katatarasata.com

 

 

හෙජන්කුක්(කොරියානු)

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.



කොරියන් කෑම වලින් මම ආසම කරන කෑමක් තමා හෙජන්කුක් haejanguk(kuk) මම විතරක් නෙවෙයි කොරියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ බොහොමයක් දෙනා ආසකරන කෑමක් කීවොත් නිවැරදියි.කොරියාවේ ඕනෑම නගරයකදී දවසේ ඕනෑම වෙලාවක රසවත් හෙජන්කුක් එකක රස බැලීමට හැකි නිසා මම නම් කවදාවත් ගෙදරදී හදලා නෑ,හදන විදිහ ඔයාලට කියල දෙන්නම්.ඊටකලින් හෙජන්කුක් ගැන පොඩ්ඩක් ලිව්වා නම් හොදයි කියල හිතුනා.
කොරියාව ගැන නොදන්නා කෙනෙක් උනත් චන්ගුමි කොරියානු ටෙලිනාට්‍ය බලලා තියෙන අය නම් දන්නවා ඇති ශ්‍රීලංකාවේ ඉන්දියාවේ වගේම කොරියාවෙත් ඈත අතීතයක් දක්වා දිවයන ආහාර සංස්කෘතියක් සහ වෙද හෙදකම් තිබුන බව,මේ ආහාරයත් ඉතා පැරණි ඉතිහාසයක් දක්වා දිවයනවා.වර්තමානයේ බේදයකින් තොරව ළමා තරුණ මහලුආදී සියලුදෙනා හෙජන්කුක් රසවින්දදත් 
කොරියානුවන්ගේ අදහසට අනුව නම් ඈත අතිතයේ හෙජන්කුක් පානය කරලා තියෙන්නේ අධිකලෙස මත්පැන් පානය කලවිටක මත් ගතියෙන් ශරීරයට දැනෙන අපහසුව මගහරවා ගැනිම සදහායි.එනිසා හෙජන්කුක් යන නම භාවිතා කරන බවත්ය.කොරියානු භාෂාවෙන් "කුක් "(guk) කියල කියන්නේ නම් "සුප් "යන අදහසයි.
කොරියාවේ වෙසෙන බොහොමයක් ශ්‍රීලංකිකයෝ ඌරු මස්කටුවලින් හදන හෙජන්කුක් වලට බෙහෙවින් ප්‍රියකරනවා,ඊට ප්‍රධානම හේතුවක් තමයි ශ්‍රීලංකික අහාර රසයට සමාන වූ රසයක් එහි තිබීම,ඌරු මස්කටු වලට අමතරව තවත් දේවල් වලින් හෙජන්කුක් හදනවා.ඒවා තමයි * කොන්නාමුල් හෙජන්කුක් Bean Sprouts Soup
* සොන්ජි හෙජන්කුක් Beef Blood Soup යනදී ලෙස.එහෙනම් බලමු හදන විදිහ.


1.තරමක් මස් සහිත ඌරු මස්කටු/ඉල(bone/ribs) අයිස් වතුරේ පැය දෙකක්‌ පමණ දාලා තියන්න.
2.පසුව සෝදා පිරිසුකරගත් මස්කටු ඉගුරු කැබැල්ලක් සහ ලුණු එකතුකර වතුරෙන් තම්බගන්න.පැය එක හමාරක් පමණ ගියපසු ඉගුරු කැබලි ඉවත්කරන්න.
3.napa cabbage(ලංකාවේ තියෙනවද නම්දන්නේ නෑ) ලුණු ටිකක් දාලා මිනිත්තු කිහිපයක් තම්බගෙන ඇලවතුරෙන් සෝදා ලොකු තීරු වලට ඉරාගෙන තැම්බෙන මස් එකටම දාගන්න.
5.රසඅනුව සෝයඇට පේස්ට් මාළු සෝස් චිලි පේස්ට් කැලිමිරිස් ගම්මිරිස් තලා ගත් සුදුලූනු සහ කුකින් වයින් ස්වල්පයක් එකතුකරපේස්ට් එකක් ආකාරයට සාදා තැම්බෙන මස් එකටඑකතුකර තවත් මිනිත්තු30ක් පිසගන්න.
6.පිලිගන්වනවිට ලූණු කොළටිකක් උඩින් දාගන්න.
7.ඊට අමතරව බත් කෝප්පයක් කිම්චි කපාගත් ලූනු අමුමිරිස් කරල් කීපයක් සමග පිළිගන්වන්න.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෙදරදීම සකස්කර ගත් හාල් පිටි වලින් ඉදිආප්ප
තිලිනි ගයත්‍රී මුතුනායක

පාන්
තිලිනි ගයත්‍රී මුතුනායක

ස්වීට් මිල්ක් බන්ස්
තිලිනි ගයත්‍රී මුතුනායක

අයිස් කෝපි
තිලිනි ගයත්‍රී මුතුනායක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1244
දියබත්
By Ishara Sajani Kavinga
Views - 435
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 744
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1283
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1119
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9138
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8930
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8805
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6324
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6286
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'