katatarasata.com

 

 

කොරියන් බිත්තර රෝල් ඔම්ලට්

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



අදත් මොනවාහරි හදන්න ඕන කියල හිත හිතා ඉදලා හැදුවා රෑ කෑමට බිත්තර ඔම්ලට් එකක්. මේක බිත්තර ඔම්ලට් එකක් වන කොරියන් බිත්තර රෝල් ( කොරියන් රෝල් කරන ලද ඔම්ලට් ) / Korean egg roll ( Korean rolled omelet ) එකක්. ඔයාලත් කෑල්ල කෑල්ල ගන්නකෝ රෑ කෑමට 

මේකට කොරියාවේ කියන නම කෙරන්මරි / Gyeranmari... කෙරන් කියන්නෙ බිත්තර, මරි කියන්නෙ රෝල් කියන එකටයි. මේ විස්තර කියපු Thilini Gayathri Muthunayaka ඔයාට ගොඩාක් ස්තූතියි 

මම හැදුවේ මේ විදියට. මේ එක බිත්තර රෝල් එකකට අවශ්‍ය වන ප්‍රමාණයන්...

** කොරියන් බිත්තර රෝල් 
( කොරියන් රෝල් කරනලද ඔම්ලට් )

අවශ්‍ය ද්‍රව්‍ය -

බිත්තර 3
දියර කිරි මේස හැදි 1 ( කිරිපිටි දාන්නෙ නැතුව දිය කරලා හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි ගන්න )
ලුණු රස අනුව 

කැරට් මේස හැදි 1
ළූනු මේස හැදි 1
ළූනු ගස් මේස හැදි 1
ගම්මිරිස් රස අනුව 
තෙල් ටිකක් 

සාදන ක්‍රමය -

1. කැරට් සිහින්ව පෙති කපා, ඒවා සිහින් තීරු කපා, එම තීරු කුඩා කොටු ලෙස කපාගන්න.
2. ළූනුද ඉතා කුඩාවට කපා ගන්න.
3. ළූනු ගස්ද කුඩාවට කපාගන්න.
4. බිත්තර වලට කිරි හා ලුණු එක්කර හොදින් මිශ්‍ර වනලෙස ගසාගන්න.
5. එය පෙරණයකින් පෙරා එහි පෙණ ඉවත්කර ගන්න. ( 1වන රූපය )


එවිට මිශ්‍රණය පැහැදිලි මිශ්‍රණයක් ලෙස සකසා ගන්න පුළුවන්.
6. එයට එළවළු ටික මිශ්‍රකර ගන්න. ( 2වන රූපය )


7. පෑන් එකක් රත්කර එයට හොදින් තෙල් ගා ගන්න.
8. බිත්තර මිශ්‍රණයෙන් ටිකක් එයට දමා මද ගින්නේ පිසෙන්නට හැර එක පැත්තකින් රෝල් කරන්න. ( 3 , 4 වන රූප )


9. බිත්තර ඔම්ලට් රවුමේ මැදට වනතුරු රෝල් කර පෑන් එකේ හිස් වූ පැත්තට තෙල් ටිකක් තවරා ඒ පැත්තට ඉතිරි ඔම්ලට් කොටස ගන්න. ( 5, 6 වන රූප )


10. දැන් පෑන් එකේ ඉතිරි කොටසට තෙල් ටිකක් තවරා, තවත් ඔම්ලට් මිශ්‍රණ කොටසක් එයට දමා ගන්න.
එම මිශ්‍රණය පෙර සෑදූ ඔම්ලට් එක හා සම්බන්ධ වනලෙස දමා මද ගින්දරේ පිසගන්න. ( 7වන රූපය )


11. නැවත බිත්තර ඔම්ලට් එක ඉදිරියට රෝල් කර මැදට ආ පසු නවත්වන්න. ( 8වන රූපය )


12. නැවතත් පෙර ලෙසම පෑන් එකේ හිස් වූ කොටසේ තෙල් තවරා, ඔම්ලට් කොටස ඒ පැත්තට ගෙන, පෑන් එකේ ඉතිරි කොටසේ තෙල් තවරා ඉතිරි බිත්තර මිශ්‍රණය දමා පිස රෝල් කරගන්න. ( 9, 10 රූප )

මේ මිශ්‍රණය මෙසේ 3 වතාවක් එක් කිරීමෙන් එක රෝල් එකක් සාදා ගන්න පුළුවන්.

## සෑම විටම ඔම්ලට් එක රෝල් කරන විට හොදින් තද කරමින් රෝල් කරගන්න.

13. බිත්තර රෝල් එක නිවෙන්නට තබන්න. මෙහිදී ඇතුලෙ රස්නය තිබුනත් පිටතින් සිසිල්වූ විට පෙති කපාගන්න. 
ගොඩාක් රස්නෙන් කැපීමට යාමේදී කැඩෙන්න පුළුවන්.

# අවශ්‍ය කෙනෙකුට මෙයට සොසේජස්, හැම් වගේ දෙයක් ඉතා කුඩාවට කපා එක්කර ගන්නත් පුළුවන්.

මෙන්න මේ විදියට තමා බිත්තර රෝල් හදලා ඉවර කලේ

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


අඹ ස්මූති
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ මිල්ක්ශේක්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

රෙන්ච් බ්‍රෙඩ් ( ප්‍රංශ පාන් )
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

පරිප්පු මැල්ලුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 171
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 141
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 155
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 88
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 307
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6892
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6348
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5081
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4634
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4616
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'