katatarasata.com

 

 

බටර් රයිස්

- දිලිණි මදුෂිකා විසිණි.



බටර් රයිස් (Butter rice )

මෙහි විශේෂත්වය තමයි බටර් යොදාගෙන හැදුවාට මේ බතේ තෙල් ගතිය නොමැති වීම 
මෙහෙමයි හදාගත්තේ 
හාල් කප් 4(කීර සම්බා හෝ බාස්මති )
බටර් 50g
ලීක්ස් 250g 
කැරට් 150g 
කහ තේ හැඳි 1/2
සුප් කැට 4(නෝ චිකන් කියුබ් නෙමේ පොඩි මැගී සුප් කැට )
බිත්තර 3k 
එලවළු තෙල් මේස හැන්දක් 
බී ලූණු ගෙඩි1k 
කෑලිමිරිස් තේ හැඳි 1k 
ලුණු අවශ්‍ය පමණට 

මුලින්ම රයිස් කුකර් එකට වතුර කප් 2k දමා සුප් කැට 2k දමා රත් කරන්න..විනාඩි 10ක් පමණ තබා හාල් ටික සෝදා දමාගන්න ..එයට නැවතත් සුප් කැටයක් ,බටර් තේ හැඳි 2k ,එනසාල් ඇට 2k ,කරාබුනැටි 2k ,රම්පෙ කැබැල්ලක් දමා බත පිසගන්න ..
බිත්තර ටික බැදගෙන කුඩු කරගන්න 

එලවළු ටික සිහින්ව කපාගන්න.. එයට කහ තේ හැඳි 1/2ක් , ලුණු තේ හැන්දක් ,සුප් කැටයක් පොඩි කර කලවම් කරන්න .. ..භාජනයක් ලිප තබා තෙල් මේස හැඳි 1k දමා එලවළු ටික තෙම්පරාදු කරගන්න ..

බත ඉදුණු පසු වෙනම භාජනයක් ගෙන තෙම්පරාදු කරගත් එලවළු ටික ටික බතට කලවම් කරන්න..හොඳින් කලවම් කරගන්න ඕනෙ ..බැදගත් බිත්තර ටිකත් එකතු කර හොඳින් කලවම් කරන්න ..මෙය හොඳින් කලවම් වෙන තරමට තමා රස ..

බී ලූණු ගෙඩිය කොටුවට කපාගන්න ...
..භාජනයක් ලිප තබා ඉතිරි බටර් ටික දමා බී ලූණු එකතු කර තෙම්පරාදු කර බතට එකතු කර හොඳින් කලවම් කරන්න 

මතක තබාගන්න බතට එලවළු එකතු කිරීමේදී එය නිසියාකාරව කිරීමෙන් තමා බත රසවෙන්නෙ...එකපාරටම එලවළු ටික දමා කලවම් කරන්න එපා..ටික ටික කලවම් කරන්න ..බත් හැන්දකට එලවළු හැන්දක් වගේ😊

 

 

 

දිලිණි මදුෂිකා ගේ වෙනත් කෑම වට්ටෝරු


බිත්තර රතුලූනු කරි
දිලිණි මදුෂිකා

තිබ්බටු ව්‍යංජනය
දිලිණි මදුෂිකා

බටර් රයිස්
දිලිණි මදුෂිකා

බිත්තර සමග වම්බටු බැදුම
දිලිණි මදුෂිකා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 307
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 256
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 291
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 161
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 491
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7140
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6590
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5473
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4798
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4758
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'