කොණ්ඩ කැවුම්
- දිලානි මනතුංග විසිණි.
අවශ්‍ය ද්‍රව්‍ය:
හාල් පිටි 1kg
පාන් පිටි 150g
සීනි 500g
පැණි බොතල් බාගයයි
ලුනු කුඩු තේ හැදි 1/2
වතුර ටිකක්
සාදන අයුරු;
හාල් පිටි, පාන් පිටි, සීනි සහ ලුනු කුඩු භාජනයකට දමා හොදින් මිශ්‍ර කරන්න.
දැන් පැණි ටික ටික දමා හොදින් අනා ගන්න.
මිශ්‍රනය නූලක් ආකාරයට වඩා ටිකක් ඝනකමට එන විදියට වතුර ටිකෙන් ටික දමා සාදා ගන්න.
වතුර එක පාරට දාන්න එපා. මිශ්‍රනය දියාරු වුනොත් කැවුම පැතිරිල යනවා.
දැන් ඉතින් අතේ පිහිට තමයි...
තෙල් තාච්චිය ලිපෙ තියල තෙල් හොදින් රත් වෙන්න තියන්න... කැවුම් හදන්න ඕන අඩු ගින්දරේ...
දැන් පොඩි හැන්දකට මිශ්‍රනයෙන් ටිකක් අරන් තෙලට දාන්න. තෙල් හැන්දෙන් තාච්චියෙ තියෙන තෙල් ටික ටික කැවුම උඩට දාන ගමන් පොඩි හැන්දෙන් මිශ්‍රනය බින්දු විදියට අර බැදෙන කැවුම් රවුමෙ මැද්දට දාන්න.
ඒ විදියට ටික ටික කොන්ඩෙ ගන්න. මේකට මම ඉරටුවක් පාවිච්චි කරේ නැති නිසා කැවුම ඇතුල හොදට බැදෙන්න අඩු ගින්දර ගත්තේ. ඒ වගේම නවත්තන්නෙ නැතුව තාච්චියෙම තෙල් කැවුම උඩට දදා හැදුවෙ..
![]() By Hiru Sandu Views - 1517 |
![]() By Ishara Sajani Kavinga Views - 554 |
![]() By Dulga Perera Views - 903 |
![]() By Niranjala Fernando Views - 1566 |
![]() By Kanchana Jayasekara Views - 1292 |
![]() By Ruwanthika Madushani Views - 9525 |
![]() By Indunee Welivita Views - 9524 |
![]() By Shiki Ranasinghe Views - 9238 |
![]() By Chathurani Priyangika Views - 6596 |
![]() By Dilini Madushika Views - 6562 |