මුසකා
- නිශා නවරත්න විසිණි.
මේක Greek dish එකක්. මට ඕන විදියට වෙනස් කරලා තමයි හැදුවේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
ලොකු වම්බටු ගෙඩි 3ක් පෙති කපා ගන්න
ලොකු අල පෙති
සුකිනි (අවශ්‍ය නම්)
අබරාගත් කැමති මස් වර්ගයක්
තක්කාලි සොස්
රෙකොටා චීස්(උවමනා ම නැත)
මොසෙරල්ලා චීස්
පාමසාන් චීස්
ලුනු, ගම්මිරිස්, කුරුදු කුඩු ටිකත්
සාදන ක්‍රමය:
පෑන් එකක් ලිපෙ තියලා තෙල් ටිකත් දමා එළවළු ටික යන්තම් ෆ්‍රයි කරන්න (ලුනු යන්තම් ඉහින්න). ගැබුරු තෙලේ නොවෙයි.
මස් ටිකත් ලුනු ගම්මිරිස්,කුරුදු කුඩු දමා තෙල් ටිකක් දමා වෙනම ෆ්‍රයි කරන්න .
අවන් එකේ දාන්න පුළුවන් පෑන් එකක් ගෙන තක්කාලි සොස් ටිකක් දමා බැද ගත් අල ටික අසුරන්න.
ඊළගට බැද ගත් මස් දාන්න. රෙකොටා චීස් ටිකක් දාන්න.
නැවත සෝස් දමා වම්බටු දාන්න. පාමසාන් චීස් ඉහින්න.
මෙම ආකාරයට එළවළු සහ මස්, සෝස් දාන්න. තට්ටුවෙන් තට්ටුවට. පාමසාන් චීසුත් දමන්න.
උඩින්ම මොසෙරල්ලා චීස් දමා කලින් රත් කරගත් අවන් එකේ 350 f (bake) බේක් කරන්න විනාඩි 45ක් පමණ.
මෙය තක්කාලි සෝස් වෙනුවට White Sauce (වයිට් සොස්) භාවිතා කරලත් හදන්න පුළුවන් ..
White Sauce (වයිට් සෝස්) සාදන ආකාරය
ෆ්‍රයි පෑන් එකක් අරන් බටර් ටිකක් දාලා එකට පාන් පිටි ටිකක් දමා එයට කිරි දමා කැටි නොගැසෙන්න සොස් එක හදා ගන්න. ලුනු ටිකක් දාන්න.
තව විදියක්
කිරි, බටර් එකට දමා ලිපේ තියලා පාන් පිටි, වතුර ටිකකින් දිය කරලත් White Sauce හදන්න පුලුවන්..අඩු ගින්දරේ (කැමති නම් සුප් කැටයක් දාන්න)
![]() By Hiru Sandu Views - 1547 |
![]() By Ishara Sajani Kavinga Views - 559 |
![]() By Dulga Perera Views - 919 |
![]() By Niranjala Fernando Views - 1589 |
![]() By Kanchana Jayasekara Views - 1318 |
![]() By Ruwanthika Madushani Views - 9573 |
![]() By Indunee Welivita Views - 9548 |
![]() By Shiki Ranasinghe Views - 9277 |
![]() By Chathurani Priyangika Views - 6632 |
![]() By Dilini Madushika Views - 6586 |