katatarasata.com

 

 

ආප්ප / බිත්තර ආප්ප

- ඉන්දුනී වැලිවිට විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:
සුදු හාල් අවශ්‍ය පමණ (මම ගත්තේ හාල් රයිස් කුකර් එකේ කොප්පෙන් 2)
පොල් කිරි (පොල් බෑවක පමණ දිය කිරි, මිටි කිරි දෙකම)
වතුර අවශ්‍ය පමණ
යීස්ට් තේ හැඳි ½ (ආප්ප සොඩා නම් තේ හැඳි 1/4)
සීනි මේස හැන්දක්
ගාපු පොල් මේස හැන්දක් (පොල් කුඩු හෝ ඩෙසිකේටඩ් වුණත් කමක් නෑ)
ලුණු රස අනුව

 

සාදන ආකාරය:
• සුදුහාල් අවශ්‍ය තරම් ගෙන අඩු ගානේ පැය 5-6 ක් පමණ වත් පෙඟෙන්න තියන්න.
• ඉන් පසු වතුර පෙරා ඉවත් කර හාල් වලට පොල් වතුර ටිකක් සහ දිය කිරි ටිකක් දමා හොඳින් (කැට නැති වනතුරු) බ්ලෙන්ඩ් කරන්න. මේකටම පොල් මේස හැන්දක් විතර දැම්මාම වාටිය කර කර ගන්න හැදෙනවා. මේ මිශ්‍රණය ටිකක් ඝනට හැදෙන්න ඕන.
• දැන් මෙයට යිස්ට් සහ සිනි දමා හොදින් මිශ්‍ර කර පැය 5-6 ක් පිපෙන්න තියන්න. ආප්ප වල ඇඹුල් සුවඳ එනවා නම් හරියට පිපිලා.
• ඉන්පසු පිටි මිශ්‍රණයට අවශ්‍ය තරම් උකු පොල් කිරි දමා ගන්න. ඕනෑ නම් බිත්තරයක් දමා මිශ්‍ර කරන්න. ගොඩක් දියර ගතියක් නැතිව ගොඩක් ගනකමත් නැති වෙන්න හදා ගන්න.
• මෙයට රස අනුව ලුණු දමන්න. ආප්ප හදන්න පෙර මිශ්‍රණය පැය ½ පමණ තියන්න.
• දැන් ආප්ප හදන්න පටන් ගන්න. රෙදි කෑල්ලකින් හෝ ටිෂු එකකින් තාච්චියේ තෙල් ටිකක් ගා මඳ ගින්දරේ රත් වෙන්න තියන්න.
• දැන් ආප්ප මිශ්‍රණය හැන්දක් දමා තාච්චියේ කොකු දෙකෙන් (රත් වෙන කොකු නම් රෙදි කෑල්ලක් තියා අල්ලන්න) හෝ මිටෙන් අල්ලා මිශ්‍රණය තාච්චිය වටේම ගෑවෙන සේ කරකවන්න. වටේම කිව්වම උඩටම ගන්න එපා. උඩ සීමාවේ ඉඳන් සෙන්ටිමීටරයක් වත් ඉතිරි කරන්න. නැති නම් ගලව ගන්න අමාරු වෙනවා. ආප්පේ මැද හැදෙන්නත් පිටි ටිකක් ඉතිරි කරන්න. දැන් පියන වසා තබන්න. වටේ ගැට්ට රන්වන් පාට වීගෙන එන විට බාන්න.
• එක ආප්පයක් හදලා කාලා බැලුවාම ලුණු ඇතිද කියලයි ආප්ප පදම හරිද කියලයි බලා ගන්න පුලුවන්. ගණකම වැඩි නම් පොල් කිරි ටිකක් දාන්න.
• එක ආප්පයක් හදලා බෑවම තෙල් ටිකක් ගා ඊළඟ ආප්‍පය හදන්න ගන්න‍.
• මේ ප්‍රමාණ වලින් සාමාන්‍ය තරමේ ආප්ප 15-20 හදන්න පුලුවන්.

හොඳ ලුණු මිරිසක්, මාලු හොදි, චිකන් කරි, ඇඹුල් කෙසෙල් ගෙඩි, හකුරු එක්ක ආප්ප සංග්‍ර‍ කරන්න පුලුවන්.

 

බිත්තර ආප්ප සෑදීම:
• මේ සඳහා පතුල ගණකම නැති ආප්පයක් වත් කරලා ඒ ගමන්ම බිත්තරයක් කඩලා දාලා ලුණු ගම්මිරිස් අවශය පමණ දාන්න. දැන් තාච්චිය වසා ගින්දර ටිකක් අඩු කර බිත්තරය අවශ්‍ය පමණට තැම්බෙන තුරු තබා බාන්න.


උපදෙස්:

• ආප්ප හදන්න සුදුසු වෙන්නේ සුදු යකඩ හරි ඇලුමිනියම් තාච්චි හරි තමයි. නන්ස්ටික් ඒවා හරි යන්නේ නෑ. ඒවායේ හොඳට වාටිය හැදෙන්නේ නෑ.
• ආප්ප හදන්න කලින් තාච්චිය පදම් කර ගන්න ඕන. තාච්චියට තල තෙල් තේ හැන්දක් දමා රෙදි කෑල්ලකින් තෙල් වටේම හොඳින් ගෑවෙන සේ පිස දමන්න. නැතිනම් බිත්තරයක් බදින්න. සමහරු ලූණු පෙත්තක් අතුල්ලනවා කියලා අහලා තියෙනවා. අනික් ආප්ප තාච්චිය වෙන වැඩට ගන්නේ නැතිව ආප්ප හදන්නම වෙන් කරලා තියන්න කියලාත් සමහරු කියනවා.

• පොල් කිරි හොයා ගන්න අමාරු සහ ෂෝට් කට් වලට කැමති අයටයි මේ උපදෙස. ෆ්‍රෙෂ් කිරි වලින් ආප්ප හදන්න බෑ. බෑ කියන්නේ ආප්ප හැඩේට එනවා. රසත් වරදක් නෑ. හැබැයි ලස්සනට කර කර ගාන වාටිය හැදෙන්නේ නෑ.

 

ඉන්දුනී වැලිවිට ගේ වෙනත් කෑම වට්ටෝරු


පෑන් කේක්
ඉන්දුනී වැලිවිට

බුල්ටෝ ටොෆී
ඉන්දුනී වැලිවිට

ලෙමන් ක්‍රීම් කේක්
ඉන්දුනී වැලිවිට

ෆොන්ඩන්ට් අයිසින් සාදන අාකාරය සහ කේක් එක ආවරණය කරන ආකාරය
ඉන්දුනී වැලිවිට
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 171
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 141
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 155
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 88
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 307
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6892
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6348
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5081
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4634
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4616
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'