එළවළු බත් - Vegetable Rice
- ස්ටෙලා හින්ඩ්ල් විසිණි.
එළවඵ බත්.
මේක frid rice වගේ පෙනුනට එහෙම නෙමෙයි fry කරලා නැතුව ස්භාවික එළවඵ රසය එන විදියට තමා හැදුවේ.
⚘කරපිංචා,කුරුඳු,එනසාල්,කරාබුනැටි,සූදුරු,කොත්තමල්ලි හරීම ටිකක් අරගෙන පෑන් එකේ ලාවට රත් කරලා කුඩු කරගන්න.
( සුප් කැට දානවා වෙනුවට තමා මේ කුඩු එක හැදුවේ තියෙනවනම් බුරියානි මසාලා එක වුණත් කමක් නෑ)
⚘කැමති එළවඵ කපා ගන්න.(මං ගත්තේ කැරට් ලීක්ස් බෝංචි)
⚘බත් එක වෙනදා විදියටම රයිස් කුකර් එකේ උයාගන්න ලුණුයි හදාගත්ත රසකාරකෙන් ටිකකුයි දාලා..
⚘කැරට් ටිකයි බෝංචියි රයිස් කුකර් එකේම ස්ටීම් කරගන්න.ගොඩක් තම්බන්න එපා.
⚘දැන් පෑන් එකකට තෙල් තේ හැන්දක් විතර දාලා තලාගත් සුදු ඵෑණු ,ඉඟුරු බැඳෙන්න දෙන්න.
⚘ලිප වහලා ඒකට ස්ටීම් කරගත්ත කැරට් බෝංචි එකතු කරලා ලීක්ස් ටික අමුවෙන් දාන්න.
⚘ඊළගට බත් ටික දාලා හෙමින් කලවම් කරගන්න.
තල හා ඌරු මස් එක
⚘මස් පොඩියට කපලා ලුණු,කඵ කුඩු,කහ,මිරිස් තුනපහ,ගම්මිරිස් තියෙයි නම් ගරම් මසාලා ටිකක් දාලා හොදට අතගාන්න.
⚘දැන් අනිත් කුඵබඩු වර්ගත් දාන්න.කරපිංචා,එනසාල් ?කරාබු නැටි එහෙම..ඇඹුලට මට දැම්මේ විනාකිරි ටිකක්
⚘මස් එක ගින්දර අඩු කරලා පියනෙන් වහලා මස් එකෙන් උනන වතුරෙන්ම ඉදෙන්න දෙන්න.මදි වුණොත් වතුර ටිකක් දාගන්න.
⚘අන්තිමට රෝස්ට් කරගත් තල ඇට ටිකක් දාන්න.
![]() By Manel Fernando Views - 40 |
![]() By Uresha Uresha Views - 27 |
![]() By Priyanthi Tissera Views - 27 |
![]() By Hasintha Madushan Views - 25 |
![]() By Janisha Bamunuarachchi Views - 52 |
![]() By Ruwanthika Madushani Views - 18760 |
![]() By Indunee Welivita Views - 16055 |
![]() By Shiki Ranasinghe Views - 16020 |
![]() By Indunee Welivita Views - 15277 |
![]() By Chathurani Priyangika Views - 11526 |