katatarasata.com

 

 

චයිනීස් ක්‍රමයට ස්ටීම් කල මාළු

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය -

ගල් මාළුවෙක් 500g පමණ 
තරමක ඉගුරු කෑල්ලක් - සිහින්ව දිගට තීරු කපා
සුදුළූණු බික් කිහිපයක් - සිහින්ව දිගට තීරු කපා
ළූනු ගස් 3 ක් - කොළ කොටස් තරමක් දිගට කෑලි කපා ( අවශ්‍යම නැත )
සෝයා සෝස් මේස හැදි 2 - 2,1/2
තල තෙල් මේස හැදි 1 - 1,1/2
රතු ඉදුන මිරිස් කරලක් - කුඩාවට කපා
( චීන අය ජැලපීනෝ කියන සැර වැඩි මිරිස් වර්ගෙ ගන්නවා. මම ඉදුන නයි මිරිස් කරලක් ගත්තා ) 
ලුණු රස අනුව 
චයිනීස් රයිස් විනාකිරි මේස හැදි 1 - 1,1/2

සාදන ක්‍රමය -

1. මාළුවා ගෙන හොදින් සුද්ධ කර මාළුවාගේ දෙපැත්තේම කැපුම් 3ක් බැගින් දමා ගන්න.
( මාළුවා ලොකු වන තරමට කැපුම් ප්‍රමාණය වැඩිකර ගන්න )
2. මාළුවා තැබිය හැකි දීසියක් ගෙන ඒ මතට ළූනු ගස් කැබලි අතුරා ගන්න.
3. අනෙක් ද්‍රව්‍ය සියල්ල රස අනුව එක්කර සෝස් එකක් සාදාගන්න. ( රතු මිරිස් හැර )
4. දැන් මාළුවාගේ මේ සෝස් එක හොදින් තැවරෙන ලෙස මිශ්‍රකර ගන්න.
5. දැන් මාළුවා ළූනු කොළ මත තබා, සුදුළූණු හා ඉගුරු කැබලි මාළුවාගේ බඩ ඇතුළතටත්, මාළුවා උඩිනුත්, දීසිය මතටත් ටික ටික දමා ගන්න.
6. ඉතිරි සෝස් ටික මාළුවා මතට වත්කර ගන්න.
7. රතු මිරිස් මාළුවා උඩින් දමා ගන්න.
8. හොදින් වතුර උතුරන විට මෙය තබා ස්ටීම් කරගන්න.
9. ස්ටීම් වනවිට සෝස් එකේ ප්‍රමාණය ටිකක් වැඩිවේ.
10. ස්ටීම් වන අතරතුර කිහිප වරක් සෝස් එක හැන්දකින් මාළුවා මතට වත්කර ගන්න.
11. ගෑරප්පුවකින් මාළු කොටසක් ගලවන විට හොදින් ගැලවී එනවානම් ස්ටීම් වී ඇති.
ඇලෙන ගතියක් ඇත්නම් ස්ටීම් වෙලා මදි.

## මෙහි සදහන් රතු මිරිස්, රයිස් විනාකිරි මම මගේ කැමැත්තට රෙසිපි එකට එකතු කරපු දේවල් 

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් ස්පයිසි බිරියානි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ ස්මූති
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ මිල්ක්ශේක්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

රෙන්ච් බ්‍රෙඩ් ( ප්‍රංශ පාන් )
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1430
දියබත්
By Ishara Sajani Kavinga
Views - 506
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 856
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1465
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1230
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9368
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 9320
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 9071
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6479
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6444
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'