katatarasata.com

 

 

සුදු පොල්තෙල් හා සාමාන්‍ය පොල්තෙල් ගෙදර හදමු -

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



සුදු පොල්තෙල් හා සාමාන්‍ය පොල්තෙල් ..

මම පොල්තෙල් හින්දගත්ත තෙල් බෝතල් 3ක ෆොටෝ දාලා තියෙනවා.

(1). සුදු පොල්තෙල්

(2). යන්තමින් කහපාට වූ රන්වන් පාට පොල්තෙල් ( තෙල් කැකෑරෙන්නට පෙර ගත් )

(3). සාමාන්‍ය පොල්තෙල්.

මේ පොල්තෙල් වලින් (1) හා (2) පොල්තෙල් සාදාගන්න විට බොහෝ කල්පනාවෙන් තෙල්ටික තද පැහැය නොගන්න ඉවත්කර ගන්න ඕනා. මේ තෙල් වර්ග දෙකම අපිට සුදු පොල්තෙල් යොදාගන්න දේවල් සඳහා යොදාගන්න පුළුවන්. සාමාන්‍ය පොල්තෙල් වලට වඩා උෂ්ණත්වයේ රත් නොවීමයි මේ තෙල් වල විශේෂත්වය. බ්ලීච් කල සාමාන්‍ය පොල්තෙල් දැන් වෙළෙඳපොළේ ඇති නිසා සුදු පොල්තෙල් ගන්නාවිට හොඳට තෝරා ගත යුතුයි. කැමති අයට පිරිසිදුව නිවසේ සාදාගන්නත් පුළුවන්.

සුදු පොල්තෙල් බොහෝවිට යොදාගන්නෙ,

* ආහාර සෑදීම සඳහා,

* රූපලාවණ්‍ය කටයුතු සඳහා,

* රූපලාවණ්‍ය නිෂ්පාදන ( ආලේපන ) නිපදවීම සඳහා,

* සිරුරේ හෝ හිසේ ගැල්වීම සඳහා,

ආදියටයි. වෙළෙඳපොළේ සාමාන්‍ය පොල්තෙල් වලට වඩා මිලෙන්ද වැඩියි.

සුදු පොල්තෙල් හදන්නෙත් අපි සාමාන්‍යයෙන් පොල්තෙල් හිදින ක්‍රමයකටම තමා. හැබැයි අපි සුදු පොල්තෙල් හදනකොට අනික් තෙල් හිදිනවට වඩා පරිස්සමින් කරගන්න ඕනා. කොහොමත් අපි පොල්තෙල් හිදින්න ගන්න පොල් අනිවාර්යයෙන්ම හොඳට පැසුණු පොල් වෙන්නම ඕනා. සාමාන්‍යයෙන් අපි පොල්තෙල් හිදින ක්‍රම කිහිපයක් තියෙනවා.

(1). පොල් වේලලා, කෑලි කපලා, මෝලෙන් හින්දගෙන එනවා. ( පැසුණු, අමු හා වේලුන පොල්, මේ සඳහා වේලන්න ගන්නවා )

(2). පොල් ගාලා, කිරි මිරිකලා, ඒ කිරි ලිපේ තියලා ගෙදර තෙල් හින්දවීම. ( පැසුණු, අමු සහ වේලුන පොල් මේ සඳහා ගන්නවා )

(3). පොල් ගාලා, පොල් ටික පොල් වතුරෙන් තම්බලා, ඒකෙන් ගන්න කිරි වලින් ( වංගෙඩියක දාලා කොටලා කිරි අරගෙන ) තෙල් හින්දවීම. ( පැසුණු, අමු සහ වේලුන පොල් මේ සඳහා ගන්නවා )

⭐⭐

දැන් මේ ක්‍රම වලින් දෙවෙනි ක්‍රමයට තමා අපි අද ගෙදරදි සුදු පොල්තෙල් හින්දගන්න යන්නෙ. එහෙනම් වැඩේ පටන් ගමු 😊

(1). මුලින්ම හොඳින් පැසුණු අමුත් නැති කරවෙන්න වේලුනෙත් නැති පොල් ගෙඩි 3ක් අරගෙන ගාගන්න. කුරුට්ට ගාගන්න එපා කටුවට යනකම්. එතකොට කිරි මිරිකන වෙලාවට දුඹුරු පාටක් කිරි වලට එකතු වෙනවා.

(2). දැන් ගාගත් පොල්,

(i). පළමුව වතුර කප් 3ක් දාලා හොඳට බ්ලෙන්ඩර් කරලා අරගෙන කිරි මිරිකලා ගන්න.

(ii). දෙවෙනි පාරටත් වතුර කප් 3ක් දාලා හොඳට බ්ලෙන්ඩර් කරලා අරගෙන කිරි මිරිකලා ගන්න.

(iii). තුන්වෙනි පාරටත් මුල් විදියටම පොල් බ්ලෙන්ඩර් කරලා කිරි ගන්න. අඩු වතුරෙන්.

** මෙහිදී පුළුවන් තරම් වතුර එකතු කරන ප්‍රමාණය අඩු කරන්න.

** මේ වතුර ප්‍රමාණය මදිනම් පුළුවන් තරම් වතුර අඩුවෙන් ගන්න.

(3). දැන් කිරි වර්ග තුනම එකට දමා තෙල් හින්දවා ගන්න. මෙහිදී ක්‍රම දෙකකට කරන්න පුළුවන්.

(i). මේ ලබාගත් කිරි මේ විදියටම භාජනයකට දාලා උණු කිරීම.

(ii). නැත්නම් කිරි ෆ්‍රිජ් එකේ ( රැයක් හෝ දවසක් ) හෝ වෙනමම තබා, උඩට එකතුවන කිරි ප්‍රමාණය යටට යන වතුර ප්‍රමාණයෙන් පරිස්සමින් වෙන්කර ඒ කිරි උණු කිරීම.

** කිරි පෙරණ විට අඩියට එන දුඹුරු පාට ටික ගන්න එපා. කුරුට්ටෙ පාට.

(4). මුලින්ම ඉහත ඕනෑම ක්‍රමයකට ගත් කිරි ( අංක 3 සඳහන් ) අඩිය ඝනකම් භාජනයකට (Heavy bottom pan ) දමා, වැඩි ගින්දරේ තැම්බෙන්න හරින්න.

(5). කිරි ප්‍රමාණය උතුරන විට, ලී පත්තක්/ පොල්කටු හැන්දක් ගෙන මිශ්‍රණය ටිකක් කලවම්කර ගන්න. මේ වෙලාවෙ කිරි කැටි ගතියක් හැදිලා තියෙනවා.

** තෙල් හින්දන විට මිශ්‍රණය දිගටම හැඳි ගාන්නෙ නෑ. මිශ්‍රණය ඒ විදියටම පිසෙන්නට හරිනවා. විනාඩි 20කට සැරයක් වගේ තමා වටේට එකතු වන කොටස් කලවම්කර ගන්නෙ.

(6). හැඳි ගෑමෙන් පසු ලී පත්ත භාජනයේ උඩින් හරහට තබාගන්න. එවිට කිරි මිශ්‍රණය උතුරාගෙන එනවිට හැන්දෙ වැදී ඉතිරීම නවතිනවා. පිටතට උතුරා යන්නෙ නෑ.

(7). දැන් ලිපේ ගින්දර සාමාන්‍ය ගානට තබා කිරි මිශ්‍රණය පිසෙන්නට හරින්න. වතුර වැඩිපුර එක්කල මිශ්‍රණය නම් ගින්දර ටිකක් වැඩිපුර තබාගන්න.

(8). මේ විදියට පිසෙනවිට භාජනය වටේට තෙල් ගතියක් දකින්න ලැබෙනවා. කිරි එකේ දියර අඩු වෙලා කිරි මිශ්‍රණය උකුවට කැටියක් වගේ එනකොට ලිපේ ගින්දර අඩුවෙන් තබාගන්න.

(9). මෙය වරින් වර බලා, අවශ්‍ය ලෙස කිරි කැටිය අඩිය නොඅල්ලන්නට අඩු ගින්දරේ හැදිගාන්න.

(10). කිරි කැටිය එකට ගුලියට වගේ එනවිට, තෙල් ප්‍රමාණය සුදුපාටට තියෙනකොට තෙල් ටික පෙරාගන්න.

* මෙහිදී කිරි කැටිය දුඹුරු පාට වෙන්න දෙන්න එපා. එතකොට තෙල් කහපාට වෙනවා.

* තෙල්වල කිරි ගතියක් තියෙන්නත් බෑ. තෙල් පැහැදිලිව තියෙන්නත් ඕනා.

මේ හේතු නිසා සුදු පොල්තෙල් අවශ්‍ය අය මේ වෙලාවට කල්පනාවෙන් තෙල් ටික වෙන්කර ගන්න. මේ තෙල් වතුර වගේ අවර්ණ වෙන්න ඕනා.

(11). තෙල් ටික සිල්වර් පෙරණයකින් පෙරාගන්න.

⭐⭐

##යන්තමින් කහපාටට, රන්වන් පාටට තෙල් ලබාගැනීම..

(1) - (9) තෙක් ක්‍රම අනුගමනය කරන්න.

(10). කිරි කැටිය යන්තමින් දුඹුරු ගතියක් එනගානට, තෙල්වල ලා කහ ගතියක් එන ගානට පිසගන්න.

(11). තෙල් ටික සිල්වර් පෙරණයකින් පෙරාගන්න.

⭐⭐

##කහපාටට සාමාන්‍ය පොල්තෙල් ලබාගැනීම..

(1) - (9) තෙක් ක්‍රම අනුගමනය කරන්න.

(10). කිරි කැටියෙ දුඹුරු පැහැය වැඩිපුර ආ විට, තෙල් හොඳ කහපාට ගතියක් ආවිට තෙල් ටික ඉවත්කර ගන්න.

* තෙල්කහ / කිරි කැටිය අනවශ්‍ය විදියට කර වෙන්න තියාගන්න එපා. තෙල් ටික ලස්සන පාටට ආවිට ඉක්මනටම ඉවත්කර ගන්න.

(11). තෙල් ටික සිල්වර් පෙරණයකින් පෙරාගන්න.

##පොල්තෙල් හිදින්න පොල් තෝරාගන්න විට,

* හොඳින් පැසුණු පොල්ම තෝරාගන්න.

* පොල් වල තෙල් ගතිය වැඩි පොල් ඇත්නම් ඒවා ගන්න.

උදාහරණයක් විදියට සමහර පොල් ගස්වල පොල් වලින් හොදි හැදුවම හොද්දෙ තෙල් ගතියක් එනවා. ඒ පොල්වල හොඳට තෙල් තියෙනවා අනික් පොල් වලට වඩා.

* පොල් වේලන විට පොල් කෑලි තීරු කපා වේලීමෙන් ඉක්මනින්, හොඳින් වේලගන්න පුළුවන්.

* පුස් ගතියක්, කහපාට ගතියක් නොඑන්නට පොල් වේලගන්න.

##

* සුදු පොල්තෙල් ලබාගත් පසු කිරි කැටිය ( තෙල් කහ ) දිගටම ලිපේ තැබීමෙන් එයින් උනන තෙල් මඟින් සාමාන්‍ය පොල්තෙල් ටිකක්ද ලබාගත හැක. ( පොල්තෙල් ගොඩක් හින්දන විට )

* අන්තිමෙටම ඉතුරු වෙන තෙල්කහ දුඹුරු පාටට ආවම තෙල් හොඳට බේරෙන්න තියලා කන්න පුළුවන්. මත් වෙනවා වගේම ගොඩක් කෑවම බඩේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් හොදේ 😂

* ඉතුරු වෙන තෙල්කහ සුදු පාටට තියෙනකොට අරගෙන කැකුළු හාල් / බත්, ලුණු දාලා කිරි කැද හදනවා ගම්වල අය.

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 40
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 27
පාන්
By Priyanthi Tissera
Views - 27
පාන්
By Hasintha Madushan
Views - 25
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 51
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18760
පෑන් කේක්
By Indunee Welivita
Views - 16055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16020
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15277
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11526
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'