katatarasata.com

 

 

හතු බැටර් ෆ්‍රයි

- නයෝමි වර්ණකුලසුරිය විසිණි.



හතු ටික හොදට සෝදලා තීරු වල්ට ඉරා ගත්තා.
ඒ හතු වලට ලුනු, ගම්ම්රිස්, කහ කුඩු දාලා කලවම් කරලා ටික වෙලාවක් තිබ්බා.

බිත්තර 2 ක් කඩලා ඒකට fresh milk ටිකක් ඒකට එකතු කරලා හොදට beat කරගත්තා ( ලිනු මේකට දැම්මේ නැහැ හතුවලට දැම්ම නිසා)

බිස්කට් කුඩු අරගෙන ඒකට පාන්පිටි මේස හැන්දි 2 ක් සහ කෑලි මිරිස් මේස හැදි 2 එකතු කරලා කලවම් කරලා පැත්තකින් තියා ගත්තා

තෙල් තාච්චිය ලිප තියලා තෙල් ටිකක් වැඩිපුර දාලා රත් වෙන්න තිබ්බා

හදා ගත්ත හතු ටික බිත්තර මිශ්‍රණ යේ තවරලා නැවත බිස්කට් කුඩු වලත් තවරලා ‍රන්වන් පාට වෙන තෙක් බැද ගත්තා

ඒ අතරෙදී ලූණු, තක්කාලි, මාලුමිරිස්, ලූනු කොල ඇති කියලා හිතෙන ප්‍රමාණයක් ටිකක් ලොකු කෑලි වලින් කපා ගන්න.

සුදු ලූනු, අමු ඉගුරු, කරපින්චා පිඩියට කපාගන්න.

භාජනයක් ලිප තබා එයට බටර් ටිකක් දමා රත් වෙන කොට අමු ඉගුරු, සුදු ලූනු සහ කරපින්චා සමග කෑලි මිරිස් මේස හැන්දක්, කහ කුඩු ටිකක් සමග ගම්ම්රිස් ටිකක්, මිරිස් කුඩු ටිකක්, පමනට ලුනු කුඩුටිකක් දමා ඒ ටික බැදෙන විට ලොකුවට කපා ගත් ලූනූ, තක්කාලි , ලූනු කොල, මාලුමිරිස් ටික එකතු කර ගන්න. බැදෙන විට කැමති නම් tomato sauce ටිකකුත් එකතු කර ගන්න.

ඒ ටික විනාඩියකට පමණ පසු බැදගත් හතු ටික එකතු කර සෙමින් කලවම් කරන්න.

තවත් විනාඩියක් පමන ලිපේ තියෙන්නට ඇර, ලිප නිවා කැමති ලෙසට පිලිගන්වන්න.

නයෝමි වර්ණකුලසුරිය ගේ වෙනත් කෑම වට්ටෝරු


හතු බැටර් ෆ්‍රයි
නයෝමි වර්ණකුලසුරිය
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 4987
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2217
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3314
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 5106
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 3790
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 16193
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 14197
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 13369
පෑන් කේක්
By Indunee Welivita
Views - 13140
පැනි රොටී
By Chathurani Priyangika
Views - 10108
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'