katatarasata.com

 

 

බ්‍රව්නීස් - Brownies

- ටි ඩි මෙල් විසිණි.



අව්‍යශ ද්‍රව්‍ය:

Unsalted බටර් - 125g
Bittersweet chocolate - 185 - 200g
සීනි - 1 cup 
වැනිලා - 2 tsp
ලුණු - 1/4 tsp
Cocoa powder - 1 tbl
බිත්තර - 2
උණුසුම් වතුර - 2 tbl
කෝපි - 1tsp 
පාන් පිටි - 2/3 cup

* අවන් එක 180c ට රත් කරගන්න. 
* චොකලට් ටික double boil කරගන්න.එය හොදින් මිශ්‍ර කරන්න.

* හතරැස් පොඩි baking tray එකක් oil paper එකක් දමා බටර් ටිකක් ගා සූදානම් කර තබා ගන්න.

* පොඩි කෝප්පයකට කෝපි ටික දමා උණු වතුර 2tblsp දමා හොදින් මිශ්‍ර කරගන්න.

* පිටි ටිකට cocoa powder දමා හලා ගන්න.

* ලොකු mixing bowl එකක් අරන් සීනි සහ බටර් cream වෙනතුරු beat කරන්න.

* දැන් එයට බිත්තර එකින් එක එකතු කර හොදින් beat කරන්න.

* එයටම වැනිලා සහ coffee මිශ්‍රණය එක්කර beat කරන්න.

* දැන් කලින් සූදානම් කරගත් chocolate mixture එක දමා හොදින් beat කරන්න.

* අවසානයේ පිටි සහ cocoa powder ටික එකතු කර ලී හැන්දකින් කලවම් කරන්න.

* සාදාගත් brownie mixture එක සූදානම් කරගත් baking tray එකට දමා විනාඩි 30ක් පමණ bake කරගන්න.

Bake වෙන කාලය oven එකෙන් oven එකට වෙනස්. ඒ නිසා විනාඩි 30කට පස්සේ tooth pick එකක් ගහලා බලන්න.

Brownie එක හරියට ආවොත් උඩ crack වෙන්න ඕන පින්තූර වල වගේ. ඇතුල moist.

ටි ඩි මෙල් ගේ වෙනත් කෑම වට්ටෝරු


බ්‍රව්නීස්
ටි ඩි මෙල්

චිකන් ස්ට්‍රිප්ස්
ටි ඩි මෙල්
අනුග්‍රහය - Sponsors
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 17582
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15144
පෑන් කේක්
By Indunee Welivita
Views - 14695
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14231
පැනි රොටී
By Chathurani Priyangika
Views - 10875
Copyright © 2016 - 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'