katatarasata.com

 

 

චෙට්ටිනාඩ් චිකන් බිරියානි

- ශාමිලා කෝසලී විසිණි.







මම රයිස් කුකර් කප් දෙකක බාස්මති හාල් වලින් මේක හැදුවේ

සෝදා විනාඩි 20 පමන පොගවා ගත් සහල්
තක්කාලි ගෙඩි දෙකක්
බීලූනු ගෙඩි දෙකක්
අමුමිරිස් කරල් 5,6
හීනියට ගාගත් පොල් කප් එකක්
සුදුලූනු අමුඉගුරැ පේස්ට් මේස හැදි දෙකක්
කොත්තමල්ලි කුඩු මේස හැදි දෙකක්
ගරම් මසාලා මේස හැදි දෙකක් තුනක්
මිරිස් කුඩු මේස හැන්දක්
ගම්මිරිස් කුඩු තේ හැන්දක්
කහකුඩු තේ හැදි දෙක හමාරක්
කොත්තමල්ලි හා මින්ට් කොල ටිකක්
කරපිංචා කොල දෙකතුනක්
චිකන් ලොකුවට කපාගත් කෑලි 6,7
තෙල්
උනු වතුර
රස අනුව ලුනු 

මුලින්ම තැටියක් ලිප තබා තෙල් මේස මේස හැදි දෙකක් පමන දමා අමුමිරිස් ටික එක්කරන්න..මදක් බැදෙනකොට පොල්ටික එක්කරන්න කහ කුඩු හැදි බාගයක් එක්කර කලවම්කරන්න... බ්ලෙන්ඩරයට මේ ටික එක්කර ඇල්වතුර ස්වල්පයක්ද එක්කර පේස්ට් එකක් සකසා ගන්න..

ලොකු ඉඩ ඇති බාජනයක් ලිප තබා එයට තෙල් මේස හැදි 4,5 එක්කරන්න..බීලුනු හා ඉගුරැ පේස්ට් එක එක්කර බැදෙන්න හරින්න..කහකුඩු ඇතුලු ඉහත කුළුබඩු ඔක්කොම එක්කරන්න..තක්කාලි එක්කරන්න..කරපිංචා මින්ට් කොත්තමල්ලි කොලත් එක්කරන්න..දැන් අඹරාගත් පොල් පේස්ට් එක එක්කර ටිකක් උකුවෙන්න හරින්න..ලුනු එක්කරන්න..චිකන් ටික එක්කරන්න.. මදවෙලාවකින් නටවාගත් උනුවතුර බත ඉදෙන්න ඇති පමන එක්කරගන්න..වතුර ලොකු ප්‍රමාණයක් අවශ්‍ය නෑ..උනුවතුර නිසාත් හාල් පෙගුන නිසාත් ඉක්මනින් ඉදෙනවා.. දැන් හාල් ටිකත් එක්කර මධ්‍යම පමනට ගින්දර ඇතුව උයාගන්න.
රයිතා සමග හෝ නිකන් කෑමට ගත හැකියි

(ඉන්දියානු ආහාර වට්ටෝරැ පිටුවකින්)

ශාමිලා කෝසලී ගේ වෙනත් කෑම වට්ටෝරු


මසාලා අල බැදුම
ශාමිලා කෝසලී

ඉන්දියානු ක්‍රමයට පරිප්පු තෙම්පරාදුවක් / ඩාල් තඩ්කා
ශාමිලා කෝසලී

ජලෙබි
ශාමිලා කෝසලී

චෙට්ටිනාඩ් චිකන් බිරියානි
ශාමිලා කෝසලී
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1517
දියබත්
By Ishara Sajani Kavinga
Views - 552
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 903
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1557
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1290
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 9523
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9520
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 9233
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6593
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6561
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'