katatarasata.com

 

 

අල බොන්ඩා

- වින්ද්‍යා කුමාරි යාපා විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය :-

අල 500g
ලොකු ලූනු ගෙ.2
අබ 1tbs
සූදුරු 1/4 tsp
කරපිංච 
ඉගුරු 1tsp
සුදු ලූනු 1tsp
කෑලි මිරිස් 3-4 tbs
අමුමිරිස් 4
කහ කුඩු
තුනපහ කුඩු
ලුනු
ගරම් මසාලා පවුඩර් 1/2 tsp (තිබේනම්)
කොත්තමල්ලි කොල 2tbs (තිබේනම්)
තෙල්

බැටර් එක සදහා
කඩල පිටි අඩු කෝප්ප 1 1/2
හාල්පිටි/උදු පිටි අඩුකෝ. 3/4
පාන් පිටි 2-3tbs
බේකින් පවුඩර් 1tbs
කහ 
ලුනු

සාදන ක්‍රමය :-

මුලින්ම අල තම්බා පොතු හැර පොඩි කරගන්න.
ඉන්පසු භාජනයක් ලිප තබා තෙල් ටිකක් රත් කර අබ ටික දමා පුපුරන විට ඉගුරු,සුදුලූනු,ලූනු,කරපිංච,කෑලි මිරිස්,අමු මිරිස්,තුනපහ කුඩු ස්වල්පයක් තියේනම් ගරම් මසාලා පවුඩර් ටිකක් දමාගන්න.
ලුනු හා කහ ද එකතු කරගන්න.
අල ටික එකතු කරගන්න.තිබේ නම් කොත්තමල්ලි කොල ටික දමා ගෙන ලිපෙන් ඉවත් කරගෙන මදක් නිවෙන්න තබන්න.

ඉන්පසු බැටර් එක සාදාගැනීමට භාජනයක් ගෙන කඩල පිටි,හාල් පිට් හෝ උදු පිටි හා පාන් පිටි මිශ්‍ර කරගෙන එයට සූදුරු ස්වල්පයක්,තුනපහ කුඩු ස්පල්පයක් ලුනු,කහ කුඩු සහ බේකින් පවුඩර් දමා වතුර ස්වල්පයක් දමා ඝණ බැටර් එකක් සාදාගන්න.

දැන් අල මිශ්‍රණයෙන් ප්‍රමාණයක් ගෙන බෝල සාදා බැටර් එකේ තවරා ගැබුරු තෙලේ රන්වන් පැහැවන තුරු බැදගන්න.

මෙය ඉන්දියානුවන් අතර ජනප්‍රිය ආහාරයකි.පොල් චට්නි සමග රස විදින්න.මේ ප්‍රමාණ 4-5 දෙනෙකු සදහා සෑහේ

වින්ද්‍යා කුමාරි යාපා ගේ වෙනත් කෑම වට්ටෝරු


බේක් කරපු පැටිස්
වින්ද්‍යා කුමාරි යාපා

කූණිස්සන් මිශ්‍ර චිලි පේස්ට්
වින්ද්‍යා කුමාරි යාපා

අල බොන්ඩා
වින්ද්‍යා කුමාරි යාපා

ගාර්ලික් බ්‍රෙඩ්
වින්ද්‍යා කුමාරි යාපා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2872
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1129
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1609
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2828
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2209
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12192
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11190
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11053
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7848
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7705
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'