එළවළු චොප්සි - Vegetable Chop Suey
- ඉන්දුනී වැලිවිට විසිණි.
අවශ්‍ය දුව්‍ය...
කැරට්, බොංචි, ගෝවා, කෝලි ප්ලවර්, බ්‍රොකලි, බේබි කෝන්, බට්න් මෂ්රූම්, බෙල් පෙපර්, bean sprout (මුං ඇට ළපටි අංකුර) වගේ ගැලපෙන එළවලු අවශ්‍ය පමණ
ලූණු ටිකක්
ලීක්ස් ටිකක් (අවශ්‍යම නෑ)
සෝයා සෝස් රස අනුව
ඹයිස්ටර් සෝස් රස අනුව
සුප් කැට 1 පමණ (MSG නැති වර්ගයක් ගන්න)
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ලුනු රස අනුව
සුදු ළූණු, ඉඟුරු ටිකක් තලාගන්න
තෙල් අවශ්‍ය පමණ
සාදන ආකාරය.....
• කැරට්, බොංචි, ගෝවා, කෝලි ප්ලවර්, බ්‍රොකලි, බේබි කෝන් වැනි එළවලු පොඩියට කපා ගෙන බාගෙට තැම්බෙන තුරු ස්ටීම් කරන්න.
• තෙල් මේස හැඳි 2-3 (එළවලු අනුව ප්‍රමාණය හිතා ගන්න) රත් වෙන කොට සුදු ළූණු, ඉඟුරු ටිකක් තලාගෙන දාන්න.
• එයට ලූනු සහ ලීක්ස් ටිකක් දාන්න.
• එය බැදෙන විට bean sprout, බට්න් මෂ්රූම්, බෙල් පෙපර් (තිබේ නම්) දමා කවලම් කරන්න.
• දැන් එයට ස්ටීම් කරපු එලවලු දමා කවලම් කර වසා විනාඩි 2 පමණ තියන්න.
• එයට ගම්මිරිස් කුඩු ටිකක්, සෝයා සෝස් සහ ඔයිස්ට සෝස් (තියෙනවා නම්) රස අනුව දමා කවලම් කරන්න.
• සුප් කැටයක් දිය කර දැම්මොත් තවත් රසයි. ඒත් MSG නැති සුප් කැට විතරක් දාන්න. සුප් කැට දාන්නේ නැති නම් වතුර මේස හැඳි කීපයක් දමන්න. මෙය තවත් විනාඩි 1-2 (එළවලු බාගෙට තැම්බෙන ගානට) කවලම් කරමින් ලිපේ තබන්න.
• කෝන් පිටි මේස හැන්දක් සහ සිනී චූට්ටක් (තේ හැඳි 1/4) විතර ඇල් වතුර කෝප්ප 1/2 ක දියකර චොප්සියට දමා හැඳි ගා දිලිසෙන ගතිය ආවිට බාන්න. කලින් චොප්සි එක හදනවා නම් මේසයට යවන්න ලං කර ලිපේ විනාඩියක් පමණ තබා කෝන් පිටි මිශ්‍රණය දමා ගන්න.
• අන්තිමටම ලුණු රස හරිද බලන්න. ලුණු වැඩි කර ගන්න එපා. සෝයා සෝස්, ඔයිස්ට සෝස්, සුප් කැට ලුණු රස වැඩි කරනවා. ලුණු වැඩි වෙලා නම් වතුර ටිකක් දමන්න.
![]() By Nayani Kanchana Views - 2 |
![]() By Dinu Rathnayaka Views - 1 |
![]() By Uresha Uresha Views - 2 |
![]() By Shiki Ranasinghe Views - 2 |
![]() By S.Kosalee Ranasinghe Views - 1 |
![]() By Ruwanthika Madushani Views - 18407 |
![]() By Shiki Ranasinghe Views - 15721 |
![]() By Indunee Welivita Views - 15633 |
![]() By Indunee Welivita Views - 14896 |
![]() By Chathurani Priyangika Views - 11301 |