katatarasata.com

 

 

ස්පයිසි ගාර්ලික් ඇන්ඩ් හර්බ්ස් පොටෑටො වෙජර්ස්

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.



විදේශීය විදිහට හදන ආහාරයක් උනත් අපෙ කුලුබඩුත් එකතු කරගනිමින් රසවත්ව පොටෑටො වෙජර්ස් එකක් හදාගමු.මේ විදිහටම ලූනු ටිකක් එකතු කර අල බැදුමක් ආකාරයට උනත් හදාගන්න පුලුවන් හරිම රසයි.හදාගන්න පුලුවන් ක්‍රම දෙකක් කියලා දෙන්නම්.මුලින්ම මම අද හදපු විදිහ කියලා දෙන්නම්.

පලමු ක්‍රමය(පෑන් ෆ්‍රයි ක්‍රමය)
1.මුලින්ම අල ගෙඩියෙ පොතු හැර සෝදා දෙකට කපා දික් අතට ලොකු තීරු කපා ගන්න.(වෙජර්ස් )
2.කපා ගත් අල ටිකට වතුර යොදා මිනිත්තු දහයක් තම්බාගෙන වතුර පෙරාගන්න.
3.භාජනයක් ලිපෙ තියලා බටර් සහ තෙල් ස්වල්පයක් යොදාගෙන රත් වෙනකොට තලාගත් සුදුලූනූ ටිකක් දාගන්න.
(මම අබ ස්වල්පයකුත් දැම්මා)
4.දැන් අල ටිකත් ලුනු සහ කහ ස්වල්පයකුත් දාගන්න.
5.කපා ගත් අල කැබලි හොදින් බැදිලා වටේ රන්වන් පැහැයක් එනකොට වියලි තයිම් සහ රෝස්මරි එකතු කරගන්න .එයින් හොද සුවදක් ලැබෙනවා.(හර්බ්ස් වර්ග එකතු කලේ නෑ කියලත් කිසි ප්‍රශ්නයක් නෑ)
5.අවසානයේ මිරිස් කුඩු එකතු කර අල කැබලි නොකැඩෙන සේ කවලවම් කරගන්න. ම්නිත්තු දෙක තුනක් තබා ලිපෙන් බාගන්න.


දෙවෙනි ක්‍රමය(බේක් කරලා)
1.පලමු ක්‍රමයෙදි වගෙම අල ටික කපාගෙන වතුර භාජනයකට දාගන්න.
2.දැන් වෙනම භාජනයක් ගෙන තලාගත් සුදුලූනූ හර්බ්ස් වර්ග කහ මිරිස් කුඩු තෙල් සහ ලුනු යොදා හොදින් මිශ්‍ර කරගන්න.
3.වතුර භාජනයේ ඇති අල පිරිසිදු රෙදි කැබැල්ලක් භාවිතා කර තෙතමාත්තු කර පෙර සාද මිශ්‍රණයට යොදා කවලම්කරගන්න.
4. අල කැබලි ටික ෆොයිල් එකක ඔතාගෙන බේකින් තැටියක තබා සෙල්සියස් අංශක 220 මිනිත්තු තිහක් බේක්කරගන්න.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෙදරදීම සකස්කර ගත් හාල් පිටි වලින් ඉදිආප්ප
තිලිනි ගයත්‍රී මුතුනායක

පාන්
තිලිනි ගයත්‍රී මුතුනායක

ස්වීට් මිල්ක් බන්ස්
තිලිනි ගයත්‍රී මුතුනායක

අයිස් කෝපි
තිලිනි ගයත්‍රී මුතුනායක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1209
දියබත්
By Ishara Sajani Kavinga
Views - 429
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 730
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1260
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1103
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9108
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8895
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8773
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6301
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6270
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'