katatarasata.com

 

 

තල මැල්ලුම

- උදේනි ලියන ආරච්චි විසිණි.



මේක මමම හිතලා හදා ගත්තු resipe එකක් .. ඒ කියන්නේ මගේම නිර්මාණයක්..

තල මැල්ලුම...
අවශ්‍ය ද්‍රව්‍ය - 
තල 200g 
පොල් ගෙඩි 1/2ක විතර පොල් 
අමුමිරිස්
සුදුලුනු 
රතුළුණු 
කරපිංචා 
කුරුඳු පොත්තක් 
අබ ටිකක් 
ගම්මිරිස් කුඩු 
කහකුඩු 
ලුණු 
දෙහි ඇඹුල් චුට්ටක්
සාදන ක්‍රමය -
මම සුදු තල 200g ක් අරගෙන අනික් ඒවා එයට ගැලපෙන්න හිතේ මිම්මට ගත්තේ. පොල් desicated පොල් අරගෙන අර මම දවසක් කියල දුන්නු විදියට ඒකෙන් පොල් හදා ගත්තා. මුලින්ම තල ටික pan එකකට දාල රන්වන් පාටට වෙනකල් කබලේ බැද ගන්න . දෙහි හැර ඉතිරි සියල්ල කොටලා, ගලේ අඹරල හෝ grinder එකෙන් පොල් මැල්ලුමක් හදන්න. මම chopper එකට දාල ගත්තේ.
ඊට පස්සේ බැද ගත් තල ටිකට වතුර මේස හැඳි 2ක් විතර දාල ලුණු චුට්ටක් දාල යන්තමින් තම්බා ගන්න. විනාඩි 3ක් 4ක් විතර තැම්බුනාම ඇති . බෙරි වෙන්න නොදී යන්තම් තම්බන්න . තල ටික තැම්බිලා ඉවර වෙද්දී වතුර ගතියත් හිඳෙන ගානට තමයි වතුර දාන්න ඕන . ඒ තල ටිකට අර හදා ගත්ත පොල් ටික දාල හොඳින් කලවම් කරමින් මලවන්න. පොල් මැලවිලා තලත් එක්ක mix වෙලා හොඳ සුවඳක් එනවා . එතකොට ලිපෙන් බා ගෙන නිවුනම දෙහි යුෂ ටිකක් දාල mix කරන්න . හරිම සුවඳයි..රසයි..ගුණයි..ඔයාලත් හදලා බලන්න .. 

උදේනි ලියන ආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


නෙළුම් අල සම්බෝලය
උදේනි ලියන ආරච්චි

කෙසෙල් මුව සීනි සම්බලය
උදේනි ලියන ආරච්චි

අර්තාපල් සලාදය
උදේනි ලියන ආරච්චි

නෙළුම් අල වෑන්ජනය
උදේනි ලියන ආරච්චි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2262
දියබත්
By Ishara Sajani Kavinga
Views - 855
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1315
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2277
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1777
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11009
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10421
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10329
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7264
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7236
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'