katatarasata.com

 

 

ෆොන්ඩන්ට් අයිසින් සාදන අාකාරය සහ කේක් එක ආවරණය කරන ආකාරය

- ඉන්දුනී වැලිවිට විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:
ජෙලටින් තේ හැඳි 5 
වතුර මේස හැඳි 4
ග්ලිසරින් මේස හැඳි 1
කොන් සිරප් හෝ ලික්විඩ් ග්ලූකොස් කෝප්ප ½ (මේස හැඳි 8)
Shortening/Crisco/Mavo Butter/ Trex /White fat මේස හැඳි 2
හොඳින් හලා ගත් අයිසින් සීනි 800g-900g පමණ 
වර්ණක
රසකාරක

සාදන ආකාරය:
• ජෙලටින් වලට වතුර දමා විනාඩි 5 පමණ පොඟවා විනාඩියක් පමණ මයික්‍රොවේව් කර දියකර ගන්න. නැතිනම් ඩබල් බොයිල් කර (ජෙලටින් සහිත බාජනය උණු වතුර බාජනයක් මත තබා දිය වන තුරු හැඳි ගාන්න) දිය කර ගන්න. 
• එයට කොන් සිරප්, Shortening සහ ග්ලිසරින් දමා දිය කරන්න. වර්ණක සහ රසකාරක අවශ්‍ය නම් දමන්න. 
• මෙය මඳක් නිවුණු පසුව ලොකු බාජනයකට දමා අයිසින් සීනි වලින් බාගයක් පමණ ටික ටික දමමින් හැන්දකින් කවලම් කරන්න.


• මිශ්‍රණය ගුලියක් වගේ හැඳි ගෙන එනවිට එය පිරිසිදු මතුපිටකට දමා ඉතිරි අයිසින් සීනිත් ටික ටික දමමින් හොඳින් අනා නොඇලෙන ගුලියක් සාදා ගන්න. ඉන්පසු වැඩිපුර අයිසින් සීනි ඇති නම් ඒවා ඉවත් කර අතේ Shortening ටිකක් ගා තවත් විනාඩියක් පමණ හොඳින් අනන්න. 


• මෙය ඉක්මනින් ඉටිකොලයක හොඳින් ඔතා පියන හොඳින් වැසෙන බාජනයක දමා වසන්න.

කේක් එකක් කවර් කරන ආකාරය:
• ෆොන්ඩන්ට් එක සෑදූ විගසම කේක් කවර් කරන්න ගන්න පුලුවනි. පැය කීපයක් තියන්න පුලුවන් නම් වැඩිය හොඳයි. සතියකට වඩා පාවිච්චි නොකර තියනවා නම් ශීතකරණයේ තියන්න. පාවිච්චි කරන වෙලාවට කලින් එළියට අරන් සීතල ගතිය නැති වන තුරු තබා හොඳින් අනා ප්‍රයෝජනයට ගන්න. අධිශිතකරණයේ තියන්න එපා. 
• ෆොන්ඩන්ට් එක ඝන වෙලා වගේ නම් Shortening ටිකක් සමග හොඳින් අනන්න. 
• මෙම ප්‍රමාණ වලින් ෆොන්ඩන්ට් 900-1000g (1kg) පමණ සෑදේ. මෙය අඟල් 10 විෂ්කම්භය ඇති අඟල් 4 උස රවුම් කේක් හෝ අඟල් 8 දිග පළල ඇති අඟල් 4 උස හතරැස් කේක් එකක් කවර් කරන්න ප්‍රමාණවත්. 
• කේක් කවර් කිරීමට මුලින්ම කේක් එක අවශ්‍ය හැඩයට කපා බටර් අයිසින් වලින් හොඳින් කවර් කර ශීතකරණයේ තියන්න. ඉන්පසු එළියට ගෙන මතුපිට හොඳින් සුමට කරන්න. 
• ෆොන්ඩන්ට් එක අඟල් 1/8 ගණකමට පමණ තුනී කරන්න. කේක් එක වැසීමට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය හැඩයට තුනී කරගන්න. රවුම් කේක් එකකට නම් අඟල් 18 විෂ්කම්භය ඇති රවුමක් හදා ගන්න. හතරැස් කේක් එකකට නම් අඟල් 16 දිග පළල ඇති කොටුවක් හදා ගන්න. ඒකේ ප්‍රමණය කේක් එකට වඩා ලොකු වුණාට කමක් නෑ. ඒත් පොඩියට ගන්න එපා. 
• එය රෝලින් පින් එකක ඔතා හෝ අත් දෙකට ගෙන කේක් එක මත දමා ගන්න.
• Fondant Smoother එකෙන් සහ අතින් පිරිමදිමින් මතුපිට සුමට කරන්න. වැඩියෙන් ඇති කොටස් කපා දමන්න.

ඉන්දුනී වැලිවිට ගේ වෙනත් කෑම වට්ටෝරු


පෑන් කේක්
ඉන්දුනී වැලිවිට

බුල්ටෝ ටොෆී
ඉන්දුනී වැලිවිට

ලෙමන් ක්‍රීම් කේක්
ඉන්දුනී වැලිවිට

ෆොන්ඩන්ට් අයිසින් සාදන අාකාරය සහ කේක් එක ආවරණය කරන ආකාරය
ඉන්දුනී වැලිවිට
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 128
දියබත්
By Ishara Sajani Kavinga
Views - 59

By Ishara Sajani Kavinga
Views - 24
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 67
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 240
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7801
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7183
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6424
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5316
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5241
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'