katatarasata.com

 

 

තල් කිරිපැණි -

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



තල් මිශ්‍රණය සාදාගැනීම

හොදින් පුච්ච ගත් තල් ගෙඩියේ කරවුන පොත්ත පරිස්සමින් ඉවත්කර ගන්න.. පොත්තේ දැලි ගතිය මදයට තැවරෙන්න දෙන්න එපා...

පොත්ත ඉවත්කල තල් ගෙඩිය වතුර ස්වල්පයක් දැමූ භාජනයකට දමා හොදින් මිරිකමින් එහි යුෂය ඉවත්කර ගන්න. මෙය දියකිරි වලිනුත් කරන්න පුළුවන් වතුර වෙනුවට ගෙන..

මේ විදියට වතුර හෝ දියකිරි පොඩි ප්‍රමාණ කිහිප වරක් ලෙස ගෙන තල් යුෂය හොදින් මිරිකා ඉවත්කරන්න.. ( එකවරක් මිරිකා ගත් යුෂ ඉවත් කර නැවත අලුත් වතුරෙන් මිරිකමින් යුෂ ගන්න )

මිරිකාගත් යුෂ පෙරා ගන්න.

කිරිපැණි සෑදීම ,

1. තල් ගෙඩිය මිරිකලා අරගත්ත තල් යුෂ පොල් මිටිකිරි එක්ක එකතු කරලා පෙරලා ගන්න.

2. එම තල් මිශ්‍රණයට රස අනුව සීනි එකතුකර ගන්න.

3. තල් ගෙඩියකට පොල් ගෙඩියක කිරි එකතු කලානම් එයට හාල්පිටි තේ කෝප්ප එකක් පමණ එකතුකර හොදින් දියකර ගන්න. හාල්පිටි ටිකක් වැඩි වුනත් කමක් නෑ.

4. දැන් එය ලිප තබා නොනවත්වාම හැදි ගාන්න. අඩු ගින්දරේ අඩිය අල්ලන්නට නොදී හැදිගාන්න.

5. මිශ්‍රණය උකු වනවිට බුබුළු දමමින් විසි වන්නට පුළුවන් නිසා පරිස්සමින් නොනවත්වාම හැදිගාන්න.

6. කිරිපැණි හැන්දෙන් කන්නේ නම් ටිකක් ඝනකම අඩුවටත් කෑලි කපාගන්න ඕනනම් ටිකක් ඝනකමටත් තියෙන්න ලිපෙන් බා ගන්න.

7. කෑලි කපනවා නම් තැටියක තුනීකර නිවෙන්නට හරින්න.

## තල් කිරිපැණි වලට සමහරු සීනි වෙනුවට පැණි එක්කර සාදයි.

## සමහරු හාල්පිටි වෙනුවට කුරක්කන් පිටි එක්කර සාදයි.

## තල් කිරිපැණි නිවෙන විට ඝනත්වය වැඩිවෙනවා.

### තල් ගෙඩියක් තෝරා ගන්න හා පුළුස්සා ගන්න විදිය,

https://m.facebook.com/groups/505469172944266?view=permalink&id=617652678392581

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 645
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 690
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 488
පාන්
By Priyanthi Tissera
Views - 569
පාන්
By Hasintha Madushan
Views - 505
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20323
පෑන් කේක්
By Indunee Welivita
Views - 18851
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17260
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16553
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12547
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'