කොල්ලු ආනම
- නෙරන්ජලා ප්‍රනාන්දු විසිණි.
*** කොල්ලු ආනම ***
අවශ්‍ය ද්‍රව්‍ය -
කොල්ලු අවශ්‍ය ප්‍රමාණයට ( 150g 3 දෙනෙකුට ඇති )
තක්කාලි ( වැලිමඩ පැත්තෙ නම් කට්ටිය දාන්නෙ රට බටු නමින් එයාලා හදුන්වන චෙරි තක්කාලි )
රතු ළූනු
රම්පා
කරපිංචා
සුදු ළූනු
කුරුදු කෑල්ලක්
මිරිස් කුඩු ටිකක් (ගොඩක් සැරට දාන්න එපා)
කහ කුඩු
අමු තුනපහ
ලුණු
තෙල් ටිකක්
අබ ඇට ටිකක්
සාදන ක්‍රමය -
1. කොල්ලු හොදින් ගරා සෝදා වේලා ගන්න.
2. පිරිසිදු කල කොල්ලු ටික කබලෙ රන්වන් පාට වනතුරු බැදගන්න.
3. එය පියලි වෙන්න පොඩ්ඩක් කොටා පොලා පොතු ඉවත්කර ගන්න.
4. නැවත එය කුඩාවට කෑලි ගතියක් හා කුඩු තිබෙන ලෙස කොටා ගන්න.
5. භාජනයකට එය දමා එයට වතුර ටිකක් වැඩිපුර දමා ( කොල්ලු වල මට්ටමට වඩා ස්වල්පයක් උඩට ) අනෙක් කලමනාද රස අනුව දමා ( තෙල් හා අබ හැර ) ලිප තබා පිසගන්න.
මෙහිදී කොල්ලු මිශ්‍රණය සැරින් සැරේ හොදින් හැදිගාමින් පිසගන්න. නැත්නම් අඩිය අල්ලන්න බලනවා ඉක්මනටම
6. කොල්ලු තැම්බී දියර ගතිය ගොඩක් අඩු වූ විට වෙනමම තෙල් ටිකක් රත්කර අබ පුපුරුවා කොල්ලු මිශ්‍රණය එයට මිශ්‍රකර තෙම්පරාදුවක් කර ගන්න.
7. ටික වේලාවක් පිසෙන්නට හැර හොදි ගතිය ස්වල්පයක් තියෙනවිට ලිපෙන් ඉවත්කර ගන්න.
කොල්ලු පිසගත් පසු නිවෙන විට හොදි ගතිය අඩු වෙනවා උකු ගතියක් ගන්නවා
ඔන්න ඔය විදියට තමා කොල්ලු ආනම හදා ගන්නෙ. සමහර අය වතුර වෙනුවට කිරි යොදාගෙනත් හදනවා.
මඤ්ඤොක්කා කොළ මැල්ලුම එක්ක කොල්ලු ආනම නම් වරදින්නෙ නෑ වැලිමඩ පැත්තෙ.
![]() By Hiru Sandu Views - 1517 |
![]() By Ishara Sajani Kavinga Views - 552 |
![]() By Dulga Perera Views - 903 |
![]() By Niranjala Fernando Views - 1557 |
![]() By Kanchana Jayasekara Views - 1290 |
![]() By Ruwanthika Madushani Views - 9523 |
![]() By Indunee Welivita Views - 9520 |
![]() By Shiki Ranasinghe Views - 9233 |
![]() By Chathurani Priyangika Views - 6593 |
![]() By Dilini Madushika Views - 6561 |