katatarasata.com

 

 

රුලං පුඩිම්

- ශස්නා මිඩ්ලාජ් විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:

රුලන් කෝප්ප 1 1/2ක් 
කිරි කෝප්ප 2ක් හෝ ඊට වැඩි..(ඝනකම අවශ්‍ය තරමට අනුව...මම ගත්තේ බොන පිටි කිරි වලින් හදා ගත්තු කිරි.. ෆ්‍රෙෂ් මිලක් ගන්නත් පුළුවන්)
සිනි රස අනුව
එනසාල් කරල් කීපයක් 
වැනිලා ස්වල්පයක් 
බටර් හෝ මාගරින් මේස හැඳි 2ක් 
කැමති පාටකින් කලරින් 
අවශ්‍ය නම් සැරසීමට කජු හෝ රෙසින්ස්

සාදන ක්‍රමය:

රුලන් ටික මුලින්ම තරමක් සෝදා දිය බේරෙන්න තියන්න.
පැන් එකක කිරි,සීනි,බටර්,වැනිලා,එනසාල් දමා රත් කරන්න. වෙලාවක් කියල නැහැ. අඩු ගින්දෙරේ තියන්නේ ඕනෙත් නැහැ. තරමක බුබුළු එන්න රත් කරොත් ඇති.
දැන් රුලන් ටික එකතු කර මිශ්‍ර කරන්න ඝන වෙනකන්..
මේක ඉක්මනින් ඝන වෙනවා. 
ඝන වෙන්නේ ඕනේ ප්‍රමාණය ඔයාලම තීරණය කර ගන්න. මම තරමක් ඝනට වෙන්නේ ගත්තේ. 
පස්සේ ලිපෙන් අරගෙන කලරින් දා ගන්න.
පස්සේ බටර් ගාගත් ඕනෙම බෝල් එකක සෙට් වෙන්න තියන්න කාමර උෂ්නත්වෙයේ..
ඉබේම සෙට් වෙනවා. සීතලට ඕනේ නම් ෆ්‍රිජ් එකේ දාන්න.

ශස්නා මිඩ්ලාජ් ගේ වෙනත් කෑම වට්ටෝරු


කාති රොටි (චිකන් ෆ්රැන්කි)
ශස්නා මිඩ්ලාජ්

අවන් එකක් නොමැතිව සාදන ලද බනිස්
ශස්නා මිඩ්ලාජ්

රේන්බෝ පුඩින්
ශස්නා මිඩ්ලාජ්

රුලං පුඩිම්
ශස්නා මිඩ්ලාජ්
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1213
දියබත්
By Ishara Sajani Kavinga
Views - 429
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 730
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1266
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1103
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9114
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8901
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8778
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6304
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6273
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'