katatarasata.com

 

 

මුංඇට කරිය

- උදුලා ජයවර්ධන විසිණි.



මුංඇට කෝප්ප 2 (මම ගත්තෙ රයිස් කුකර් එකේ කෝප්පය)
රතුළුණු / රටළුණු ගෙඩි 1
සුදුලූණු බික් 4
කුරැදුපොතු කෑල්ලක්
කරපිංචා 
රම්පේ 
අමුමිරිස් 
මිරිස් කුඩු 
තුනපහ කුඩු 
කහ කුඩු
දියකිරි කෝප්පයක් මිටිකිරි කෝප්පයක්
තෙල් ටිකක්
ලුණු 

සාදන ආකාරය:

* මුලින්ම මුංඇට ටික හොදින් සෝදා පැය කිහිපයක් පෙගෙන්න හරින්න.( මම රෑ තමයි පෙගෙන්න දාල උදේට උයන්න ගත්තෙ)
* පෙගුන මුංඇට ටික වතුර බේරා නැවත සෝදා පසෙකින් තබන්න.
* රටළුණු/රතුළුණු සුදුලූණු කුඩාවට කපා ගන්න. අමුමිරිස් ද කපා පසෙකින් තබන්න.
* ඉන්පසු සෝදා ගත් මුංඇට ටිකට ඉහත සදහන් සියල්ලම එක් කරන්න. කරපිංචා රම්පේ කුරැදුපොතු ද එක් කරන්න. එයටම මිරිස් කුඩු ටිකක් කහ කුඩු ටිකක් තුනපහ කුඩු ටිකක් සහ ලුණු ටිකක් එක් කර දියකිරි කෝප්පය දමා ලිපේ තියන්න.
* මුංඇට තැම්බුනු පසු එයට මිටිකිරි කෝප්පය එක් කර තරමක් හිදෙන තුරු පිස ගන්න.
* ඉන්පසු එය ලිපෙන් ඉවත් කර වෙනත් භාජනයකට දමා ගන්න.
* දැන් මුංඇට පිසූ භාජනයම ගෙන එයට තෙල් ටිකක් දමා හොදින් රත් වූ පසු තලාගත් සුදුලූණු රතුළුණු /රටළුණු කරපිංචා කොළ ටිකක් එක් කර බැදෙන්නට හරින්න. 
* ඉහත සියලුම දේ තරමක් බැදුන පසු එයට මිරිස් කුඩු ටිකක් එක් කර බැදෙන්න හරින්න.
* ඉන්පසු එයට මුංඇට ටික එක් කර තෙම්පරාදු කර ගන්න. 
* ටික වෙිලාවකින් එය ලිපෙන් ඉවත් කර ගන්න.

උදුලා ජයවර්ධන ගේ වෙනත් කෑම වට්ටෝරු


බට්න් මෂ්රෑම් කරි
උදුලා ජයවර්ධන

ඇපල් බීම
උදුලා ජයවර්ධන

බෙලි ජූස්
උදුලා ජයවර්ධන

මුංඇට කරිය
උදුලා ජයවර්ධන
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 4775
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2104
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3193
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 4937
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 3619
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 15864
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 13943
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 13138
පෑන් කේක්
By Indunee Welivita
Views - 12758
පැනි රොටී
By Chathurani Priyangika
Views - 9919
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'