අල මසාලා
- අර්ජුනී උපේක්ඛා රණතුංග විසිණි.
තම්බා කොටු කපාගත් අල 250g(අල තම්බලා කොටු කපන්න එපා.පුන්චි කොටු කැපූ අල වතුර සහ ලුනු චුට්ටක් දාලා තම්බ ගන්න.එතකොට පොඩි වෙන්නෙ නෑ.)
ලොකු ළූනු ලොකු ගෙඩියක් සිහින්ව ලියාගන්න
බැදපු කජු 50ග්
කඩල පරිප්පු මේස හැන්දක්
උලුදු ඇට මේස හැන්දක්
ලියාගත් අමු මිරිස් ටිකක්
සූදුරු තේ හැන්දක්
කහ චුට්ටක්
අබ තේ හැදි බාගයක්
ලියාගත් කොත්තමල්ලි කොල ටිකක්
තලාගත් ඉගුරු මේස හැන්දක්
වියලි මිරිස් කරල් දෙක තුනක්
තෙල් ටිකක්
රස අනුව ලුනු සහ ගම්මිරිස්
කරපින්චා
තෙල් ටික ලිපේ තියන්න.එයට මුලින්ම සූදුරු සහ අබ දමන්න.මද ගින්නේ ලිප තබන්න අමතක කරන්න එපා.දැන් එයට කඩල පරිප්පු ටික දාන්න.එයටම උලුදු ඇට ටිකත්දාන්න
දාන්න.කර කරගන්න එපා.ඉගුරු එක්තු කරන්න.එයට විය්ලි මිරිස් කරල් දෙකට තුනට් කඩලා දාන්න.කජුත් දාන්න.ලියාගත් ලූනුත් අමුමිරිසුත් කහත් දාන්න.මෙය හොදින් මැල්වෙනතෙක් පිසගන්න.දැන් අල ටික දාන්න.ගම්මිරිස් ලුනු රස අනුව දමා ලිප නිවා කොත්තමල්ලි කොල එකතු කර ලිපෙන් බාන්න.
![]() By Hiru Sandu Views - 1517 |
![]() By Ishara Sajani Kavinga Views - 552 |
![]() By Dulga Perera Views - 903 |
![]() By Niranjala Fernando Views - 1557 |
![]() By Kanchana Jayasekara Views - 1290 |
![]() By Ruwanthika Madushani Views - 9523 |
![]() By Indunee Welivita Views - 9520 |
![]() By Shiki Ranasinghe Views - 9233 |
![]() By Chathurani Priyangika Views - 6593 |
![]() By Dilini Madushika Views - 6561 |