katatarasata.com

 

 

එළවළු හා බිත්තර ෆ්‍රයිඩ් රයිස් Vegetable & egg fried rice

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.





අවශ්‍ය ද්‍රව්‍ය -

පිසගත් බත් අවශ්‍ය පමණ ( සම්බා වර්ග තමා හොඳ )
# අනෙක් ද්‍රව්‍ය බත් ප්‍රමාණයට අවශ්‍ය පමණ යොදා ගන්න 
කැරට් ( සිහින් පෙති කපා ඒ පෙත්ත දෙකට මැදින් කපා සිහින් තීරු කපන්න )
ලීක්ස් ( කොළ කුඩාවට කපා )
ගෝවා ( කුඩාවට ලියා ගන්න )
සුදුළූණු ( කුඩාවට කපා)
ඉගුරු ටිකක් ( කුඩාවට කපා )
බිත්තර ( ටිකක් වැඩිපුර ගත්තාම රසයි )
ෆිෂ් සෝස්
ඔයිස්ටර් සෝස් 
සෝයා සෝස් 
චිලි පේස්ට් 
නෝර් කියුබ් එකක් ( රස අනුව ගන්න )
බටර් 
තෙල් ටිකක් 
තල තෙල් ටිකක් 
ලුණු 

සාදන ක්‍රමය -

1. බිත්තර වලට ලුණු ස්වල්පයක් එක්කර, බටර් ටිකක් රත්කර එයට දමා කැබලි කර සකසා ගන්න.
2. බත සැකසීමට භාජනයක් ගෙන තෙල් ටිකක් හා බටර් ටිකක් දමා රත්කර එයට ඉගුරු, සුදුළූණු දමා බැදෙන්නට හරින්න.
3. ටිකකින් එයට කැරට් එක්කර ටික වේලාවක් පිසගන්න.
4. සුළු වේලාවකින් එයට ලීක්ස්, ගෝවා මිශ්‍රකර බිත්තර කැබලිද එක්කර ගන්න.
5. එයට සෝස් වර්ග රස අනුව එක්කර ගන්න. රස වැඩියෙන් හෝ අඩුවෙන් කැමති ලෙස 
6. සුප් කැටයද කුඩුකර හොදින් මිශ්‍රකර ගන්න.
7. චිලි පේස්ට් එක්කර ගන්න. චිලි පේස්ට් ටිකක් වැඩිපුර එක්කිරීමෙන් රසය හා බත් එකේ වර්ණය වැඩිවේ.
8. එයට බත් මිශ්‍රකර, රස අනුව ලුණු එක්කර ගන්න.
9. අවසානයේ තල තෙල් ටිකක් මිශ්‍රකර ගන්න.

# මේ බත හදනකොට මම කරන වෙනස්කම් -

1. මම සුප් කැට ගන්නෙ නෑ 
2. මම සෝස් වර්ගත් ගොඩාක් පාවිච්චි කරන්නෙ නෑ රස දැනෙන ගානට තමා දාන්නෙ .
3. මම අවසානයේ ළූනු කොළ ටිකක් වැඩිපුර මිශ්‍රකර ගන්නවා මගේ කැමැත්තට.

මම ඔයාලට දුන්නෙ මුල් රෙසිපි එක. අවශ්‍ය විදියට දේවල් වල රස අඩු වැඩි කරගන්න ඔයාලට පුළුවන්.

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් ස්පයිසි බිරියානි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ ස්මූති
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ මිල්ක්ශේක්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

රෙන්ච් බ්‍රෙඩ් ( ප්‍රංශ පාන් )
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 529
දියබත්
By Ishara Sajani Kavinga
Views - 207

By Ishara Sajani Kavinga
Views - 83
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 391
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 698
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8339
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7832
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7456
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5772
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5692
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'