katatarasata.com

 

 

දැල්ලො මෝජු

- ශිඛී රණසිංහ විසිණි.



අවශ්ය දේ
දැල්ලන් කිලෝ 1
ලොකු රටලූනු ගෙඩි 3-4 
අමු මිරිස් කරල් 10-15
සුදුලූනු ගෙඩි 4-5
ඉගුරු කැබැල්ලක්
කුරුදු කැබැල්ලක්
කරාබුනැටි කිහිපයක්
එන්සල් කරල් කිහිපයක්
මිරිස් කුඩු ස්වල්පයක්
කහ කුඩු ස්වල්පයක්
තුනපහ කුඩු ස්වල්පයක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
අබ තේ හැදි 1 ( අබ වැඩි උනොත් තිත්ත රසක් එනවා )
රස අනුව ලුනු
දෙහි ඇඹුල් ස්වල්පයක්
තෙල්
විනාකිරි
සීනි තේ හැදි 1 පමණ


සාදා ගන්නා ආකාරය
දැල්ලන් සුද්ද කර සෝදා ගෙන සිහින් රවුම් කපා ගන්න. ඔලු ටිකත් වෙනම තියා ගන්න.දැන් මේ සේරම බාජනයකට දමා ලුනු,ගම්මිරිස්,කහ, තුනපහ, මිරිස් සහ දෙහි ඇඹුල් ස්වල්පයක් අතගා විනාඩි විස්සක් විතර වසා තියන්න. ඒ අතරෙ රටලූනු සිහින්ව කපා ගන්න. අමුමිරිස් සෝදා වතුර වියලෙන්න තියා ගන්න.සුදුලූනු සහ ඉගුරු එකට අබරා පේස්ට් එකක් සාදා ගන්න. අබ විනාකිරෙන් අබරාගෙන පැත්තකින් තියන්න. දැන් බාජනයක් ලිප තබා එයට තෙල් දමා තෙල් රත්වූ විට කලින් සකසා ගත් දැල්ලන් ගැඹුරු තෙලින් බැද ගන්න, රන්වන් පාට වෙනතුරු. බදිනවිට හැම වෙලාවෙම ලිපේ දැල්ල අඩුකරගෙන බදින්න.නැත්නම් දැල්ලන් ටික ඉක්මනට කලුවෙන්න බලයි. දැල්ලන් සේරම බැද ගත් පසු තෙල් බේරෙන්න ටිශූ පේපර් එකක් මත තියන්න. මේ විදියටම රටලූනු සහ අමු මිරිස් බැද ගන්න. පැත්තකින් තියන්න. දැන් මැටි බදුනක් අරගෙන ලිප තියා එයට විනාකිරි එක් කරන්න.විනාකිරි උතුරන් එනවිට සුදුලූනු-ඉගුරු පේස්ට් එක සහ අබ පේස්ට් එක දාන්න, කුරුදු,කරාබුනැටි සහ එන්සල් එකතු කරන්න. එයටම මිරිස්කුඩු සහ තුනපහ කුඩු දාන්න. ලුනු ටිකක් එකතු කරන්න ( ලුනු ගොඩක් දාන්න එපා. මතකනේ දැල්ලන් බැද ගන්න කලින් අපි එයට ලුනු එකතු කලා ) දැන් බැදගත් දැල්ලන් , බැදගත් ලූනු සහ අමුමිරිස් එකතු කර හොදින් කලවම් කරන්න. මෙයටම සීනි තේ හැන්දක් එකතු කර හොදින් කලවම් කරන්න. ඉතා අඩු ගින්දර මත ටික වෙලාවක් ලිප තියා ලිපෙන් ඉවත් කරන්න. මෝජුවෙ නියම රස එන්නෙ දවසක් දෙකක් ගියාට පස්සෙ.

ශිඛී රණසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


බීට් රූට් අච්චාරුව
ශිඛී රණසිංහ

දියබත්
ශිඛී රණසිංහ

සුදුලූනු අච්චාරුව
ශිඛී රණසිංහ

දැල්ලො මෝජු
ශිඛී රණසිංහ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 307
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 256
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 291
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 161
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 491
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7140
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6590
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5473
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4798
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4758
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'