katatarasata.com

 

 

ස්ලොපි ජෝ පොටැටෝස්

- කෝෂලා පෙරේරා විසිණි.



මේකේ සිංහල නමක් නම් දන්නේ නෑ..  
විශේෂයෙන් කියන්න ඕන මේක ඔරිජිනල් රෙසිපිය නම් නෙවේ. වීඩියෝ එකක් බලලා මට ඕන විදියට වෙනස් කරලා ගත්තේ.

අවශ්‍ය ද්‍රව්‍ය:
• අල ගෙඩි 3 
• කොටු හැඩයට කපා ගත් බෙල් පෙපර් ගෙඩි 1
• කොටු හැඩයට කපා ගත් ලොකු ළූණු ගෙඩි 1
• චොප් කරගත් සුදු ළූණු බික් 2
• තක්කාලි සෝස් ‍මේස හැදි 2
• ඔයිස්ටර් සෝස් මේස හැදි 1 
• රස අනුව ලුණු 
• රස අනුව ගම්මිරිස්
• කෑලි මිරිස් ටිකක්
• වියළි ඔරිගානෝ 
• තෙල් මේස හැදි 1

සාදන ක්‍රමය:
මුලින්ම අල ගෙඩි ටික හොදට සෝදලා අරගෙන පොත්ත පිටින්ම විනාඩි 8ක් මයික්‍රෝවේව් කරගන්න. එහෙම නැත්තන් බාගෙට තම්බගන්න. (1 පින්තූරය)


ඉන්පසු අල ගෙඩි වල මැද ඉවත් කරගන්න හැන්දක් ආධාරයෙන්. මේක හුගක් පරිස්සමෙන් කරන්න ඕන කැඩෙන්න බලනවා නැත්තන්. මගේ ඒවා නම් එච්චර ලස්සනට ආවේ නෑ. (2 පින්තූරය)

දැන් පිරවුම හදා ගනිමු. 

මුලින්ම භාජනයක් ‍ලිප තබා තෙල් රත් කරගෙන එයට චොප් කරගත් සුදු ළූණු එකතු කර එයටම බෙල් පෙපර්, ලොකු ළූණුත් එකතු කර මද වේලාවක් පිස ගන්න. 
එයට ලුණු සහ ගම්මිරිස් රස අනුව එකතු කරගන්න. 
එම මිශ්‍රණයට තක්කාලි සෝස්, ඔයිස්ටර් සෝස් සහ වියළි ඔරිගානෝ ටිකක් එකතු කරගෙන හොදින් මිශ්‍ර කර ලිප නිවා ගන්න.
දැන් එම මිශණය මැද ඉවත් කරගත් අල වලට පුරවා ගන්න. (4 පින්තූරය)

උඩින් මොසරැල්ලා චීස් ටිකක් දමා ගන්න. (5 පින්තූරය)


සෙල්සියස් 200 විනාඩි 15 බේක් කරගන්න.

පලි: 
ටිකක් ලොකු ප්‍රමාණයේ ගෙඩි තෝර ගන්න. ඒක පහසුයි. නැත්තන් ලොකු කට්ටක් කන්න වෙනවා.
ගන්නා අල ප්‍රමාණය අනුව අනිත් දේවල් වෙනස් කරගන්න.
පිරවුමට තමුන් කැමති දෙයක් කැමති රසයකින් හදා ගන්න පුළුවන්.
මොසරැල්ලා චීස් වැඩි වෙන තරමට රසයි. ඕන නම් වෙනත් චීස් වර්ගත් එකතු කරලා බලන්න.
මේකට අඹරා ගත් මස් වර්ගයක් එකතු කරගන්න ඕන නම්..

කෝෂලා පෙරේරා ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් ඇන්ඩ් ගාලික් ස්පැගති
කෝෂලා පෙරේරා

චිකන් ෆජිටා බේක්
කෝෂලා පෙරේරා

ස්ලොපි ජෝ පොටැටෝස්
කෝෂලා පෙරේරා

ජෙලි ලේයර් පුඩිම්
කෝෂලා පෙරේරා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1092
දියබත්
By Ishara Sajani Kavinga
Views - 387
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 681
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1165
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1033
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8962
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8663
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8649
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6210
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6184
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'