katatarasata.com

 

 

කැන්ටන් නූඩ්ල්ස්

- කෝෂලා පෙරේරා විසිණි.





අවශ්‍ය ද්‍රව්‍ය:
Canton Nooldes පැකට් 1
අවශ්‍ය හැඩයට කපා ගත් කැරට්, ගෝවා මල්, බ්‍රොකෝලි (රුචිය පරිදි අවශ්‍ය ප්‍රමාණ වෙනස් කරගන්න)
කුඩාවට කපා ගත් චිකන් හෝ වෙනත් මස් වර්ගයක් (Minced meat උනත් හොදයි)
සුදු ළූණු
බී ළූණු
සෝයා සෝස්
ඔයිස්ටර් සෝස්
ලුණු
ගම්මිරිස්
වේලපු රතු මිරිස් කරල් කිහිපයක්
ඔලිව් ඔයිල් තේ හැදි 2ක්
අවශ්‍ය පමණ වෙනත් තෙල් වර්ගයක්
නූඩ්ල්ස් තැම්බූ වතුර වලින් මේස හැදි 2ක්

සාදන ක්‍රමය:
1. කපා ගත් චිකන් වලට ලුණු, ගම්මිරිස්, සෝයා සෝස් කලවම් කර විනාඩි 15ක් පමණ තබන්න.
2. එළවළු නටන වතුරට දමා විනාඩියක් පමණ තම්බාගෙන, වතුර ඉවත් කර පසෙකින් තබා ගන්න.
3. උණු වතුරට කැන්ටන් නූඩ්ල්ස් පැකට් එක එකතු කරගෙන තම්බා ගන්න. රස අනුව ලුණු දමා ගන්න. නූඩ්ල්ස් එක බෙරි වෙන්න දෙන්න එපා.
4. තම්බා ගත් නූඩ්ල්ස් වල වතුර පෙරා (මේ වතුර වලින් මේස හැදි 2ක් පමණ ඉවත් කර වෙනම තබා ගන්න) සිසිල් වතුරෙන් සෝදා වතුර බේරා ගන්න. එයටම ඔලිව් ඔයිල් තේ හැදි 2 එකතු කර හොදින් කලවම් කරගන්න. (මේ පියවර 2ම අනුගමනය කරන්නේ නූඩ්ල්ස් එකිනෙක ඇලීම වැලැක්වීමටයි)
5. ඉන් පසු භාජනයකට තෙල් දමා රත් වූ පසු සුදු ළූණු හා බී ළූණු එක් කර රන් වන් පැහැ වන තුරු බැද ගන්න. මෙයටම කඩා ගත් වේලපු මිරිස් කරල් කිහිපයක් දමා බැදෙන්නට හරින්න. 
6. ඒ තෙලටම චිකන් ටිකද එකතු කර මද වේලාවක් බැදෙන්නට හරින්න.
7. චිකන් බැදුණු පසු තම්බා ගත් නූඩ්ල්ස් ටික එකතු කර හොදින් කලවම් කරගන්න.
8. සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, ලුණු, ගම්මිරිස් රස අනුව එකතු කරගන්න.
9. නූඩ්ල්ස් එකේ තෙත ගතිය තබා ගැනීමට නූඩ්ල්ස් තැම්බූ වතුර මේස හැදි 2 එකතු කරගන්න. (අවශ්‍ය නම් 2ට වඩා එකතු කරගන්න)
10. අවසානයේදී තම්බා ගත් එළවළුද හොදින් මිශ්‍ර කර පිළිගන්වන්න.

කෝෂලා පෙරේරා ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් ඇන්ඩ් ගාලික් ස්පැගති
කෝෂලා පෙරේරා

චිකන් ෆජිටා බේක්
කෝෂලා පෙරේරා

ස්ලොපි ජෝ පොටැටෝස්
කෝෂලා පෙරේරා

ජෙලි ලේයර් පුඩිම්
කෝෂලා පෙරේරා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 919
දියබත්
By Ishara Sajani Kavinga
Views - 325
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 588
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1023
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 947
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8775
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8405
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8330
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6060
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6046
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'