katatarasata.com

 

 

රේන්බෝ පුඩින්

- ශස්නා මිඩ්ලාජ් විසිණි.



මේ ප්‍රමාණයෙන් 6-8 දෙන්න පුළුවන්

අවශ්‍ය ද්‍රව්‍ය:
කිරි කෝප්ප 3.5 (840ml )
සීනි කෝප්ප 1ක් හෝ ඊට වඩා (240g)
කස්ටඩ් පව්ඩර් මේස හැදි 1.5ක් 
ජෙලටින් මේස හැදි 2ක් 
සීතල වතුර කෝප්ප බාගයක් (120ml)
විපින් ක්‍රීම් කෝප්ප 1ක්(250ml)
කෝපි කුඩු (මම ගත්තේ සාමාන්‍ය කෝපි නෙස්කැෆේ නෙමේ) තේ හැඳි 1.5 ක් 
කොකෝ කුඩු තේ හැදී 1.5ක් 
උතුරන වතුර කෝප්ප 1/4+1/4(60ml +60ml )
වැනිලා තේ හැදී 2ක් 
කපා ගත්‍ කජු හෝ nuts හා ග්‍රේට් කල චොකලට්

සාදන ක්‍රමය:
කිරි වලින් කෝප්ප 1/2ක් (120ml) වෙනම තියල ඉතුරු කිරි ටික උණු කරන්න. 
දුම් පිට වෙන්න පටන් ගත්තු ගමන් සීනි ටික එකතු කරන්න.
සිනි දිය වෙන තුරු හැඳි ගාන්න.
දැන් සිතල වතුර වලට ජෙලටින් දමා පෙගෙන්න තියන්න විනාඩි 15ක්.
අරන් තියාගත්තු 120 ml කිරි වලට කස්ටඩ් පව්ඩර් ටික මිශ්‍ර කරගන්න.
සීනි ටික හොඳින් දිය උනාට පස්සේ කස්ටෙඩ් මිශ්‍රණය එයට එකතු කරලා හැඳි ගාන්න ඝන වෙනකන්. විනාඩි 15ක් විතර.
දැන් ජෙලටින් ටික එකතු කරලා දිය වෙනකන් හැඳි ගාල ඉන්පසු සිතල වතුර භාජනයක ගිල්වා තියන්න.
දැන් විපින් ක්‍රීම් ටික අඩු වේගෙන් ඝන වෙනතුරු බිට් කර කස්ටඩ් මිශ්‍රණය උඩින් දමා ඉක්මනින් හැඳි ගාන්න. විපින් ක්‍රීම් දාද්දි කස්ට්ඩ් මිශ්‍රණය හොඳින් නිවී තියෙන්න ඕනේ.
දැන් අර උතුරන වතුර 60ml වලට කෝපි කුඩු හා රස පරිදි සිනි දමා දිය කර ගන්න. 
එය කස්ට්ඩ් මිශ්‍රණයෙන් 1/4කට එකතු කර හොදින් මිශ්‍ර කරන්න. 
කස්ට්ඩ් මිශ්‍රණය සෙට් වේගෙන අාපු නිසා කැට කැට වගේ හිටි. ඒවා හැන්දෙන් පොඩි කරමින් මිශ්‍ර කරන්න. තරමක් කැට තිබුනට කමක් නැහැ.
අනිත් 60ml උතුරන වතුරට කොකෝ පව්ඩර් හා සිනි රස පරිදි එකතු කර කස්ටර්ඩ් ම්ශ්‍රනයෙන් 1/4ට එකතු කර කලින් කිව්වා වගේ පොඩි කර කර ම්ශ්‍ර කරන්න. නට්ස් වලින් ට්කකුත් ම්ශ්‍ර කරන්න.
බටෙර් හෝ මාගරින් ගාගත් තැටියකට කොකෝ මිශ්‍රණය දමා ෆ්‍රිසර් එකේ විනාඩි 20ක් හෝ සෙට් වෙනකන් තියන්න. 
ඔය අතර ඉතුරු කස්ට්‍ර්ඩ් මිශ්‍රණයට වැනිලා දමා පොඩි කර කර මිශ්‍ර කරන්න. nuts යලි මිශ්‍ර කරන්න.
කලින් සෙට් උන කොකෝ මිශ්‍රණය උඩට මේ ටික දාගන්න. සෙට් වෙනකන් විනාඩි 20ක් හෝ ඊට වඩා තියන්න.
ඒ ටික සෙට් උනාට පස්සේ කෝපි මිශ්‍රණය උඩින් දාගන්න.එකෙත් nuts මිශ්‍ර කරන්න.
බාගෙට සෙට් වෙද්දී කැමති නම් මම උඩින් සරසාගෙන තියෙනවා වගේ nuts සහ ග්‍රේට් කරපු චොකොලට් එකතු කර ගන්න පුළුවන්. 
සම්පූර්ණයෙන් සෙට් උනාට පස්සේ ශීතකරණයේ තියන්න. දවස් 2ක්-3ක් තියා ගන්න පුළුවන් මේ විදහට...

ශස්නා මිඩ්ලාජ් ගේ වෙනත් කෑම වට්ටෝරු


කාති රොටි (චිකන් ෆ්රැන්කි)
ශස්නා මිඩ්ලාජ්

අවන් එකක් නොමැතිව සාදන ලද බනිස්
ශස්නා මිඩ්ලාජ්

රේන්බෝ පුඩින්
ශස්නා මිඩ්ලාජ්

රුලං පුඩිම්
ශස්නා මිඩ්ලාජ්
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 514
දියබත්
By Ishara Sajani Kavinga
Views - 200

By Ishara Sajani Kavinga
Views - 83
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 387
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 682
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8315
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7808
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7425
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5758
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5676
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'