katatarasata.com

 

 

පැළ කරගත් මුංඇට බැදුම

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.



මුංඇට ටික පැලවෙන්න නම් පැය 12 ක් හෝ ඊට වැඩි කාලයක ගතවෙනවා නමුත් බැදුම නම් ඉක්මනින් හදාගන්න පුලුවන් හරිම ලේසියි.

අවශ්‍ය ද්‍රව්‍ය:
මුංඇට කොප්ප 2ක්
වතුරෙ දාලා පැය හයක් විතර පොගවගෙන වතුර පෙරලා අයින් කරලා වහලා තියන්න.පැය හතරක් වගෙ යන කොට ඡායාරූපයේ ආකාරයට මුංඇට වලින් පොඩි අංකුරයක් එනවා එහෙම ආවට පස්සෙ මුංඇට ටික වතුරට දාලා අතින් පෙරලමින් සෝදන්න එවිට පොත්ත ගැලවෙනවා මුංඇට සිල්ලේම පොතු යැවීම අනවශ්‍යි ටිකක් යැවුවාම ඇති.

දැන් වතුර පෙරලා පැය දෙකක් පමණ නැවත වසාතබන්න වසා තබන්න එතකොට වතුර ගතිය නැති වෙනවා


ලංකාවේ සුපිරි වෙළෙඳ සැල්වලින් පැළ කළ මුංඇට ගන්න පුලුවන් නමුත් එවාගේ අංකුර ප්‍රමාණය වැඩි එනිසා රස අඩුයි.
හරි මේ විදිහට හදාගත්ත මුංඇට 
උම්බලකඩ 
ලූනු 
අමුමිරිස් 
අවශ්‍ය නමි සුදුලූනු 
එනසාල් ඇට හතරක්
කරාබු නැටි දෙකක් 
කුරුදු පොතු කැබැල්ලක් 
කරපිංචා 
රම්පෙ
මිරිස් කුඩු තේ හැදි භාගයක් 
කහ තේහැදි භාගයක් 
කෑලි මිරිස් මේස හැදි දෙක හමාරක්
රස අනුව ලුණු 
තෙල්

සාදන ක්‍රමය:
භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැදි දෙකක්(සාමාන්‍යයෙන් බැදුමක් හදනකොට දානවට වඩා පොඩ්ඩක් වැඩිපුර දාගන්න.

රත් වෙනකොට එනසාල් කරාබු නැටි කුරුදු ලූනු අමුමිරිස් උම්බලකඩ රම්පෙ කරපිංචා පිලිවෙලින් දාගන්න.


ඒවා බැදීගෙන එනකොට මුංඇට ටික දාලා කවලම්කරගන්න.
දැන් කහ මිරිස් සහ ලුනු දාලා කවලම්කරගන්න නමුත් කෑලි මිරිස් දාන්න එපා කෑලි මිරිස් දාන්නෙ අවසානෙට.


නිතර කවලම්කරන්න එපා තෙත ගතිය හිදිලා මුංඇට බැදෙන්න විනාඩි 15ක් 20ක් වගේ යනවා.


දැන් කෑලි මිරිස් දාලා තවත් විනාඩි 5ක් වගේ තියලා ලිපෙන් බාගන්න.


විවිධ රටවල දේශගුණය අනුව මුංඇට පැලවෙන්න යන කාලය වෙනස් වෙනවා.උණුසුම් දේශගුණයකදි ඉක්මනින් පැලවෙනවා.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෙදරදීම සකස්කර ගත් හාල් පිටි වලින් ඉදිආප්ප
තිලිනි ගයත්‍රී මුතුනායක

පාන්
තිලිනි ගයත්‍රී මුතුනායක

ස්වීට් මිල්ක් බන්ස්
තිලිනි ගයත්‍රී මුතුනායක

අයිස් කෝපි
තිලිනි ගයත්‍රී මුතුනායක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2135
දියබත්
By Ishara Sajani Kavinga
Views - 800
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1252
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2167
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1690
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 10741
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10291
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10152
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7152
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7131
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'