katatarasata.com

 

 

මික්ස් රයිස්

- හසින්ත මදුෂාන් විසිණි.





අවශ්‍යය ද්‍රවය:
බත් උයාගන්න හාල් (මමනම් හාල් කප් 3ක් ගත්ත)
චිකන් මස් 250g ක්
ඌර 250g ක්
හරක 250g ක්
ඉස්සො 10ක් විතර
කිකිළි බිත්තර 2ක් 3ක් විතර
කැරට් අල දෙකක් විතර
ලීක්ස් ගසක් දෙකක්
ඉගුරු සුදුලූනු ටිකක්
කෑලි මිරිස් කුඩු 
ලුණු
ගම්මිරිස් කුඩු
මිරිස් කුඩු
නෝ චිකන් කියුබ්1
කරාබු නැටි දෙකක්
රම්පේ කොලයක්. කරපිංච ඉත්තක්

 මුලින්ම මශ් ටික ලෑස්ති කරගමු .
ටිකක් ලොකු බාජනයක් ගන්න. අරගෙන ඒකට දාන්න සෝදාගත් චිකන් 250g ක්. හම සහිත හෝ රහිත, 
ඒ වගේම සෝදාගත් හරක් මස් 250g න් 200g ක් ගන්න
ඒ වගේම ඌරු මස්, 250g න් 200g ක් අරගන්න.
 මේ ගන්න මස් පොඩි කෑලි කපන්න එපා ලොකු කොටස් පිටින් ගන්න
ඊලගට අර බාජනේට මේ මස් ජාති 3 දාන්න. ඒකට දාන්න ගම්මිරිස් ටිකක්. නෝ චිකන් කියුබ් එකක්, 
රම්පෙ, කරපිංච, තියනවනම් සේර කෑල්ලකුත් දාන්න , ලුණු ස්වල්පයක්,  ලුණු දාද්දි කල්පනාවෙන් මොකද නෝ චිකන් කියුබ් එකෙත් ලුනු රස තියනව, 
තව අර කරාබු නැටි දෙකත් එකතු කරන්න, කහ පොඩ්ඩකුත් දාන්න ඕනෙ.
ඊලගට මේ සේරම ටික කලවම් කරල වතුරත් එකතු කරන්න මස් වැහෙන්න,ඊලගට පියනකින් වහල තැම්බෙන්න තියන්න. 

ඒක තැම්බෙනකන් ගන්න ලීක්ස් කැරට් ඒක. ඒ ටික හීනියට ලියාගන්න. 
ඊලගට ඉස්සො ටික සුද්ද කරගෙන සෝදල කහ ලුණු අතගාල පැත්තකින් තියන්න.

ඉගුරු සුදු ලූණු ටිකත් තලාගන්න,
දැන් ගන්න අර ඉතුරු කරගත්ත මස් ටික. අර 50g ගානෙ තියාගත්තෙ, ආ ඒක තමා මේක, 
ඒ මස් ටික අරන් පොඩි කෑලි කපන්න, කපල ඒවට ලුණු ටිකක්, කහ ටිකක්, මිරිස් කුඩු ටිකක්, 
විනාකිරි ස්වල්පයක් හෝ දෙහි යුශ ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, ම්ම්ම්ම් ටිකක් මදි තව ටිකක් දාමු, 
තියනවනම් සෙසමි ඔයිල් බිංදු දෙක තුනක් එකතු කරල කලවම් කරන්න හොදට, 
දැන් ඒකත් ඉස්සො එක ගාවින් තියන්න දෙකම සීසන් වෙන්න,

දැන් දැවෙන ප්‍රශ්ණයක් මේ මස් ඇයි වෙනම ලෑස්ති කරන්නෙ කියල. මං මෙහෙම මස් වෙනම ලෑස්ති කලේ රසේ වෙනසක් ගන්න. 
ඒ වගේම මේ ටික ටිකක් සැරට ගන්න ඕන නිසයි.

හරි එහෙනම් දැන් අඩුම කුඩුම ලෑස්තීනෙ, තැම්බෙන්න තිබ්බ මස් එකත් දැන් තැම්බිල ඇති නේද? 
එහෙනම් දැන් ඒ බාජනේ ලිපෙන් බාල, මස් ටික වෙන් කරගෙන, වතුර ටික පෙරාගන්න, 
වතුර ටික පෙරාගෙන විසි කරන්න ඒම එපා. ඒක ඕන... දැන් හාල් ටික සෝදල 
අර මස් තම්බගත්ත ස්ටොක් එකෙන් බත උයාගන්න. ස්ටොක් එකේ රස පොඩ්ඩක් බලල රස 
අනුව බත් එකට ලුණු එකතුකරන් බත උයාගන්නකෝ

දැන් බත ඉදෙනකන් තම්බාගත් ඌරු මස් හා හරක් මස් කුඩා කෑලි වලට කපාගන්න, 
චිකන් එක තීරු විදිහට ඉරාගන්න, 
දැන් මේ මස් ටිකත් පැත්තකින් තියන්න, 
දැන් ගන්න අර සීසන් වෙන්න තිබ්බ මස් ටික. 
ඒ ටික ගැබුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැදගන්න,  ඌරු මස් බදිද්දි කල්පනාවෙන් තෙල් විසිවෙන්න පුලුවන්, 
ඒ ටික බැදගත්තට පස්සෙ අර තම්බාගෙන කපාගත් හරක් මස් සහ ඌරු මස් ටිකත් බැදගන්න 
හැබැයි මේව කලින් බැද්ද ඒව වගේ රන්වන් පාට වෙනකන් බැදගන්නෙ නෑ පොඩ්ඩක් බැදෙන්න ඇරල ගන්නව. 
මොකද මේව දැනටමත් තැම්බිල තියන හින්ද.

හරි දැන් සේරම බැදගෙන අවසානයි බත් එකත් දැන් ඉදිලනෙ. බත් එක ඉදුනම හොදට කලවම් කරන්න 
ඇට එකින් එක ඇලෙන්නෙ නැතිවෙන්න. කූරු ගාන්නෙ නැතුව තිබ්බොත් බත් එක කෝම්පිට්‍ටු වගේ වෙයි,
දැන් එහෙනම් වැඩේ පට්ටාන්ගමු, මෙක හොදටම වෙන්නනම් හොදට ගින්දර සැර එන ලිපක් එක්ක අතපය දිග ඇරල 
බත් කලවම් කරන්න පුලුවන් භාජනයක් ඔනෙ රයිස් එක දාන්න.
මේ මං වගේ ඉලෙක්ට්‍රික් ලිපේ පොඩි බාජන වල හදන අයත් දත කට මැදගෙන දැන් හදන්න බලන් ඉන්නවනෙ. සැලෙන්න එපා අපිටත් පුලුවන්
ඒ අයට කරන්න තියෙන්නෙ කීප සැරයකට බත් එක හදාගන්න එක. ඒ කියන්නෙ එකපාර කලවම් කරන්නෙ නැතුව. 

එහෙම කියන්න හේතුව ෆ්‍රයිඩ් රයිස් එකක් කියන්නෙ ෆ්‍රයිඩ් උන බතක් වෙන්න එපැයි, ඒකට හොදට ඉඩකඩ තියෙන්න ඕනෙ. 
භාජනය පොඩි වෙලා බත් ගොඩ උනොත් බත් එක ෆ්‍රයිඩ් වෙන්නෙ නෑ තව තැම්බෙන එකයි වෙන්නෙ. පැහැදිලී.... සතුටූයි...

දැන් බාජනය ලිපේ තියල ගින්දරත් වැඩිම කරල තෙල් ටිකක් එකතු කරන්න. තෙල් ටික රත් වෙද්දි ඉස්සො ටික එකතු කරන්න. 
ඉස්සො ටික ටිකක් ෆ්‍රයි වෙද්දි ඉගුරු සුදුලූණු එකතු කරන්න.
මුලින්ම ඉගුරු සුදුලූණු එකතු කලානම් කන්න වෙන්නෙ කර උන ඉගුරු සුදුලූණු තමා,

ඉගුරු සුදුලූණු එකතු කරනාවත් එක්කම බිත්තර එකතු කරන්න.
බිත්තරත් එකතු කෙරුව ගමන් ඒ ටික කලවම් කරන්න එතකොට බිත්තර එක ලොකු කෑලි හිටින්න එනව. 
අර ස්ක්‍රැම්බල් කියල සිංහලෙන් කියන්නෙ ආන් ඒක් වෙනව

ඊලගට මේකට එකතු කරන්න එලවලු. ඒ කිවුවෙ හීනියට කපාගත්තු ලීක්ස් කැරට් ටික. 
මේ ටික ටිකක් තෙම්පරාදු වෙද්දි එකතු කරන්න බත්, බත් එකතු කරල කෑලි මිරිස් කුඩු එකතු කරන්න. 
බැදගත් මස් එකතු කරන්න, දැන් ඉතින් හොදට කලවම් කරන්න තමා තියෙන්නෙ. 
වැඩිම ගින්දරේ හොදට බත් එක කලවම් කරන්න ටිකක් වෙලාවක්. බත් ඇට චට පට ගාල පුපුරන්න රස්නෙ 
තියනවනම් තමා නියම ගාන. ඔන්න එහෙනම් බත හදල අහවරයි.

හසින්ත මදුෂාන් ගේ වෙනත් කෑම වට්ටෝරු


මික්ස් රයිස්
හසින්ත මදුෂාන්
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 797
දියබත්
By Ishara Sajani Kavinga
Views - 274
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 510
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 880
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 866
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8585
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8191
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8001
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5951
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5896
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'