katatarasata.com

 

 

කට්ලට්

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.



කට්ලට්
මම හදන විශේෂ කෑම අතරින් ජීවිතේ වැඩිපුරම හදපු කෑම එක තමා කට්ලට්.ඒ නිසාම රසටම හදන්නත් පුලුවන්.ලංකාවේ ඉද්දි ගෙදර අය අතරත් මෙහෙදි මෙහෙ ඉන්න යාලුවෝ අතරත් වඩාත්ම ප්‍රසිද්ධ වුන කෑමක් තමා කට්ලට්.කම්මැලිකම නිසාම පොඩි පොඩි කට්ලට් හදන්න අකමැතියි ,ඒනිසා මම ටිකක් ලොකුවට තමා කට්ලට් හදන්නෙ.
කට්ලට් වලට ලේසිවට අල සහ සැමන් දාලා හදාගන්න පුලුවන් මම හැදුවෙත් එහෙම තමා ඒත් ඉතින් තව දේවල් ගොඩක් තියෙනවා අල සහ සැමන් නැතුව බතල, කිරි අල ,දෙල් ,පොලොස් ,අලුත් මාලු ,මස්,එලවලු වගේ දේවල් තම්බලා ගන්නත් පුලුවන්.
මම හැදුවේ මෙහෙමයි.
1.අර්තාපල් 500g හොදින් තබා පොතුහැර කුඩා කැබැලි හිටින පරිදි පොඩි කරගන්න.

2.ලොකු අමු මිරිස් කරල් 10ක් 
බී ලූනු ගෙඩියක් හෝ රතු ලූනු ගෙඩි දහයක් පමණ ඉතා සිහින්ව කපාගන්න.
*අමු මිරිස් ලූනු ලොකුවට කපලා දැම්මම තෙලට දැම්මාම පුපුරන්න බලනවා.ඒ වගේම බෝල කරද්දි කෑලි කෑලි එලියට ඇවිත් කට්ලට් අවලස්සන පෙනුමක් එනවා.ඒනිසා අමු මිරිස් සහ ලූනු ඉතාම සිහින්ව කපාගන්න.
*අවශ්‍ය නම් ඉගුරු සහ සුදුලූනු කරපිංචා එකතු කරගන්නත් පුලුවන් නමුත් මම නම් දාන්නෙ නෑ.

කට්ලට් මිශ්‍රණය සෑදීම

3.භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා හොදට රත් වුනාට පස්සෙ අබ ටිකක් දාගන්න ඊලගට ලූනු ටික දාගන්න.ලූනු රන්වන් පාට වනතුරු හොදින් බැදෙන්න දෙන්න.
*ලූනු හොදට බැදුනෙ නැති වුනාම කට්ලට් මිශ්‍රණය නිවුනට පස්සෙ තෙත ගතිය වැඩි වෙලා බෝල ලස්සනට හැඩට හදන්න අමාරු වෙනවා.

4.ඊලගට අමු මිරිස් ටික එකතු කරගන්න.

5.මිනිත්තුවකට පමණ පසු සැමන් ටින් එකක් (400g) වතුර ඉවත් කර එකතු කරගන්න.
*සැමන් වෙනම පොඩි කරලා දාන්න අවශ්‍ය නෑ බැදෙනකොටම හැන්දෙන් පොඩි කරගන්න.

6.එයට පොඩි කරගත් අල 
කහ කුඩු තේ හැදි භාගයක් 
ගම්මිරිස් කුඩු තේ හැන්දක් හෝ දෙකක් (තමන්ගෙ රස අනුව ) සහ ලුනු එකතු කර හොදින් කවලම්කර මිනිත්තු කිහිපයකින් ලිපෙන් බාගෙන නිවෙන්න තබන්න.

කට්ලට් දැවටුම සැකසීම.

7.මිශ්‍රණයෙන් ටික ටික ගෙන බෝල සාදාගන්න.
*එක සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන කලබල නොවී ලස්සනට රවුමට කට්ලට් ටික හදාගන්න.

8.බිත්තර දෙකක් බෝල් එකකට කඩලා දාලා පොඩ්ඩක් හැන්දෙන් ගසා ගන්න.
*පාන් පිටි බැටර් එක පාවිච්චි කරන්නත් පුලුවන් නමුත් මම නම් කවදාවත් කට්ලට් හදද්දි බැටර් හදන්නෙ නෑ (මම ඒ වැඩේට කම්මැලි ඒ වගේම ඊට වඩා බිත්තර සාරු වල දැවටුම රස වැඩි)

9.බිස්කට් කුඩු පැතලි භාජනයකට දාගන්න.

10.සාදාගත් කට්ලට් බෝල බිත්තර සාරු වල ඔබා බිස්කට් කුඩු තවරා ගන්න.සියල්ල මෙලෙස කර නැවත වතාවක් එලෙසම කරන්න.(ඩබල් කවර් කරන්න.)
*එතකොට කට්ලට් හොදට ක්‍රිස්පි ගතියට එනවා.

11.සාදාගත් කට්ලට් මිඩියම් හීට් එකෙන් ගැඹුරු තෙලේ බැදගන්න.
*කට්ලට් එක තෙලට දැම්ම ගමන් ඒමේ අත හැන්දෙන් පෙරලන්න යන්න එපා එතකොට කැඩෙනවා.
*ලා රන්වන් පාටක් එනකොට තෙල් එකෙන් උඩට ගන්න.
එලියට ගත්තම කට්ලට් වල තියෙන රස්නෙන් ගානට පාට එනවා.ගොඩාක් පාට වෙනකම් තෙලේ තියලා ගත්තම එලියෙදි ටික වෙලාවක් යනකොට කලු පාට හුරු පාටක් වෙනවා.
*කට්ලට් තෙලෙන් අරන් දාන්න ඕනි.පතුල උල් හැඩැති සිදුරු සහිත භාජනයකට හෝ (කිරි ගොට්ටක් වගේ )
කිචන් ටවල් වලින් ගොට්ටක් වගේ හදලා භාජනයක් ඇතුලෙන් තියලා.
එතකොට කට්ලට් වල තෙල් ගතිය හොදින් ඉවත් වෙලා යනවා.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෙදරදීම සකස්කර ගත් හාල් පිටි වලින් ඉදිආප්ප
තිලිනි ගයත්‍රී මුතුනායක

පාන්
තිලිනි ගයත්‍රී මුතුනායක

ස්වීට් මිල්ක් බන්ස්
තිලිනි ගයත්‍රී මුතුනායක

අයිස් කෝපි
තිලිනි ගයත්‍රී මුතුනායක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 171
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 141
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 155
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 88
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 307
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6892
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6348
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5081
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4634
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4616
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'