katatarasata.com

 

 

රට ඉදි කේක්

- වින්ද්‍යා කුමාරි යාපා විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය :-

රට ඉදි 175 g
සීනි 160 g
පිටි 175 g
බටර් 50 g
බේකින් පවුඩර් 5 g
බේකින් සෝඩා 8 g
බිත්තර 2
වතුර හෝ තේ කහට අඩු කෝ 1 1/2
ලුනු ස්වල්පයක්
වැනිලා ස්වල්පයක්

සාදන ක්‍රමය :-

මුලින්ම රටඉදි ටික ගෙන සෝදා ඇට ඉවත් කර කපාගන්න.
ඉන්පසු භාජණයක් ගෙන ‍රට ඉදි,බේකින් සෝඩා හා වතුර එකතු කර ලිප තබා හොදින් උයා ගන්න.වි.10 ක් පමණ ප්‍රමාණවත්.කලු පාටට වන විට ඉවත්කරගන්න. 
ඉන්පසු බටර් හා සීනි බීට් කරගන්න.
බිත්තර ද එකතු කරගෙන් සීනි දියවන් තුරු හොදින් බීට් කරගන්න.
ලුනු හා වැනිලා එකතු කරගන්න.
ඉන්පසු නිවාගත් රටඉදි මිශ්‍රණය කලවම් කරගන්න.
බේකින් පව්ඩර් සමග තෙවරක් හලාගත් පිටි ටිකද දමාගෙන කලවම් කරගන්න.
දැන් බටර් තැවරූ තැටියක කේක් මිශ්‍රණය දමන්න.
180 C ට වි.10 ක් ප්‍රී හීට් කරගත් අවන් එකේ විනාඩි 40-45 ක් බේක් කරගන්න.
දැන් රසවත් ස්ටිකි ඩේට් කේක් සූදානම්.

වින්ද්‍යා කුමාරි යාපා ගේ වෙනත් කෑම වට්ටෝරු


බේක් කරපු පැටිස්
වින්ද්‍යා කුමාරි යාපා

කූණිස්සන් මිශ්‍ර චිලි පේස්ට්
වින්ද්‍යා කුමාරි යාපා

අල බොන්ඩා
වින්ද්‍යා කුමාරි යාපා

ගාර්ලික් බ්‍රෙඩ්
වින්ද්‍යා කුමාරි යාපා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7621
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6968
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6147
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5153
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5121
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'