katatarasata.com

 

 

ලම්ප්‍රයිස්

- විශ්මි විසිණි.



මේ ෆැබ් එකේ මෙනූ එක හොඳේ එක එක්කෙනා එක එක දේවල් දාල හදනවා... ඒත් මට නම් රසම මේ මෙනූ එක...

මුලින්ම රයිස් එක හදමු... මේකට කැමති සම්බා වර්ගයක් ගන්න පුළුවන්.. හැබැයි සූදුරු සම්බා තමා වඩාත්ම සුදුසු...

සූදුරු සම්බා 500 (තුන් දෙනෙක්ට)
බත ඉදෙන්න අවශ්‍ය පමණ චිකන් තම්බාගත් වතුර (ලුනු කහ දාන්න එපා... නිකම්ම තම්බගන්න )
කරදමුංගු කරල් දෙකක්
කරාබු නැටි 5ක්
කුරුඳු පොතු කෑල්ලක්
ගම්මිරිස් ඇට ටිකක්
සේර කෑල්ලක්
හීනියට කපගත්ත ලූනු ටිකක්
රම්පෙ කරපිංචා
බටර් (ඇස්ට්‍රා නෙවෙයි බටර්.. හයිලන්ඩ් හෝ ඇන්කර්)
ලුණු
යන්තම් කහ චූට්ටක්

බටර් ටික තෙල් ඩිංගක් දාලම රත් වෙන්න තියන්න... ඒකට හාල් සහ ස්ටොක් එක ඇර අනිත් සේරම දාල තෙම්පරාදු කරගන්න... ලූනි ටික බැදුනම ඒකට හාල් ටික දාලා ටික වේලාවක් බැදෙන්න ඇරලා ස්ටොක් ටික එකතු කරල බත උයාගන්න... (බතට එන්න ඕන ලා කහ පාටක්... කහ බතට තරම් කහ දන්න එපා)

බටු අළු කෙසෙල් පැහි

වම්බටු, අළු කෙසෙල් ගෙඩි තුන බැගින් කොටු කපා ලුණු, කහ අතගා ගැඹුරු තෙලේ බැද ගන්න.... තරමක් තද රන්වන් පාටක් එනකම්... (කර කරගන්න එපෝ)

අබ තේ හැන්දක්
සූදුරු තේ හැඳි 3/4
කුරුඳු පොතු පොඩි කැබැල්ලක් මේ ටික කුඩු කරගන්න...

තෙල් චුට්ටක් ලිපේ තියලා ඒකට තලාගත් ඉඟුරු සුදු ලූනු, රම්පෙ, කරපිංචා, කපාගත් ලූනු, පොඩි සේර කෑල්ලක්, කරදමුංගු කරල් දෙකක් දාල තෙම්පරාදු කරගන්න... එයටම මිරිස් කුඩු චුට්ටක්, විනාකිරි මේස හැන්දක් (අකමැති නම් සියඹලා ඉස්ම දාගන්න), සීනි තේ හැඳි එකහමාරක්, බැදපු පහේ තේ හැඳි 1/2ක් පෙර කුඩු කරගත් අබ මිශ්‍රණය ,උකු පොල් කිරි කෝප්ප 3/4ක් දාලා හොඳින් කලවම් කරන් එයට බැදගත් බටු සහ කෙසෙල් එක් කර හින්දගන්න... ( බටු සහ අළු කෙසෙල් එක් කර මිශ්‍ර කලාට පසු ලුණු බලා අවශ්‍ය නම් ලුණු එක් කරගන්න... බදින කොට අතගාපු නිසා නැත්නම් ලුණු වැඩි වෙයි)

උම්බලකඩ බැදුම

සිහින්ව ලියා ගත් ලොකු ලූනු රන්වන් පාට වන තුරු ගැඹුරු තෙලේ බැදගන්න... ( ගොඩක් බදින්න එපා කර රහක් එයි) තෙල් බේරෙන්න තබා ලූනු ටික අඹරගන්න පේස්ට් එකක් වෙනකම්... බටර් ටිකක් ලිපේ තබා ඒකට කුඩු කරගත් උම්බලකඩ (ටිකක් කෑලි හිටින්න), කෑලි මිරිස්, ලුණු, සීනි චුට්ටක් දාල උම්බලකඩ ටික බැදගෙන ඒකට අර ලූනු පේස්ට් එක එක් කරගෙන හොඳින් මිශ්‍ර කරගෙන ලිපෙන් බාගන්න...

අනිත් දෙක නම් හදන්න දන්නවනෙ හැමෝම... චිකන් කළු කරියයි කට්ලට් එකයි...

චිකන් එකට බැදපු පහේ දැම්මෙ නෑ මං මිරිස් ටිකයි,අමු පහේ ටිකයි කබලෙ බැදලයි හැදුවෙ ... යන්තම් චුට්ටක් මිටි කිරි දාලා හොඳට හින්දගත්තා...

දැන් අර උයාගත්තු දේවල් පිළිවෙලට කෙසෙල් කොළයකට බෙදලා පරිස්සමට ඔතාගන්න... සාමාන්‍යෙන් ලම්ප්‍රයිස් වලට හොඳි එහෙම බෙදන්නෙ නෑ හොඳේ... චිකන් එකත් යන්තම් ඉසම හිටින්න හින්දල ඕන ගන්න.... වැඩි පරිස්සමට කෙසෙල් කොළේ ඔතලා ෆොයිල් කොලේකත් ඔතන්න ඕනෙ නම්... දැන් අවන් එකට දාල සෙල්සියස් 160ට විනාඩි 15ක් බේක් කරගන්න... අවන් එක නිවල තවත් විනාඩි 10ක් විතර ඒකෙම තියෙන්න ඇරලා අරන් කන්න...

විශ්මි ගේ වෙනත් කෑම වට්ටෝරු


සුදු ළූණු කළු කරිය
විශ්මි

පොලොස්
විශ්මි

පෑන් ෆ්‍රයිඩ් චිකන්
විශ්මි

පෑන් ෆ්‍රයිඩ් චිකන්
විශ්මි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 529
දියබත්
By Ishara Sajani Kavinga
Views - 207

By Ishara Sajani Kavinga
Views - 83
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 391
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 698
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8339
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7832
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7456
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5772
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5692
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'