katatarasata.com

 

 

බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම

- ඉන්දුනී වැලිවිට විසිණි.



සාදන ආකාරය

  • ජෙලි පැකට් ඕනෑම පාටකින් අරගෙන (පාට 3කින් වත් තියෙනවා නම් හොඳයි) වෙන වෙනම බාජන වලට දමා පැකට් එකේ දාන්න කියලා තියෙන වතුර ප්‍රමාණයට වඩා කෝප්ප 1ක් අඩුවෙන් දමා මිශ්‍ර කරන්න.
  • මේවා බටර් ස්වල්පයක් ගෑ වෙන වෙනම බාජන වල දමා ශිතකරණයේ තබා සවි කර ගන්න.
  • මෙලෙස සාදා ගත් ජෙලි ද්‍රාවණ සවි වූ පසු බාජනයෙන් ගලවා අවශ්‍ය ප්‍රමාණයේ කොටු කපන්න.
  • ඉන්පසු පුඩිම හදන බාජනයේ බටර් ගා කොටු කපා ගත් පාට පාට ජෙලි කැබලි ලස්සනට අතුරා ගන්න.
  • ඉන්පසු කිරි මිශ්‍රණය සාදා ජෙලි කොටු අතරට දාන්න ඕන. මම කිරි මිශ්‍රණය හැදුවේ මීණු රණසිංහගේ රෙසිපි එකට. එය සෑදීමට, කිරි 350ml, සීනි මේස හැදී 4 දමා උණු කර ලිපෙන් බාන්න. ජෙලටින් තේ හැඳි 3 1/2ක් වතුර කෝප්ප ½ක විනාඩි 10ක් පමණ පොඟවා උණුකිරි එකට දමා දිය කර නිවා ගන්න.
  • හොඳින් නිවුණු කිරි මිශ්‍රණය ජෙලි කොටු අතරට දමා බාජනය ශීතකරණයේ දමා සවි වන තුරු තබන්න. දැන් බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම හදලා ඉවරයි.

 

අවශ්‍ය නම් මෙය තවත් රසවත් කිරීමට උඩින්ම මාෂ්මෙලෝස් තට්ටුවක් දාන්න පුලුවන්.

  • එය සෑදීමට කිරි 250 ml උණු කර ගෙන මාෂ්මෙලෝස් 75g එයට දමා දිය කර ගන්න. මාෂ්මෙලෝස් සහ කිරි මයික්‍රොවේව් එකට දමා විනාඩි 1න් විතර එලියට අරගෙන දිය කර ගන්නත් පුලුවන්. ඉන්පසු ජෙලටින් තේ හැඳි 1 වතුර මේස හැන්දක විනාඩි 5ක් පමණ පොඟවා මාෂ්මෙලෝස් සහ කිරි මිශ්‍රණයට දමා දිය කරන්න. මෙයට අවශ්‍ය රසකාරක හෝ වර්ණයක් දාන්නත් පුලුවන්. දැන් මේ මිශ්‍රණය නිවෙන්න තියන්න.
  • දැන් කලින් සාදා ගත් සවි වූ ජෙලි (බාජනයේ තිබියදීම) උඩින් මේ මිශ්‍රණය වත් කරන්න. දැන් බාජනය නැවත ශීතකරණයේ දමා සවි වන තුරු තබන්න.

 

  • මේ පුඩිම හදලා රැයක්ම ශීතකරණයේ තියන්න පුලුවන් නම් හොඳයි. අඩු ගානේ පැය 5-6ක් වත් තියන්න.
  • දැන් ශීතකරණයන් එළියට ගෙන බාජනය උණු වතුර එකක ගිල්වලා (වතුර ඇතුලට නොයන්න) තත්පර 30 විතර තියලා පිඟානක අනිත් පැත්ත හරවන්න.
  • දැන් බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම සංග්‍රහ කරන්න සූදානම්...

ඉන්දුනී වැලිවිට ගේ වෙනත් කෑම වට්ටෝරු


පෑන් කේක්
ඉන්දුනී වැලිවිට

බුල්ටෝ ටොෆී
ඉන්දුනී වැලිවිට

ලෙමන් ක්‍රීම් කේක්
ඉන්දුනී වැලිවිට

ෆොන්ඩන්ට් අයිසින් සාදන අාකාරය සහ කේක් එක ආවරණය කරන ආකාරය
ඉන්දුනී වැලිවිට
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 913
දියබත්
By Ishara Sajani Kavinga
Views - 323
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 584
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1009
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 943
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8762
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8391
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8315
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6054
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6034
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'