katatarasata.com

 

 

තල් කිරි -

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



තල් කිරි

# තල් මිශ්‍රණය සාදාගැනීම

හොදින් පුච්ච ගත් තල් ගෙඩියේ කරවුන පොත්ත පරිස්සමින් ඉවත්කර ගන්න.. පොත්තේ දැලි ගතිය මදයට තැවරෙන්න දෙන්න එපා...

පොත්ත ඉවත්කල තල් ගෙඩිය වතුර ස්වල්පයක් දැමූ භාජනයකට දමා හොදින් මිරිකමින් එහි යුෂය ඉවත්කර ගන්න. මෙය දියකිරි වලිනුත් කරන්න පුළුවන් වතුර වෙනුවට ගෙන..

මේ විදියට වතුර හෝ දියකිරි පොඩි ප්‍රමාණ කිහිප වරක් ලෙස ගෙන තල් යුෂය හොදින් මිරිකා ඉවත්කරන්න.. ( එකවරක් මිරිකා ගත් යුෂ ඉවත් කර නැවත අලුත් වතුරෙන් මිරිකමින් යුෂ ගන්න )

මිරිකාගත් යුෂ පෙරා ගන්න.

# තල් කිරි සෑදීම,

1. සමහරු දිය කිරෙන් මිරිකා ගත් තල් යුෂයට මිටි පොල්කිරි හා රස අනුව සීනි , ලුණු ස්වල්පයක් හා හාල්පිටි ඉතාමත් ස්වල්පයක් දමා ලිපතබා උතුරන විට දියර ගතියට බීමට හැකි ගානට රත්කර ලිපෙන් බා ගන්නවා..

2. සමහරු හාල්පිටි නොදා අනෙක් ද්‍රව්‍ය දමා ලිප තබා උතුරන විට බොන පදමට බා ගන්නවා.

# මෙහිදී දියර ගතිය හොදට තියෙන්න මිටිකිරි හා අවශ්‍ය නම් වතුර යොදා පදමට සාදාගන්න.

# ලිප තැබූ මොහොතේ සිටම හොදින් හැදිගාන්න ඕන. නැත්නම් අඩිය අල්ලන්න බලනවා .

3. තවත් සමහරු දිය කිරෙන් යුෂය මිරිකා එයට මිටිකිරි එක්කර රස අනුව සීනි, ලුණු ස්වල්පයක් එක්කර ශීතකරණයේ තබා බීමට ගන්නවා.. ( මටනම් මේ ක්‍රමය ගොඩක් රසයි )

එහෙනම් මුලින්ම තල් කිරි එකක් බොමුකෝ කස්ටියම 😃

### තල් ගෙඩියක් තෝරා ගන්න විදිය හා තල් ගෙඩියක් පුළුස්සා ගන්න විදිය,

https://m.facebook.com/groups/505469172944266?view=permalink&id=617652678392581

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 645
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 689
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 487
පාන්
By Priyanthi Tissera
Views - 569
පාන්
By Hasintha Madushan
Views - 504
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20322
පෑන් කේක්
By Indunee Welivita
Views - 18851
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17258
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16552
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12545
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'