katatarasata.com

 

 

කොස් මාලුව (වියලි කොස්)

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.



කොස් මාලුව (වියලි කොස්)
විදේශ රටවල ජීවත් වන ශ්‍රි ලාංකික බොහෝමයක් දෙනා කොස් මාලුව හදාගන්නෙ වියලි කොස් වලින් ඉතින් විදේශ රටවල ඉන්න අයට වගේම කොස් අවාරෙදි ලංකාවෙ ඉන්න අයටත් මේ විදිහට හදලා කන්න පුලුවන්.කොස් මාලුව හදාගන්න කලින් කොස් වේල ගන්න විදිහත් කියලා දෙන්නම්කො.කොස් හුගක් තියෙන කාලෙට ඒවා බිමට වැටිල කුණු වෙලා අපතේ යන්න දෙන්න එපා මේ විදිහට වේලලා තියගන්න.මුලින්ම කොස් මදුලු පිරිසිදු කරගෙන උඩින් සහ යටින් ටිකක් කපලා දාලා කොස් ඇට සහ සිවිය ඉවත් කරගෙන තීරු කපා පිරිසිදු ජලයෙන් සෝදාගන්න.ඉන්පසු නටන උණු වතුරෙ විනාඩි දෙකක පමණ කාලයක් දමා තබා ඉවතට ගෙන තැටියකට දාලා අව්වෙ වේලාගන්න.ඉතින් එහෙම තමා අපේ ගෙවල් වල නම් ඉස්සර කොස් වේල ගත්තෙ.හැබැයි අද නම් මම මේ හැදුවේ කඩෙන් ගත්ත වියලි කොස් පැකට් එකක්.මම හදද්දි අර්තාපල් ගෙඩියකුත් එකතු කරනවා.දැන් බලමු හදන විදිහ 
1.වියලි කොස් පැය කිහිපයක් වතුරට දාලා පොගවාගෙන සෝදා වතුර පෙරාගන්න.
2.කොස් 
කපාගත් අර්තාපල් 
ලූනූ 
අමු මිරිස් 
සුදුලූනූ 
කුරුදු 
කරපිංචා 
රම්පෙ 
ලුනු
අමු තුනපහ 
කහ කුඩු 
මිරිස් කුඩු ස්වල්පයක් 
මේ සියල්ල ඇතිලියකට දාලා හොදින් කවලම් කර වතුර යොදා පියනකින් වහලා තම්බාගන්න.
3.කොස් හොදින් තැම්බුනු පසු මිටි කිරි ටිකක් දාලා තරමක් උකු ගතියට වෙනකම් පිසගෙන ලිපෙන් බාගන්න.
4.තෙම්පරාදු කිරීම සදහා
භාජනයක් ලිපෙ තියලා තෙල් ටිකක් දාලා රත් වෙනකොට පිලිවෙලින් 
අබ 
සුදුලූනූ 
ලූනු
කරපිංචා 
වියලි මිරිස් කරල් දාගන්න මෙය කොස් මාලුවට යොදා කවලමකරගන්න.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෙදරදීම සකස්කර ගත් හාල් පිටි වලින් ඉදිආප්ප
තිලිනි ගයත්‍රී මුතුනායක

පාන්
තිලිනි ගයත්‍රී මුතුනායක

ස්වීට් මිල්ක් බන්ස්
තිලිනි ගයත්‍රී මුතුනායක

අයිස් කෝපි
තිලිනි ගයත්‍රී මුතුනායක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 762
දියබත්
By Ishara Sajani Kavinga
Views - 264
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 496
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 854
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 847
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8538
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8142
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7947
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5923
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5864
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'