katatarasata.com

 

 

ස්කොච් එග්

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය - (බිත්තර 6ක් සදහා )

බිත්තර 7 ( එකක් බිත්තර සාරු සදහා )
ළූනු ගෙඩි 1/2ක් හෝ ටිකක් වැඩිපුර 
( කුඩාවට කපා )
සුදුළූණු ටිකක් ( කුඩාවට කපා )
අඹරාගත් මස් 600g ( ඕනෑම වර්ගයක් )
වුෂ්ටෂයර් සෝස් මේස හැදි 1 ( Worcestershire sauce ( කුකින් සෝස්/ cooking sauce ) )
බටර් 15g 
ලුණු 
ගම්මිරිස් 
පිටි 100g 
පාන් කුඩු 200g පමණ 
තෙල් ( බැදීමට )

සාදන ක්‍රමය -

1. වතුර උණුකර වතුර නටන විට එයට ලුණු ටිකක් දමා, බිත්තර 6ක් දමා විනාඩි 7ක් තැම්බුන පසු ගෙන අයිස් වතුරට දමා විනාඩි 10ක් පමණ තබා ගන්න.
පසුව කටු ඉවත්කර ගන්න.
2. බටර් රත්කර එයට ළූනු හා සුදුළූණු දමා විනාඩි 5ක් පමණ පිස එයද සිසිල් වන්නට තබන්න.
3. පසුව මස්, ළූනු මිශ්‍රණය, සෝස්, ලුණු හා ගම්මිරිස් රස අනුව එකට එක්කර හොදින් මිශ්‍රකර ගන්න.
4. එයින් සමාන බෝල 6ක් සාදා ගන්න. ( මස් 100g එකකට වනලෙස, වැඩියි වගේනම් ප්‍රමාණය අඩුකර ගන්න )
5. එයින් එක් බෝලයක් බැගින් ගෙන රවුමට තුනීකර බිත්තරයක් ඒ මැදින් තබා, බිත්තරය වැසෙන ලෙස හොදින් තදට වසා බෝලකර ගන්න.


6. එම සාදාගත් බෝල පිටි වල දවටා වැඩි පිටි ඉවත්කර ගන්න.
7. ඒවා නැවත බිත්තර සාරුවල දවටා පාන් කුඩු වල දවටා ගන්න.


8. තෙල් හොදින් රත්කර බිත්තරයක් විනාඩි 6ක් බැගින් බැදගන්න.

# මස් මිශ්‍රණයට දාන කුළු බඩු අවශ්‍ය ලෙස වෙනස්කර ගන්න පුළුවන්.

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් ස්පයිසි බිරියානි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ ස්මූති
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ මිල්ක්ශේක්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

රෙන්ච් බ්‍රෙඩ් ( ප්‍රංශ පාන් )
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1244
දියබත්
By Ishara Sajani Kavinga
Views - 435
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 744
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1283
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1119
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9138
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8930
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8805
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6324
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6286
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'