katatarasata.com

 

 

බර්ගර්/හැම්බර්ගර්

- අනූපමා රාජපක්ෂ විසිණි.



මුලින්ම ඔනේ දේවල් බලමු.

බර්ගර් එක සදහා

අඹරාගත් මස් 250 g (මම ගත්තේ pork ) - minced pork
ලොකු බි ලූනු ගෙඩි 1 (200g)
සුදු ලුනු බික් 2 ක්
බ්‍රෙඩ් ක්‍රම්බ්ස් 15g
එළකිරි මේස හැදි 2 ක්
බිත්තර 1 ක්
රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු
සාදික්කා කුඩු පින්ච් එකක් (nutmeg) - (තියෙනව නම් විතරක්)

බර්ගර් සෝස් එක සදහා

වතුර 150 ml
ඔයිස්ටර් සෝස් මේස හැදි 1
තක්කාලි සෝස් මේස හැදි 1
අබ පේස්ට් තේ හැදි කාලක්

⚜ඉස්සෙල්ලාම බ්‍රෙඩ් ක්‍රම්බ්ස් වලට කිරි දාලා පෙගෙන්න තියන්න.
(ඔයාලට මේ වෙනුවට පාන් පෙත්තක් පොඩි කැළි වලට කඩලා ගන්නත් පුලුවන්. එතකොට කිරි වල පොගවන්න වද වෙන්න ඔනේ නෑ. පාන් කෑළි විතරක් ගන්න. මේක හදන දවසේ ගෙදර පාන් තිබ්බේ නැ. එකයි මම බ්‍රෙඩ් ක්‍රම්බ්ස් ගත්තේ)

⚜දැන් ලූණු ගෙඩිය චොප් කරගෙන පෑන් එකකට තෙල් ටිකක් දාලා රන්වන් පාට වෙනකන් බැද ගන්න. භාගෙට බැදීගෙන එනකොට චොප් කර ගත්ත සුදු ලූණුත් දාන්න( ලුනුත් එකතු කරන්න )
⚜දැන් මේ මිශ්‍රණය නිවෙන්න තියන්න.

⚜දැන් මීට් මිශ්‍රණය හදමු.
මීට් ටික භජනයකට දමා ගෙන ඊට ලුනු කුඩු සහ ගම්මිරිස් එකතුකරගෙන හොදින් අනා ගන්න. (අපි කියන්නේ අර චුරු පනිනකන් කියලා කතාවට. අන්න ඒ වගේ වෙන්න හොදට අනා ගන්න.)

⚜දැන් මෙයට බැදගෙන නිවා ගත්ත ලූණු, කලින් හද ගත් බ්‍රෙඩ් ක්‍රම්බ්ස්( හෝ පාන් කැබළි ), බිත්තරය, සාදික්කා කුඩු දාලා විනාඩි 5 ක් විතර හොදටම අනා ගන්න. භාජනය එක අතකින් අල්ලගෙන අනික් අතෙන් රවුමට මිශ්‍රණය කරකවමින් හොදින් මිශ්‍ර කර ගන්න.

⚜දැන් අත හොදට හෝදගෙන පිහදගෙන අතේ තෙල් ටිකක් ගා ගන්න.

⚜මේ මිශ්‍රණය කොටස් වලට වෙන් කර ගෙන බෝල හදා ගන්න. දැන් ඒ එක එක බෝලය අතට අරන් අතෙන් අතට විසිකරමින් වගේ මාරු කරමින් අපි කලින් අනා ගනිද්දි ඇතුල් වුනු වාතය ඉවත් කරගන්න.

⚜දැන් ඒ බෝල ඕවල් ෂේප් එකක් වගේ වෙන්න තුනි කරගන්න ප්ලාස්ටික් රැප් (Wrap) එකක් මත. මැද පොඩ්ඩක් ඇතුලට අවතල වෙන විදිහට තෙරපන්න. (ඔයාලට මිශ්‍රණය ටිකක් දියරුයි වගේ දැනෙනවා නම් බෝල කරන්න කලින් ටිකක් වෙලා ශීතකරනයේ තියලා ගන්න. එතකොට මිශ්‍රණය ටිකක් හයි වෙයි ) 
අපේ ගෙදර ඉන්නේ 3න් දෙනයි. ඒ නිසා 3ක් හැදුවා පොඩියට හදපු එක පුතාට ❤️

⚜දැන් මේ මිශ්‍රණය ශීතකරණයේ විනාඩි 30 ක් විතර රෙස්ට් වෙන්න තියන්න.

⚜ඒ අතරේ කැමති එළවළු වර්ග කිහිපයක් තම්බා සූදානම් කර ගන්න.

එළවළු බටර් වලින් ෆ්‍රයි කරලා ගන්න.

⚜දැන් පෑන් එකට තෙල් මේස හැදි එකක් දාලා අර ශේප් කර ගත්තු බර්ගර් ටික පෑන් එකේ ෆ්‍රයි කර ගන්න.
මුලින් එක පැත්තක් ෆ්‍රයි වෙන්න ඇරලා ඊට පස්සේ අනිත් පැත්ත හරවන්න.

🔷බර්ගර් එක බැදිගෙන එනකොට ගොඩාක් තෙල් උනනවා පැන් එකට. ඒවා පේපර් ටවල් එකකින් අයින් කර ගන්න. (පොඩ්ඩක ‍සෞඛ්‍යය ගැනත් හිතමු 😊)

⚜දැන් වතුර මිලි ලීටර් 50 ක් විතර පෑන් එකට දාල පියනෙන් වහලා වතුර හිදෙනකන් මද ගින්නේ තම්බා ගන්න

⚜වතුර හිදුනාට පස්සේ පියන ඇරලා ඇත්තටම ඇතුල හොදට තැම්බිලාද කියල බලන්න මැද්දට පොඩි කූරකින් ඇන්නහම රූපේ පේන විදිහට වතුර වගේ දියරයක් එළියට එනවා නම් ඒ කියන්නේ හොදට තැම්බිල මැද අමු නැ කියන එක.

⚜දැන් මේකට සෝස් එක හදමු. හම්බර්ගර් සෝස් හදන එක එක ක්‍රම තියෙනවා. මම හදපු විදිහ කියන්නම්. 
බර්ගර් එක හදා ගත්තු භාජනයටම වතුර පොඩ්ඩක් දාල ඒකටම ඔයිස්ටර් සෝස්, තක්කලි සෝස් සහ අබ පේස්ට් දාලා පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න අරින්න.

⚜දැන් මේ සෝස් එක බර්ගර් එක උඩින් වත් කරන්න.

දැන් ඉතින් රස කර කර කන්න. 😊🍔

🔷අඹරපු මස් (minced meat) ලoකාවේ තියෙනවද දන් නැ. එත් එහෙම නැති උනොත් ඔයාලා සාමාන්‍ය මස් අරගෙන කටු අයින් කරලා ෆුඩ් ප්‍රොසෙසර් එකකින් අඹරා ගෙන පාවිච්චි කරන්න

🔷බර්ගර් හදනකොට මස් ශීතකරණයෙන් අන්තිම මොහොතෙදි එළියට ගන්න. සීතල පිටින් අඹරපු මස් ගුළි ගැහෙන ගතිය වැඩි නිසා හොදට මිශ්‍ර කර ගන්න පුළුවන්.

🔷බර්ගර් එක තුනී කරනකොට ගොඩාක් ඝනකමට ගන්නත් එපා. සෙන්ටිමීටර් 1 ක් විතර ඝනකමට වෙන්න තුනී කර ගන්න.

🔷බර්ගර් එක බදින්න තෙල් ගොඩක් දාන්න එපා. කොහොමත් බර්ගර් එක බැදී ගෙන එනකොට තෙල් උණනවා. ඒ තෙල් ඇති බැදෙන්න.

🔷බර්ගර් එක පෑන් එකේ තියෙද්දි ෆ්ලට් හැන්දකින් (spatula) පොඩ්ඩක් බර්ගර් එකේ වටේ ශෙප් එක නීට් කර ගන්න

🔷බර්ගර් හදද්දි අන්තිම විනාඩියේදි හදන්න. උණු උණුවෙන් තමයි බර්ගර් රසම

🔷කැලරි ප්‍රශ්නයක් නැත්නම් බිත්තරයකුත් ෆ්‍රයි කරල එළවළු එක්ක කන්න

අනූපමා රාජපක්ෂ ගේ වෙනත් කෑම වට්ටෝරු


බර්ගර්/හැම්බර්ගර්
අනූපමා රාජපක්ෂ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 615
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 507
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 526
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 304
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 910
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7570
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6937
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6097
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5113
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5091
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'