katatarasata.com

 

 

සුදුලූනු අච්චාරුව

- ශිඛී රණසිංහ විසිණි.



අවශ්‍ය දේවල්

සුදුලූනු බික් කෝප්පයක්-දෙකක්
කොච්චි මිරිස් ( මම ගත්තෙ රතුකොච්චි මිරිස්. ගොඩක් සැර නම් නැහැ ) - කෝප්පයක්
අබ තේ හැන්දක්
සූදුරු තේ හැන්දක්
කරාබු නැටි කිහිපයක්
එන්සල් කරල් කිහිපයක්
මිරිස් කුඩු,කහ කුඩු, තුනපහ කුඩු ස්වල්පයක්
රස අනුව ලුනු
තෙල්
විනාකිරි කෝප්ප බාගයක්

 

සාදන ආකාරය


සුදු ලූනුවල පොතු හැර සෝදා ගන්න. වතුර වියලා ගෙන එක දික් අතට දෙකට කපා ගන්න. කොච්චිත් සෝදා වතුර වියලා ගන්න. තෙල් තාච්චියක් ලිප තබා තෙල් රත් වී විට සුදුලූනු දමා බැද ගන්න. ගොඩක් දුඹුරු පාට වෙනකම් බදින්න ඕන නැහැ. යන්තම් දුඹුරු පාටට හැරීගෙන එන විට සුදුලූනු තෙලෙන් ඉවතට ගෙන ටිශූ පේපර් එකක් මත තියා තෙල් බේරා ගන්න. කොච්චිත් මේ විදියටම බැද ගන්න ඕන. හැබැයි උනු තෙලෙන් කොච්චි බදින කොට පරිස්සම් වෙන්න. මොකද කොච්චි පුපුරන කොට තෙල් විසිවෙන නිසා. ඒ නිසා මිරිස් රත් වූ තෙලට දානකොට ලිප වහලා දාන්න. තෙල් රත්වෙලා තියන නිසා මිරිස් ටික වෙලාවක් ඒ රස්නෙන් බැදුනම ඇති. එයත් තෙල් බේරෙන්න තියන්න. ඒ අතරෙ අබ සහ සූදුරු එකට අඹරා ගන්න. මතක තියා ගන්න අබ වැඩි උනොත් තිත්ත රසක් එනවා. ඒ නිසා සුදුලූනු කෝප්පයක් - දෙකක් විතර ගත්තත් අබ තේ හැන්දක් හොදටම ඇති. කරාබු නැටි දෙක තුනත්, එන්සල් කරල් කිහිපයත් තලා ගන්න. දැන් මැටි හට්ටියක් ලිපේ තියලා එයට විනාකිරි දාන්න. විනාකිරි උතුරන විට මිරිස්කුඩු, කහ, තුනපහ කුඩු දාන්න. එයටම අබ- සූදුරු පේස්ට් එක , කරාබු නැටි- එන්සල් කරල් කිහිපය සහ ලුනු එකතු කරන්න. දැන් බැදගත් සුදුලූනු සහ කොච්චි මිරිස් එකතු කර හොදින් කලවම් කරන්න. විනාකිරි ටික හිදෙනතුරු ලිපේ තියලා හට්ටිය ලිපෙන් ඉවත් කරන්න. නිවෙනතුරු හට්ටිය පියනෙන් වහන්න එපා. හොදින් නිවුනට පස්සෙ බෝතල්වල අසුර ගන්නත් පුලුවන්. දවසක් දෙකක් තියල කෑමට ගන්න

ශිඛී රණසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


බීට් රූට් අච්චාරුව
ශිඛී රණසිංහ

දියබත්
ශිඛී රණසිංහ

සුදුලූනු අච්චාරුව
ශිඛී රණසිංහ

දැල්ලො මෝජු
ශිඛී රණසිංහ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 128
දියබත්
By Ishara Sajani Kavinga
Views - 59

By Ishara Sajani Kavinga
Views - 24
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 67
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 240
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7801
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7183
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6424
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5316
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5241
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'