කටට රසට හර්බ්ස් ගාඩ්න් 2 -
- නෙරන්ජලා ප්‍රනාන්දු විසිණි.
කටට රසට හර්බ්ස් ගාඩ්න්
# 2වන හර්බ්ස් වර්ග හදුනා ගැනීමේ පාඩම ..
1. සේර / Lemon grass
* දකුණු ආසියාවේ හා විශේෂයෙන් ඉංදියාවෙ ආහාර සදහාද ඖෂධයක් ලෙසද යොදා ගනී.
* අමුවෙන්, වියළිව හා පිටි ලෙස යොදාගනී.
* කුකුල් මස් හා ඒ ආශ්රිත මස් වර්ග, මාළු, හරක් මස්, මුහුදු ආහාර සදහා යෝග්‍යවේ.
* සමහර අප්‍රිකානු රටවල, ලතින් ඇමරිකාවේ, මෙක්සිකෝවේ තේ එකක් ලෙස යොදාගනී.
* සුප් සදහා යොදාගනී.
* තායි, මැලේසියන් ආහාර සදහා බහුලව යොදාගනී.
* බීම වර්ග සදහාද යොදාගනී.
* ආහාර පදම් කිරීමේදී, තෙම්පරාදු කිරීමේදී, සලාද සදහා, කුළුබඩු ආහාරයක් සදහා තවරා තැබීමේදී හා කරි පේස්ට් සදහා යොදාගනී.
* අතුරුපස වර්ග රස ගැන්වීමටද යොදාගනී.
* සේර තේ සදහා -
සේර අමුවෙන් හෝ වියළි තේ හැන්දක් උණු වතුර කප් එකකට දමා විනාඩි 10ක් තබා ගන්න. රස අනුව සීනි මිශ්‍රකර ගන්න.
සේර මිශ්‍ර තේ පැකට් වෙළෙඳපොළේ විකිණීමටද ඇත.
( සේර වල ෆොටෝ දමා ඇත. )
2. ඔරිගානෝ / Oregano
* නැවුම් හෝ වියළි ලෙස යොදාගනී.
* ඉතාලි හා ඇමරිකානු ආහාර සදහා වැඩි වශයෙන් යොදාගනී.
* රෝස්ට් කරන, ග්‍රිල් කරන එළවළු, මස්, මාළු පදම් කිරීමේදී යොදාගනී.
* තුර්කි ආහාර වලදී මස්, එළුමස්, බැටළු මස් සදහා විශේෂයෙන් යොදාගනී.
* බාබක්‍යු, කෙබාබ් රස ගන්වන්නට යොදාගනී.
* වියළි කොළ ග්‍රීසියේ ග්‍රීක් සැලඩ් සදහා යොදා ගන්නා අතර මස්, මාළු හා කැසරෝල් සදහා යොදාගනී. ( සෝස් සදහා )
* ඉතාලි හා ස්පාඤ්ඤ ආහාර සදහාද බහුල ලෙස යොදාගනී.
* ඖෂධීය ශාකයකි.
* බත් වර්ග හා තක්කාලි අඩංගු ආහාර , බිත්තර අඩංගු ආහාර සදහාද යොදාගනී.
* පීසා , පාස්තා සෝස් සදහා යොදාගනී.
* මැක්සිකානු මස් ස්ටූ සදහා යොදාගනී.
* ස්වල්ප වශයෙන් ස්ටීම් කරන මුහුදු ආහාර සදහාද විශේෂයෙන් බෙල්ලො වර්ග සදහාද යොදාගනී.
* මැරිනේටඩ් සෝස් වර්ග සදහා යොදාගනී. ( කුකුල් මස්, බැටළු මස්, හරක් මස් )
* ස්ටොක් සෑදීමේදී බොකේ ගානි එකට එක්කර ගත හැක.
( ඔරිගානෝ වල ෆොටෝ දමා ඇත. )
3. බැසිල් / Basil
(i) ස්වීට් බැසිල් /Sweet basil
(ii) තායි බැසිල් / Thai basil
* පැස්තා , පීසා, සලාද වර්ග සදහා ( සුළු වශයෙන් රස ගැන්වීමට ) යොදාගනී.
* මුහුදු ආහාර වර්ග සදහා යොදාගනී.
* මුහුදු ආහාර සදහා වන සෝස් වර්ග සදහා යොදාගනී.
* එළවළු සුප් සදහා යොදාගනී.
* සෝබේට් වැනි විවිධ ශීතකරණ අතුරුපස වර්ග සදහාද යොදාගනී.
* ස්වීට් බැසිල් වල බීජ ෆලූඩා , බීම වර්ග, අතුරුපස වර්ග සදහා යොදාගනු ලබන කස කසා ඇට වර්ගයයි.
* කොක්ටේල් සදහා යොදාගනී.
* ඉතාලි pesto සෝස් සදහා නැතුවම බැරි දෙයකි.
( බැසිල් වර්ග දෙකේ ෆොටෝ දමා ඇත. )
4. තයිම් / Thyme
* ප්‍රසිද්ධ හා එදිනෙදා වැඩිපුර භාවිතා වන තයිම් වර්ග ඉතාලි වර්ගවේ.
* තයිම් වර්ග 300ක් පමණ ඇතිබව සදහන්වේ.
* කැලෑ තයිම් වර්ගද ඇත. ( Wild thyme )
* නැවුම් හෝ වියළි ලෙස යොදාගනී.
* ආහාර අනුව කොළ පමණක් සූරා හෝ කොළ හා නටු දෙකම ලෙස යොදාගනී.
* එළවළු, තක්කාලි හා බේක් කල අල යන ආහාර සමග හොදින් ගැලපේ.
* රෝස්ට් කරන, ග්‍රිල් කරන මස් වර්ග සදහා සේජ් හා රෝස්මරි යන හර්බ්ස් වර්ග සමග යෙදීමෙන් මස් රසවත් කරගත හැක.
ඒ සදහා මස් පැය කිහිපයකට පෙර පදම් කරගත හැක.
* ස්ටොක්, සුප් හා ස්ටූ ( stew ) සදහා යොදාගනී.
* බොකේ ගානි සදහාද යොදාගනී.
* ඉතාලි ආහාර වල යොදාගන්නා ප්‍රධාන හර්බ්ස් වර්ගයකි.
* දකුණු ඉතාලියේ පාස්තා සෝස් සදහා අනිවාර්යයෙන්ම යොදාගනී.
( තයිම් වල ෆොටෝ දමා ඇත. )
5. චායිව්ස් / Chives
* සුදුළූණු, ළූනු හා ලීක්ස් පවුලේ ශාකයකි.
* ග්‍රීන් සැලඩ් වලට ගානිශ් එකක් ලෙස යොදාගනී.
* ග්‍රිල් කල මාළු, බේක් කල අල උඩින් ඉසීමට යොදාගනී.
* කොළ කුඩාවට කපා ආහාර සදහා යොදාගනී.
* ඩෙවල් හෝ ස්ක්රම්බල් එග්, බටර්, විනාකිරි, සෝස් වර්ග, එළවළු වර්ග වලට චොප්කර එක්කල හැක.
* ළූනු වල සුවද, ළූනු සුදුළූණු වල රසය ගනී.
* අල, බිත්තර, චීස් හා සවර් ක්‍රීම් සමග යෙදිය හැක.
* ඖෂධීය ගුණයෙන් ඉතා ඉහල හර්බ්ස් වර්ගයකි.
* පෝෂණ පදාර්ථ බහුල ශාකයකි.
* අවුරුදු සිය ගානකට පෙර ඊජිප්තුවේ වැසියන් අනාගතය පැවසීමට යොදා ගන්නා ලද අතර දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් ලෙස සලකන තරමට ගැනුනු ශාකයකි.
* චීනය, සයිබීරියාව හා ග්‍රීසිය යන රටවල සිට ව්‍යාප්ත වූ බව පැවසේ.
![]() By Manel Fernando Views - 40 |
![]() By Uresha Uresha Views - 27 |
![]() By Priyanthi Tissera Views - 27 |
![]() By Hasintha Madushan Views - 25 |
![]() By Janisha Bamunuarachchi Views - 52 |
![]() By Ruwanthika Madushani Views - 18760 |
![]() By Indunee Welivita Views - 16055 |
![]() By Shiki Ranasinghe Views - 16020 |
![]() By Indunee Welivita Views - 15277 |
![]() By Chathurani Priyangika Views - 11526 |