් වර්ග හදුනා ගැනීමේ පාඩම ...

🙂 1. කොත්තමල්ලි කොළ හෝ චයිනීස් පාස්ලි / Coriander, Cilantro or Chinese parsley..

* පාස්ලි පවුලට අයත් ශාකයකි.

* මෙය ඉංදියන්, පකිස්තාන් වැනි දකුණු ආසියානු ආහාර රස ගැන්වීමට හා සැරසීමට (ගානිශ් කිරීම) බොහෝ ලෙස යොදාගනී. උදා:- චට්නි, සැලඩ්, බිරියානි ආදිය..

* චයිනීස් ආහාර වලටද යොදාගනී.

* සලාද වර්ග සැකසීමේදී යොදාගත හැක.

* කොත්තමල්ලි මුල් තායි රෙසිපි වල සුප් වර්ග හා කරි පේස්ට් සදහා බහුලව යොදා ගනී.

* පොදුවේ බැලූ විට අරාබි රටවල, ඉංදියාව ඇතුළු දකුණු ආසියානු රටවල, මැක්සිකෝවේ, ලතින් ඇමරිකාවේ, චීනයේ, නිරිතදිග ආසියානු රටවල ඇතුළු ලෝකයේ බොහෝ රටවල ආහාර සැකසීමේදී යොදාගන්න පැළෑටියකි.

*** බොහෝ විට කොත්තමල්ලි රසය කුකුල් මස්, මාළු වර්ග, අයිස්ක්‍රීම්, බැටළු මස්, පරිප්පු වර්ග, මයෝනිස්, මිරිස් වර්ග, ඌරු මස්, බත්, සැලඩ්, සල්සා, බෙල්ලො වැනි මාළු වර්ග, තක්කාලි, යෝගට්, අලිගැටපේර සමග හොදින් ගැලපේ..

( කොත්තමල්ලි කොළ වල ෆොටෝ දමා ඇත )

********************

🙂 2. පාස්ලි / Parsley

(i) ඉතාලියානු පැතලි පාස්ලි / Italian flat parsley

(ii) කැරලි පාස්ලි / Curly parsley

* ඉතාලි ( විශේෂයෙන්ම ), අරාබි රටවල, යුරෝපීය රටවල, බ්‍රසීලයේ, ඇමරිකාවේ ආහාර වලට ගනී.

* ඉතාලි සලාද වල ප්‍රධාන දෙයකි. සලාද ලෙස හෝ සැලඩ් ඩ්‍රසින් එකක් ලෙස යොදාගනී.

* බොකේ ගානි ( bouquet garni ) එක සෑදීමේදී යොදාගන්න ප්‍රධාන දෙයකි. ( බොකේ ගානි එක ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්)

* ස්මූති සදහාද යොදාගනී.

* වැඩිපුර ගානිශ් කිරීමට යොදාගනී.

* පාස්ලි තේ සාදා ගනී.

* පාස්ලි මුල්ද සුප් වර්ග, ස්ටොක් වර්ග ආදියට යොදාගන්න අවස්ථා ඇත.

* පැස්තා ඩ්‍රසින් සදහා, පැස්තා සැලඩ් සදහා යොදාගනී.

*** පාස්ලි ස්ටොක් සදහා, සුප් සදහා, සෝස් වර්ග සදහා, කොළ පාට සැලඩ් වර්ග සදහා, ඔලිව් යොදාගන්න සැලඩ් වර්ග සදහා, ඕපන් සැන්ඩ්විච් සදහා, පේස්ට්‍රි සදහා, එළවළු වර්ග සදහා, මස් ස්ටූ වර්ග සදහා, කැසරෝල් සදහා, එළවළු ස්ටූ සදහා, බත් වර්ග සදහා, මාළු, බැදපු කුකුල් මස්, බැටළු මස් සදහා, ස්ටීක් (steaks) සදහා විවිධ අයුරින් යොදාගනී.

*** එංගලන්තයේ පාස්ලි සෝස් මාළු සදහා යොදාගනී.

*** බ්‍රසීලයේ මස්, කුකුල් මස්, මාළු, බත්, බෝංචි, ස්ටූ වර්ග, සුප් වර්ග, එළවළු වර්ග, සැලඩ් වර්ග, සෝස් වර්ග, ස්ටොක් වර්ග සදහා විවිධ අයුරින් යොදාගනී.

( පාස්ලි වර්ග දෙකේම ෆොටෝ දමා ඇත )

********************

###

🙂 කොත්තමල්ලි කොළ හා පැතලි පාස්ලි වල වෙනස රූප සටහන් මගින් දක්වා ඇත..

********************

🙂 3. මින්චි / Mint

* ලෝකය පුරාම වගේ භාවිතා කරන පැළෑටියකි.

* කොළ කිහිපයක් උණු වතුරට දමා තබා මින්ට් තේ සාදා ගත හැක. උණුවෙන් හෝ ශීතකර භාවිතා කල හැක.

* සැලඩ් වලට යෙදිය හැක.

* දකුණු ආසියාවේ බොහෝ ආහාර වලට යොදාගනී. උදා:- බිරියානි වර්ග, කරි වර්ග, මින්චි සම්බෝල වනි දේවල්.

* සෝස් වර්ග සදහා නැවුම් කොළ ලෙස හෝ වියළි කොළ ලෙස යොදාගනී.

* අරාබි රටවල බැටළු මස් සහිත ආහාර වලට යොදාගනී.

* බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ආහාර වල මින්චි සෝස් හා මින්චි ජෙලි භාවිතා කරයි.

* කොක්ටේල් වර්ග වලට යොදාගනී.

* චොකලට්, ටොෆී වර්ග සදහාද යොදාගනී.

( මින්චි කොළ වල ෆොටෝ දමා ඇත )

********************

🙂 4. බේ කොළ / Bay leaves

* මෙය විශේෂිත වූ බෙහෙත් වර්ගයකි.

* තද කොළ පාට අමු කොළ හා වියළි කොළ ආහාර සදහා යොදාගනී.

*** බොකේ ගානි ( bouquet garni ) එකටද යොදාගනී.

*** බේ කොළ මුහුදු ආහාර, කුකුල් මස් වර්ග වලට අයත් මස් වර්ග සදහා, වෙනත් මස්, බත් වර්ග, එළවළු ආහාර, සුප්, ස්ටූ, සෝස් වර්ග සදහා යොදාගනී. මේවා ආහාරය පිළිගැන්වීමට පෙර ඉවත් කරයි.

*** පැණිරස ආහාර වන පැණිරස පාන්, කස්ටඩ්, ක්‍රීම් වර්ග සදහාද රසය සදහා එක්කරයි.

( බේ ලීව්ස් වල ෆොටෝ දමා ඇත )

********************

🙂 5. රෝස්මරි / Rosemary

* නැවුම් ලෙස හෝ වියළි ලෙස ආහාර සදහා යොදාගනී.

* හර්බල් තේ සාදාගත හැක.

* මස් හා එළවළු වර්ග බේක් කරන විට බාබක්‍යු කරන විට එක්කරගත හැක.

* මාළු වර්ග සදහාද යොදාගනී. ස්ටීම් කිරීමේදීද යොදාගනී.

* ඉතාලියානු ෆොකාසියා (foccacia ), තක්කාලි සෝස්, පීසා, ඌරු මස්, සුප් වර්ග, බතල මිශ්‍ර එළවළු බේක් කිරීමට, කුකුල් මස්, අල, සුකිනි, කඩල සදහාද යොදාගනී.

* ඉතාලියානු අල සැලඩ් වලටද, තක්කාලි සැලඩ් වලටද, පාන් හා පැස්තා වර්ග වලටද යොදාගනී.

* රසය වැඩිනිසා ස්වල්ප වශයෙන් යොදාගනී.

( රෝස්මරි වල ෆොටෝ දමා ඇත )

## මෙහි සදහන් කර ඇත්තේ එක් එක් හර්බ්ස් වර්ගයන් ආහාරයට යොදාගත හැකි විවිධ ක්‍රමවල තොරතුරු ස්වල්පයක් පමණි. ඉදිරියට ලැබෙන අලුත් තොරතුරු මෙයටම එක්කිරීම සිදුකරනු ලබයි.

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 40
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 27
පාන්
By Priyanthi Tissera
Views - 27
පාන්
By Hasintha Madushan
Views - 25
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 52
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18760
පෑන් කේක්
By Indunee Welivita
Views - 16055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16020
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15277
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11527
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'