katatarasata.com

 

 

පැෂන් චීස් කේක්

- නිශානි කේ ඩී කේ විසිණි.



පැෂන් චීස් කේක් (Passion cheesecake)
රෙසිපි
අවශ්‍ය ද්‍රව්‍ය

බේස් එක සඳහා
බිස්කට් 175g
බටර් 50g

ෆිලින්ග් එක සඳහා
ෆ්‍රෙශ් ක්‍රීම් 250g
ක්‍රීම් චීස් 400g
පැෂන්ෆෘට් ජෑම් 150g
පැෂන්ෆෘට් 3
වැනිලා තේ හැඳි 1
ජෙලටින් මේසහැඳි 2
අඹ-පැෂන් පලතුරු යුෂ 50ml

ටොපින්ග් එක සඳහා
අඹ-පැෂන් පලතුරු යුෂ 300ml
ජෙලටින් මේසහැඳි 1

අලන්කාර කිරීම සඳහා
ඩාර්ක් චොකලට් 50g පමන
වයිට් චොකලට් 
ඊස්ටර් එග්ස් කැන්ඩීස් (පාස්කු බිත්තර )

සාදන ක්‍රමය
1. ස්ප්‍රින්ග්ෆෝර්ම් කේක් ටින් එකකට බේකින් ශීට් එකක් දමා රූපයේ පරිදි සුදානම් කර ගන්න.
2. ඉන්පසු බිස්කට් ටික සිහින්ව කුඩුකර උනුකර නිවාගත් බටර් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රනය කේක් ටින් එකේ අඩියට දම අතින් තද කරමින් අතුරා ගන්න.ඉන්පසු විනාඩි 15ක් පමන ෆ්‍රිජ් එකේ තියන්න.
3. දැන් ෆිලින්ග් එක හදමු. මුලින්ම ජෙලටින් මේසහැඳි 2ක් අඹ පැෂන් යුෂ 50ml කට දමා විනාඩි 5ක් පමන ජෙලටින් පෙඟීමට තියන්න.
4. විප් ක්‍රීම් හොඳින් බීට් කරන්න. ඉන්පසු එයට ක්‍රීම් චීස්,වැනිලා, පැෂන් ජෑම් එකතු කර සියල්ල මිශ්‍ර වන තුරු පමනක් බීට් කරන්න.පැෂන්ද එකතු කරන්න.
5. පොඟවා ගත් ජෙලටින්, මයික්‍රොවේව් එකේ හෝ ඩබල් බොයිල් ක්‍රමයට රත්කර දිය කර ගන්න.
6. දැන් ජෙලටින් ද්‍රාවනය ඉතා සෙමින් ක්‍රීම් චීස් මිශ්‍රනයට එකතු කරමින් සියල්ල හොඳින් මිශ්‍ර වන තුරු නොනවත්වා බීට් කරන්න.
7. බිස්කට් තට්ටුව උඩින් මෙම මිශ්‍රනය දමා සෙට් වන තුරු පයක් පමන් ෆ්‍රිජ් එකේ තබන්න  
8. දැන් ටොපින්ග් එක සඳහා ජෙලි හදමු. ශීත කරගත් පලතුරු යුෂ කෝප්ප කාලකට(60ml)ජෙලටින් දමා විනාඩි 5ක් තබන්න. ඉතුරු යුෂ රත් කර පොඟවා ගත් ජෙලටින් වලට එක් කර ජෙලටින් දිය වන තුරු හැන්දකින් කලවම් කරන්න.
9. ජෙලි ද්‍රවනය නිවුනු පසු හැන්ඳක් අධාරයෙන් රූපයේ පරිදි චීස් ලේයර් එක උඩට දමා සෙට් වන තුරු ෆ්‍රිජ් එකේ තබන්න.
10. ජෙලි සෙට් උන පසු ඩාර්ක් චොකොලට් හා වයිට් චොකොලට් පයිපින් බෑග් දෙකකට දමා මයික්‍රොවේව් එක අධාරයෙන් හෝ රත් කර දිය කර ගන්න.ඉන්පසු පයිපින් බෑගයෙ කෙලවර සිදුරක් කපා රූපයේ පරිදි අලන්කාර කර ගන්න. 

තේරුනේ නැති දෙයක් තියෙනවනම් අහන්න.. පැෂන් වෙනුවට කැමති වෙනත් පලතුරුද යොදා ගත හැකි බව සලකන්න.

නිශානි කේ ඩී කේ ගේ වෙනත් කෑම වට්ටෝරු


පැෂන් චීස් කේක්
නිශානි කේ ඩී කේ

එළවලු රොටි
නිශානි කේ ඩී කේ

අමෙරිකන් චොක්ලට් චීස්කේක්
නිශානි කේ ඩී කේ

පලතුරු කේක්
නිශානි කේ ඩී කේ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 797
දියබත්
By Ishara Sajani Kavinga
Views - 274
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 510
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 880
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 866
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8585
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8191
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8001
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5951
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5896
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'