කුකුල් මස් ඩෙවල්
- ගයාන් එරන්දක විසිණි.
අවශ්‍ය ද්‍රව්‍ය
කටු රහිත කුකුල් මස් 500ග්‍රෑම්
බැදගැනීමට තෙල්
චොප් කරගත් සුදුළූනු , ඉගුරු , ලූනූ
සේර කැබැල්ලක් ( අවශ්‍යම නැත )
ලූනූ ගෙඩියක්
මාළුමිරිස් කරල් 4ක්
ලීක්ස් 1ක්
තක්කාලි ගෙඩියක්
ලුනු , ගම්මිරිස්
මිරිස් කුඩු තේ හැන්දක්
කෑලි මිරිස් කුඩු තේ හැන්දක්
තක්කාලි සෝස් මේස හැදි 3ක්
සෝයා සෝස් මේස හැන්දක්
ඔයිස්ටර් සෝස් මේස හැන්දක්
සාදාගන්නා ආකරය
මුලින්ම කුකුල් මස් ටික කැබලි කර සෝදා වතුර බේරුන පසු එයට ලුනු කුඩු ස්වල්පයක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් සහ මිරිස්කුඩු ස්වල්පයක් දමා පැය බාගයක් පමන මැරිනේට් කර.. ගැඹුරු තෙලේ හොදින් බැදගෙන එය පසෙකින් තබා ගන්න..
භාජනයකට තෙල් මේස හැදි 2ක් පමන දමා එය රත්වීගෙන එනවිට එයට සුදුළූනු, ඉගුරු, ලූනු, සේර ටික දමා රන්වන් පාට වන තෙක් බැදෙන්න හරින්න.. ඉන්පසු එයට මිරිස් කුඩු, කෑලි මිරිස් කුඩු සහ සීනි ස්වල්පයක් දමා කලවම් කරගන්න..
එම මිශ්‍රනයට බැද ගත් මස්, සෝස් වර්ග ටික සහ ලූනු ටිකද දමා හොදින් කලවම් කර ස්වල්ප වේලාවකින් ලීක්ස් සහ මාලු මිරිස්, තක්කාලි ටික එකතු කර හොදින් කලවම් කර රස පදමට ලුනුද එකතු කර ලිපෙන් බාගෙන.. පිලිගන්වන්න!!
![]() By Niranjala Fernando Views - 3 |
![]() By Kanchana Jayasekara Views - 635 |
![]() By Wishmi Views - 519 |
![]() By Kanchana Jayasekara Views - 540 |
![]() By Kanchana Jayasekara Views - 311 |
![]() By Indunee Welivita Views - 7615 |
![]() By Shiki Ranasinghe Views - 6964 |
![]() By Ruwanthika Madushani Views - 6140 |
![]() By Dilini Madushika Views - 5141 |
![]() By Chathurani Priyangika Views - 5116 |