katatarasata.com

 

 

හයිද්‍රාබාද් චිකන් බිරියානි

- ධනාෂා තරනි විසිණි.





අවශ්‍ය ද්‍රව්‍ය:

පැය භාගයක් පමණ පොගවා වතුර් බේරා ගත් හාල් (බාස්මතීනම් වඩාත් සුදුසුයි)
කුකුල් මස්
යෝගට් හෝ මුදවපු කිරි 
තෙල් හෝ ගී ස්වල්පයක්
ඉගුරු, සුදු ළූනු පේස්ට්
පොඩියට කපාගත් කොත්තමල්ලි කොළ
අමු මිරිස් කරල් කීහිපයක්
මින්චි කොළ ටිකක්
ලෙමන් යුෂ ටිකක්
මිරිස් කුඩු ස්වල්පයක්
සූදුරු ස්වල්පයක්
ලුනු ස්වල්පයක්
කහ කුඩු ස්වල්පයක්
කොත්තමල්ලි කුඩු ස්වල්පයක්
සූදුරු කුඩු ස්වල්පයක්
තරැ හැඩැති අසමෝදගම් (star anise)
බේ ලීෆ් කිහිපයක්
එනසාල් ඇට කිහිපයක්
කරාඹු නැටි කිහිපයක්
ගම්මිරිස් ඇට කිහිපයක්
ගැඹුරු තෙලේ බැදගත් ළූනු
ගැඹුරු තෙලේ බැදගත් කජු (කැමතිනම් පමණක්)

(ගන්නා ප්‍රමාණ තමන්ට අවශ්‍ය රස, පාට, සැර අනුව භාවිතා කල හැක)

මුලින්ම කුකුල් මස් එකටයෝගට්,ඉගුරු, සුදු ළූනු පේස්ට්,පොඩියට කපාගත් කොත්තමල්ලි කොළ, අමු මිරිස් කරල් කීහිපයක්, මින්චි කොළ ටිකක්,ලෙමන් යුෂ ටිකක්, සැර අනුව මිරිස් කුඩු, රස අනුව ලුනු, කහ කුඩු ස්වල්පයක්, කොත්තමල්ලි කුඩු ස්වල්පයක්, සූදුරු කුඩු ස්වල්පයක්, තරැ හැඩැති අසමෝදගම් (star anise), බේ ලීෆ් කිහිපයක්, එනසාල් ඇට කිහිපයක්, කරාඹු නැටි කිහිපයක්, ගම්මිරිස් ඇට කිහිපයක්,ගැඹුරු තෙලේ බැදගත් ළූනු එකට දමා හොදින් කලවම් කරගන්න.

මේ ආකාරයට කලවම් කරගත් කුකුල් මස් මිශ්‍රනය පැය භාගයක් පමන පදම් වන්නට තියන්න

කුකුල් මස් පදම් වන අතර තුර බත් එක උයා ගන්න වතුර ටිකක් ලිපේ තබන්න.

එයට තෙල් ස්වල්පයක් එක් කරන්න

රස අනුව ලුනු ස්වල්පයක් එක් කරන්න(මස් මිශ්‍රනයටත් ලුනු එක් කර ඇති නිසා ලුනු එක් කිරීමේදී ප්‍රවේසම් වන්න).

සූදුරු ස්වල්පයක්ද එක් කර වතුර රත් කරගන්න.

රත්වූ වතුරට පොගවා පෙරාගත් හාල් එක්කර 50% ප්‍රමානයට බත් උයා ගන්න.

බාගෙට උයා ගත් බත් වතුර බේරා ගන්න. (බාස්මතී බත් තැම්බුන විට සුවද දැනේ. ඒ සුවද දැනී ටික වේලාවකින් වතුරබේරා ගන්න)


සුදුසු භාජනයක් ලිපේ තබා කලින් මැරිනේට් කරගත් කුකුල් මස් ටික අඩියේ අතුරන්න (හැකි තරම් සමාන්තරව අතුරා ගන්න). එයට උඩින් බාගෙට උයා ගත් බත් අතුරා ගන්න.


අතුරාගත් බත් වලට උඩින් කපා ගත් කොත්තමල්ලි කොළ, ගැඹුරැ තෙලේ බැදගත් ළූනු සහ කජු අතුරා ගන්න.

ඒ සියල්ලටම උඩින් තෙල් ස්වල්පයක් හෝ ගී ස්වල්පයක් දමන්න.

කැමතිනම් සැෆ්‍රන් කහ ටිකක්ද දැමිය හැක. (වර්ණවත් කර ගැනීමට).
අවශ්‍යනම් පමණක් වතුර ස්වල්පයක් දමා හොදින් වසා ගන්න.

සියල්ලම අතුරාගත් පසු

හොදින් නොවැසෙන්නේ නම් මේ ආකාරයට පිරිසිදු රෙදි කැබැල්ලක් දමා ඉන් පසු පියනෙන් වසා මද ගින්නේ විනාඩි 20~30 පමණ උයා ගන්න. (මේ අවස්ථාවේදී තමා පාවිච්චි කරන භාජනය සහ ගින්දර ගැන සැලකිලිමත් වෙන්න. නැතිනම් බත කරවීමට හැක.)

විනාඩි 20 න් පමණ භාජනයේ පියන ඇර බත හෙමීට කලවම් කර ගන්න.

ලිප නිවා ඉතිරි කරගත් කොත්තමල්ලි කොල සහ ගැඹුරු තෙලේ බැදගත් ළූනු සහ කජු උඩින් දමා ගන්න.

 

 

ධනාෂා තරනි ගේ වෙනත් කෑම වට්ටෝරු


ඉන්දියන් දාබා ක්‍රමේට ස්පයිසි චිකන් කරිය
ධනාෂා තරනි

ඉන්දියන් ක්‍රමේට බතක්
ධනාෂා තරනි

කතුරැමුරැංගා බැදුම
ධනාෂා තරනි

කංකුන්, සුදු ළූනු ෆ්‍රයිඩ් රයිස්
ධනාෂා තරනි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 393
දියබත්
By Ishara Sajani Kavinga
Views - 154

By Ishara Sajani Kavinga
Views - 66
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 294
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 564
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8164
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7630
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7124
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5644
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5559
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'