katatarasata.com

 

 

වැනිලා චොක්ලට් පුඩින්

- සීතා පොන්නම්පෙරුම විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය :

ටින් කිරි 400 g
කිරි කෝප්ප 21/2
ජෙලටින් මේස හැදි 11/2
චොක්ලට් පවුඩර් මේස හැදි 2
වැනිලා තේ හැදි 1
වතුර කෝප්ප 1/2

සැරසීමට ස්ටූ කරගත් අන්නාසි 
(වතුර කෝප්පයකට සීනි මේස හැන්දක් සහ කරදමුන්ගු ඇට 3ක් දමා කුඩාවට කපා ගත් අන්නාසි කෝප්ප 1 එක්කර උතුරවා ගන්න.)

සාදන ක්‍රමය :

ජෙලටින් වතුර කෝප්ප 1/2 විනාඩි 10 පොගවා double boil ක්‍රමයට දියකර ගන්න.
ටින්කිරි වලට කිරි කෝප්ප දෙකක් දමා උනු කර (උතුරන්නම අවශ්‍ය නෑ) ජෙලටින් දමා දියකර ගන්න.

මෙය කොටස් දෙකකට වෙන්කර ගන්න.

ඉතුරු කිරි කෝප්ප 1/2 උනුකර චොක්ලට් පවුඩර් දියකර ගෙන එක් කොටසකට මිශ්‍ර කර ගන්න. 

අනෙක් කොටස නිවුණ පසු වැනිලා එක්කරන්න.

මේ විදියට වීදුරු වලට දානවානම් අයිස් ක්‍රීම් පෙට්ටියකට වීදුරු ඇලකර තබා නොසෙල්වෙන්න පත්තර ටිකක් ගුලිකර තබා සෙට් කරගෙන චොක්ලට් මිශ්‍රණය ටිකක් දමා freezer එකේ විනාඩි 5 පමන තබා හෝ යන්තමින් set උනාම ඉතිරි කොටස දමා ශීතකරණයේ යට කොටසේ තබා සෙට් කර ගන්න.

(යට කොටසේම මුල් කොටස සෙට් කරනවා නම් පැයක් විතර යනවා. හොදටම සෙට් කරන්න එපා එතකොට දෙවෙනි කොටස මුල් එකට සම්බන්ධ වෙන්නෙ නෑ. ඒ ගැන සැලකිලිමත් වෙන්න.)

පලතුරු යොදා සරසා ගන්න.

සීතා පොන්නම්පෙරුම ගේ වෙනත් කෑම වට්ටෝරු


තක්කාලි සෝස්
සීතා පොන්නම්පෙරුම

ඇම්බරැල්ලා චට්නි
සීතා පොන්නම්පෙරුම

ෂාලට් රොයාල් කේක්
සීතා පොන්නම්පෙරුම

චොක්ලට් කේක්
සීතා පොන්නම්පෙරුම
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2100
දියබත්
By Ishara Sajani Kavinga
Views - 774
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1240
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2140
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1667
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 10691
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10257
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10116
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7125
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7105
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'