katatarasata.com

 

 

පීනට්ස් ඇන්ඩ් චොකෝ ඩේට්ස් බාර්ස්

- විශ්මි විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:
කබලේ බැදගත් අමු රටකජු කප් 1 1/2 ක් 
රට ඉඳි 150
කොකෝ පව්ඩර් මේස හැන්දක්
අයිසින් සීනි හෝ කුඩු කරගත් සීනි මේස හැඳි 4ක් 
බටර් මේස හැන්දක්
කිරි මේස හැඳි 2ක් 3ක්

සාදන ක්‍රමය:
කබලේ බැදගත් රටකජු පොතු හැර ග්‍රයින්ඩ් කර ගන්න... පේස්ට් එකක් වෙනකම්...
බටර් හැන්දට අයිසින් සීනි වලින් හැඳි 2ක් දාගෙන රස්නෙ වතුර එකක් ඇතුලෙන් තියල දියකරගන්න....
අඹරගත්ත රටකජු වලට බටර් සහ සීනි මිශ්‍රණය දාලා හොඳට මික්ස් කරන්න.... ඒක පැත්තකින් තියාගන්න...
රට ඉඳි සෝදලා ඇට ඉවත් කරලා කොකෝ පව්ඩර් සහ ඉතිරි අයිසින් සීනි හැඳි දෙකයි කිරි හැඳි 2කුයි දාලා අඹරගන්න... ඇඹරෙන්නෙ නෑ වගෙ නම් තව කිරි හැන්දක් දාගන්න...
දැන් අර රටකජු එක අරගෙන තුනී කරගන්න.. මෝල්ඩ් එකකට හරි මෆින් කප් වලට හරි පොඩි තට්ටුවක් දාගත්තත් හරි...
ඊට උඩින් අර චොකෝ ඩේට්ස් මික්ස් එක දාගන්න තට්ටුවක්...මේක රැයක් ෆ්‍රිජ් එකේ තියන්න... තියලා උදේට අරගෙන පැය දෙකක් ෆ්‍රීසර් එකේ දාලා ගන්න....
කාල ඉතුරු උනොත් ෆ්‍රිජ් එකේම තියන්න හොඳේ... ටිකක් පැණි රස නිසා හවසකට තේ බොන්න නම් මරු..

විශ්මි ගේ වෙනත් කෑම වට්ටෝරු


සුදු ළූණු කළු කරිය
විශ්මි

පොලොස්
විශ්මි

පෑන් ෆ්‍රයිඩ් චිකන්
විශ්මි

පෑන් ෆ්‍රයිඩ් චිකන්
විශ්මි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6592
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6111
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 4653
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4476
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4461
Copyright © 2017 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'